ජනවාරි 8-14
යෝබ් 34-35
ගීතිකා අංක 30 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. ආසාධාරණයටම තමයි තැන කියලා හිතෙද්දී
(විනා. 10යි)
යෙහෝවා අතින් කවදාවත් අසාධාරණයක් වෙන්නේ නැහැ (යෝබ් 34:10; wp19.1 8 2¶)
දුෂ්ටයෝ වැරදි කරලා බේරෙනවා වගේ පෙනුණත් එයාලට යෙහෝවාගෙන් බේරෙන්න බැහැ (යෝබ් 34:21-26; w17.04 10 5¶)
අසාධාරණයට ගොදුරු වුණ අයට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ තමයි යෙහෝවා ගැන එයාලට කියලා දෙන එක (යෝබ් 35:9, 10; මතෙ 28:19, 20; w21.05 7 19-20¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෝබ් 35:7—“දෙවි කවදාවත් ඔබෙන් උදව්වක් ඉල්ලා තිබෙනවාද” කියලා අහපු එකෙන් එලිහු අදහස් කළේ මොකක්ද? (w17.04 29 3¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෝබ් 35:1-16 (th 10වෙනි පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. එයා කැමති වෙලාවක, කැමති තැනකදී ඒක කරන්න ඔයාගේ වෙලාව හදාගන්න උත්සාහ කරන විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. jw.org එකෙන් දෙමව්පියන්ට ප්‍රයෝජනවත් වෙන තොරතුරු හොයාගන්න පොඩි දරුවන් ඉන්න කෙනෙක්ට උදව් කරන විදිහ පෙන්වන්න. (th 13වෙනි පාඩම)
6. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 5යි) lff 13 පාඩමේ 5 කරුණ (th 6වෙනි පාඩම)
ගීතිකා අංක 58
7. අවිධිමත් විදිහට “දේශනා කරන්න” ඔයාට ආසාවක් තියෙනවාද?
(විනා. 15යි) සාකච්ඡාවක්.
“දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න” කියලා පාවුල් තිමෝතිට කිව්වා. (2තිමෝ 4:2) “උදාසීන නොවී උද්‍යෝගයෙන්” දේශනා කරන්න කියද්දී පාවුල් පාවිච්චි කරලා තියෙන ග්‍රීක යෙදුම හමුදාවේ පාවිච්චි කරපු එකක්. ඒකෙන් විස්තර කෙරුවේ සෙබළෙක් නැත්නම් මුරකරුවෙක් ඕන වෙලාවක ලෑස්ති පිට ඉන්න ඕනෙ කියලයි. පාවුල් කියපු විදිහට අපිත් කරන්න ඕනෙ ඒකමයි. සාමාන්‍ය කතාබහක් සාක්ෂි දරන්න අවස්ථාවකට පෙරළගන්න අපිත් ඕන වෙලාවක ලෑස්ති පිට ඉන්න ඕනේ.
යෙහෝවාගේ ලස්සන ගුණාංග ගැන අනිත් අයට කියන්න යෙහෝවා ගැන අපිට තියෙන ආදරේ වගේම ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතේ තියෙන අගය අපිව පොලඹවනවා.
ගීතාවලිය 71:8 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
ඔයා අනිත් අයට කියන්න කැමති යෙහෝවා ගැන මොන වගේ දේවල්ද?
අවිධිමත් විදිහට සාක්ෂි දරන්න අපිව පොලඹවන්නේ මිනිස්සුන්ට තියෙන ආදරයයි.
‘අවිධිමත් සාක්ෂි දැරීමකින් සිය ගාණකගේ ජීවිත වෙනස් වුණා’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
සිය ගාණකට සත්‍යය හොයාගන්න අවිධිමත් සාක්ෂි දැරීමක් උදව් වුණේ කොහොමද?
සත්‍යය දැනගත්තාට පස්සේ එයාලට ලැබුණ ප්‍රයෝජන මොනවාද?
මිනිස්සුන්ට තියෙන ආදරේ අවිධිමත්ව සාක්ෂි දරන්න තියෙන බය නැති කරන්නේ කොහොමද?
යෙහෝවා ගැන කියන්න අවිධිමත්ව සාක්ෂි දැරීම හොඳ ක්‍රමයක් කියලා ඔයා හිතන්නේ ඇයි?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) ia 6 පරි. 1-14¶