Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 28–මැයි 4

හිතෝපදේශ 11

අප්‍රියෙල් 28–මැයි 4

ගීතිකාව 90 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. කියන්න එපා!

(විනා. 10යි)

“අසල්වැසියාට” හානියක් වෙන දෙයක් කියන්න එපා (හිතෝ 11:9; w02 5/15 26 4¶)

බෙදීම් ඇති කරන දෙයක් කියන්න එපා (හිතෝ 11:11; w02 5/15 27 2-3¶)

රහසිගත දෙයක් කියන්න එපා (හිතෝ 11:12, 13; w02 5/15 27 5¶)

මේ ගැන හිතලා බලන්න. හානිකර කතාබහෙන් ඈත් වෙලා ඉන්න ලූක් 6:45 යේසුස් කියපු දේ උදව් වෙන්නේ කොහොමද?

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 11:17—කරුණාවන්ත වෙන එකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද? (g20.1 11, කොටුව)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 11:1-20 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. කෙනෙක් එක්ක කතා කරකර ඉද්දී ළඟදී රැස්වීමකින් ඉගෙනගත්ත දෙයක් බෙදාගන්න පුළුවන්ද කියලා බලන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. ඉගැන්වීම් කට්ටලේ තියෙන වීඩියෝ එකක් පෙන්නන්න. (lmd 8 පාඩමේ 3 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 4යි) පොදු සේවය. බයිබල් පාඩමක් කරන්න කැමතිද අහලා පාඩම කරන විදිහ පෙන්නන්න. (lmd 10 පාඩමේ 3 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 157

7. සාමය බිඳලා දාන්න දිවට ඉඩ දෙන්න එපා!

(විනා. 15යි) සාකච්ඡාවක්.

අපි පව්කාරයන් නිසා අපේ කටින් වැරදි දේවල් පිට වෙනවා. (යාකො 3:8) ඒත් ඒ වගේ දෙයක් කියන එකෙන් වෙන හානිය ගැන හිතුවොත් පසුතැවෙන්න වෙන දෙයක් නොකිය ඉන්න අපිට උදව් වෙනවා. සභාවේ සාමය බිඳලා දාන්න පුළුවන් මොන වගේ කතාබහකටද?

  • පම්පෝරි ගහන එක. එහෙම කරන්න ගියොත් අනිත් අය අපිත් එක්ක තරඟ කරන්න පෙලඹෙයි. එයාලාගේ හිතේ ඉරිසියාවකුත් ඇති වෙයි.—හිතෝ 27:2

  • වංක කතාබහ. කෙළින්ම බොරු කියන එක විතරක් නෙවෙයි තව කෙනෙක්ව නොමඟ යවන්න හිතාමතාම කියන දේවලුත් මේකට ඇතුළත්. පොඩි බොරුවකට වුණත් පුළුවන් අපි ගැන තියෙන විශ්වාසය සහ අපේ හොඳ නම කුඩු කරලා දාන්න.—දේශ 10:1

  • ඕපාදූප. අනිත් අය ගැන, එයාලා කරන කියන දේවල් ගැන එක දෙක කරලා කතා කරන එක නැත්නම් එයාලාගේ පෞද්ගලික දේවල් අනවශ්‍ය විදිහට කතා කරන එක. (1තිමෝ 5:13) ඒකෙන් රණ්ඩු සරුවල්, බෙදීම් ඇති වෙන්න පුළුවන්

  • කේන්තියෙන් කතා කරන එක. තොරතෝංචියක් නැතුව කටට එන දේවල් අපිට වැරැද්දක් කරපු කෙනෙක්ට කියන එක. (එෆී 4:26) ඒකෙන් හිත් රිදෙන්න පුළුවන්.—හිතෝ 29:22

‘සාමයට බාධා වෙන දේවල් “අහක දාන්න” - කෙටි වීඩියෝව’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • අපි අතර තියෙන සාමය බිඳෙන්න පුළුවන් විදි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

නැති වුණ සාමය ආයේ ඇති කරගත්තේ කොහොමද කියලා දැනගන්න “සමාදානය සොයා එය ලුහුබඳින්න” කියන වීඩියෝ එක බලන්න.

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 10 පරි. 5-12¶

සාරාංශය (විනා. 3යි) | 2025 තුන්දින සමුළුවේ ගායනා කරන අලුත් ගීතිකාව සහ යාච්ඤාව