පැනයට පිළිතුර බයිබලයෙන්
පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ අරමුණක් ඇතුවද?
අපේ පෘථිවිය තරම් ජීවත් වෙන්න සුදුසු තැනක් තවත් නැහැ. ජීවීන්ට අත්‍යවශ්‍ය ජලය ඕන තරම් තියෙනවා. පෘථිවිය ඇල වෙලා තියෙන නිසාත් භ්‍රමණය වෙන නිසාත් නිශ්චිත ගමන් මගක ගමන් ගන්නා නිසාත් කිසිමදාක සාගර ජලය මිදෙන්නෙවත් අධික ලෙස උණුසුම් වෙන්නෙවත් නැහැ. වායුගෝලය හා චුම්බක ක්ෂේත්‍රය නිසා අහිතකර කිරණවලින් පෘථිවිය ආරක්ෂා වෙනවා. සතුන් සහ ශාක එකිනෙකා මත රඳා සිටින ආකාරය හරිම අපූරුයි. ඒ නිසා හුඟක් අයගේ නිගමනය පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ අරමුණක් ඇතුව කියලයි.
එහෙමනම් ‘මිනිසුන් අද්දකින දුක් වේදනා හා අයුක්තිය ඒ අරමුණේ කොටසක්ද’ කියලා ඔබට හිතෙයි.
පොළොව සඳහා ඇති අරමුණ ඉටු වෙයිද?
අපේ නිර්මාතෘටත් එකිනෙකාටත් ප්‍රේම කරමින් සතුටින් ජීවත් වෙන්න පුළුවන් නිවහනක් විදිහටයි පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා සතුන්ට වඩා මිනිසුන්ගේ ජීවිතවලට උසස් අරමුණක් තියෙනවා. අපිට අපේ නිර්මාතෘ කවුද කියලා දැනගන්නත් ඔහු පෙන්වන ප්‍රේමය හා යුක්තිය අගය කරන්නත් ඒවා අනුකරණය කරන්නත් හැකියාව තියෙනවා.
දෙවියන් අරමුණු කළ ඒ හැම දෙයක්ම ඉටු කරන්න ඔහුට පුළුවන්. මිනිසුන් අද්දකින දුක් වේදනා හා අයුක්තිය ඔහු සම්පූර්ණයෙන්ම ඉවත් කරයි කියලත් මේ පොළොව අපිට සතුටින් ඉන්න පුළුවන් ලස්සන තැනක් කරයි කියලත් නිසැක වෙන්න පුළුවන්.