හිතේ සිත්තම් මවන පාට
පලතුරක් දිහා බලලා ඒක ඉදිලාද නැද්ද කියලා තීරණය කරන්න අපිට පුළුවන්. අහස දිහා බලලා අද වහීද නැද්ද කියලා කියන්න පුළුවන්. මේ සඟරාවේ තියෙන අකුරු දිහා බලලා කියවන දේ තේරුම්ගන්නත් පුළුවන්. ඒ හැම දේකටම අපිට උදව් වෙන්නේ ඇස් දෙක සහ මොළයයි. ඒත් අපේ ඇස් දෙකට සහ මොළයට තොරතුරු ලබාගන්න උදව් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි පාට.
ටිකකට හිතන්න, පලතුරක් ඉදිලාද නැද්ද කියලා අපි දැනගන්නේ ඒකේ පාට දිහා බලලයි. අහස දිහා බලලා අද වහීද නැද්ද කියලා තීරණය කරන්නේ වලාකුළුවල පාටෙනුයි. ඒ වගේම මේ සඟරාවේ තියෙන අකුරු පැහැදිලිව කියවන්න පුළුවන් වෙන්නේ අකුරුවල පාට සහ පසුබිමේ පාට අතර තියෙන වෙනස නිසයි. ඒකෙන් තේරෙන්නේ තොරතුරු මනසට ඇතුල් කරගන්න පාට කොච්චර උදව් වෙනවද කියලයි. ඒ විතරක් නෙමෙයි පාට අපේ හැඟීම්වලටත් බලපානවා.
හැඟීම්වලට බලපාන පාට
වෙළඳසැලකට ගිය අවස්ථාවක් ගැන ටිකක් හිතන්න. හිත් ඇදගන්නා ඇසුරුම්වල දාපු බඩුවලින් රාක්ක පිරිලා තිබෙනවා ඔබ දැකලා ඇති. ප්‍රචාරණ ආයතන ඒ ඇසුරුම්වලට යොදාගන්න පාට තෝරගන්නේ පාරිභෝගිකයා ගැන හොඳින් හිතලා බලලා කියලා ඔබ දැනගෙන හිටියද? පාරිභෝගිකයාගේ වයස, රුචිකත්වයන් සහ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද යන තොරතුරු අනුව ඔවුන් ඒ ඇසුරුම්වලට යොදාගන්න පාට තීරණය කරනවා. මිනිසුන්ගේ හිත් ඇදගන්න පාටවලට තියෙන පුදුමාකාර හැකියාව ගෘහ අලංකරණයේ නිරත වෙන අය, ඇඳුම් නිර්මාණ ශිල්පීන් වගේම චිත්‍ර ශිල්පීනුත් යොදාගන්නවා.
සංස්කෘතිය සහ චාරිත්‍ර වාරිත්‍ර අනුව පාටවලින් කෙනෙකුගේ හිතේ මැවෙන දේ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට ආසියාවේ ජීවත් වන බොහෝදෙනෙකුට රතු පාට කියන්නේ උත්සව හෝ වාසනාව හා බැඳුණු පාටක්. නමුත් අප්‍රිකාවේ සමහර අයට රතු පාට කියන්නේ ශෝකය ප්‍රකාශ කරන පාටක්. එවැනි වෙනස්කම් තිබුණත් බොහෝ අවස්ථාවලදී සමහර පාට අපි කාගෙත් හිත්වල ඇති කරන්නේ එක වගේ හැඟීමක්. මේ උදාහරණ බලන්න.
රතු පාට කියන්නේ කැපිලා පෙනෙන පාටක්. ශක්තිය, යුද්ධය සහ අනතුරු ඇඟවීම සඳහා බොහෝවිට යොදාගන්නේ රතු පාටයි. ඒක අපේ හැඟීම්වලට තදින් බලපාන පාටක්. හුස්ම ගැනීම වේගවත් කරන්නත් රුධිර පීඩනය වැඩි කරන්නත් රතු පාටට හැකියාව තියෙනවා.
හෙබ්‍රෙව් භාෂාවෙන් “රතු” කියන වචනය හැදිලා තියෙන්නේ “රුධිරය” කියන තේරුම ඇති වචනයකිනුයි. දෙවියන්ට අපහාසයක් ගෙන දෙන නම් ඇඟ පුරාම තියෙන තද රතු පාට මෘගයා හා ඌ පිට ඉන්න මිනී මරු ගණිකාව විස්තර කිරීමට බයිබලයේ රතු සහ තද රතු පාට යොදාගෙන තියෙන්නේ ඒ නිසයි.—එළිදරව් 17:1-6.
කොළ පාටින් සිද්ධ වෙන්නේ රතු පාටින් සිද්ධ වෙනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. කොළ පාට අපේ හිත්වල ඇති කරන්නේ හරිම නිස්කලංක හැඟීමක්. ඒ නිසා තමයි කඳුකර පළාතකට ගියාම අපිට ලොකු සැහැල්ලුබවක්, නිස්කලංකබවක් දැනෙන්නේ. බයිබලයේ කියන්නේ කොළ පැහැති ගස් කොළන්, තණකොළ සහ පැළෑටි යන මේ හැම දේම දෙවියන් නිර්මාණය කළා කියලයි.—උත්පත්ති 1:11, 12, 30.
සුදු පාට හුඟක් වෙලාවට ආලෝකය, සාමය සහ පිරිසිදුකම හා බැඳුණු පාටක්. ඒ වගේම යහපත්කම, නිර්දෝෂකම සහ නිර්මලකම විස්තර කිරීමටත් සුදු පාට යොදාගන්නවා. බයිබලයේ විවිධ පාට ගැන සඳහන් වුණාට වැඩියෙන්ම සඳහන් වෙලා තියෙන්නේ සුදු පාට ගැනයි. දේවදූතයන් සහ යොහන් 20:12; එළිදරව් 3:4; 7:9, 13, 14) ඒ වගේම පිරිසිදු සුදු ලිනන් වස්ත්‍රවලින් සැරසිලා සුදු අශ්වයන් පිට එන සේනාවක් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. ඒකෙන් සංකේතවත් වෙන්නේ යුක්තිය වෙනුවෙන් කරන ධර්මිෂ්ඨ යුද්ධයක්. (එළිදරව් 19:14) දෙවියන් අපේ පව්වලට සමාව දෙන ආකාරය විස්තර කිරීමටත් සුදු පාට යොදාගෙන තිබෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ “ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි” කියලයි.—යෙසායා 1:18.
මිනිසුන් සුදු වස්ත්‍රවලින් සැරසී ඉන්න ආකාරය විස්තර කරන දර්ශන බයිබලයේ සඳහන් වෙනවා. ඒකෙන් සංකේතවත් වෙන්නේ ඔවුන් දෙවියන් ඉදිරියේ පවිත්‍ර මෙන්ම ධර්මිෂ්ඨ තත්වයක ඉන්නවා කියන එකයි. (මතකය අවදි කරන පාට
යම් දේවල් විස්තර කරන්න බයිබලයේ විවිධ පාට යොදාගෙන තියෙන විදිහෙන් පැහැදිලි වෙන්නේ පාටවලින් අපේ හිතේ ඇති වෙන හැඟීම් ගැන දෙවිට කොච්චර හොඳ අවබෝධයක් තියෙනවද කියලයි. ඒ නිසා යම් දේවල් මතකයේ රඳවගන්න අපිට උදව් කිරීමට දෙවියන් විවිධ පාට යොදාගන්නවා. ඒක තේරුම්ගන්න අශ්වයන් හතරදෙනෙකු ගැන බයිබලයේ එළිදරව් පොතේ සඳහන් උදාහරණයක් අපි බලමු.
මුලින්ම සඳහන් වෙන්නේ සුදු පාට අශ්වයෙකු ගැනයි. ඒ අශ්වයාගෙන් සංකේතවත් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් දුෂ්ටකම නැති කිරීමට ධර්මිෂ්ඨකමින් කරන යුද්ධයයි. දෙවෙනියට සඳහන් වෙන්නේ ගින්දර පාට අශ්වයෙක් ගැනයි. ඒ අශ්වයාගෙන් සංකේතවත් වෙන්නේ මේ කාලයේ පොළොවේ සිද්ධ වෙන යුද්ධයි. තුන්වෙනියට සඳහන් වෙන්නේ කලු පාට අශ්වයෙක් ගැනයි. ඒ අශ්වයාගෙන් සංකේතවත් වෙන්නේ පොළොවේ ඇති වෙන සාගතයි. අවසානයටම එන්නේ සුදුමැලි අශ්වයෙක්. “ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාගේ නම මරණයයි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ එක් එක් අශ්වයන්ව විස්තර කිරීමට යොදාගෙන ඇති පාට නිසා එයින් සංකේතවත් වෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්නත් ඒක අපේ මතකයේ රඳවාගන්නත් පහසුයි.—එළිදරව් 6:1-8.
බයිබලයේ තියෙන එවැනි උදාහරණවලින් පැහැදිලි වෙන්නේ අපට යම් දේවල් අවබෝධ කරලා දෙන්න දෙවියන් දක්ෂ විදිහට පාට යොදාගන්න බවයි. තොරතුරු මනසට ගන්නත් ඒවා මනසේ රඳවගන්නත් පාට අපට උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි පාට අපේ හැඟීම්වලටත් බලපානවා. පාට, අපේ ජීවිතය තවත් ලස්සන කරන්න දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්.