ආබ්‍රහම් නිහතමානී මිනිසෙක්
ආබ්‍රහම් නිහතමානී මිනිසෙක්
අව් රශ්මිය තදින්ම දැනුණු වෙලාවක, විශාල ගස් අසල සාදා තිබූ තම කූඩාරමේ ආබ්‍රහම් ඉඳගෙන සිටියා. ඒ අවස්ථාවේදී අමුත්තන් තිදෙනෙකුව ඔහුගේ නෙත ගැටුණා. * එවිට ඔවුන් වෙතට දිව ගිය ආබ්‍රහම් ඔවුන්ට ගස යටට වී ටිකක් විවේක ගන්න කියාත් ඔවුන්ට කන්න රොටි ගෙනත් දෙන්නම් කියාත් පැවසුවා. නමුත් ඔහු ඔවුන්ට දුන්නේ මොනවාද කියා බලන්න. ඒ වෙලාවේම පිළියෙල කරගත් රොටි, මස්, වෙඬරු සහ කිරි වගේ දේවලින්ද ඔහු ඔවුන්ට සංග්‍රහ කළා. ආබ්‍රහම් ආගන්තුක සත්කාරයට ළැදි කෙනෙක් බව එම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි ඔහු ඉතා නිහතමානී කෙනෙක් බවත් පෙන්නුවා. ඒ කොහොමද කියා දැන් අපි බලමු.—උත්පත්ති 18:1-8.
නිහතමානී කෙනෙක්: නිහතමානී කෙනෙක් තමන් අන් අයට වඩා උසස් කියා සිතන්නේ නැහැ. (ෆිලිප්පි 2:3) එවැනි කෙනෙක් අන් අයගේ යෝජනාවලට සවන් දෙන අතර ඒවා පිළිපැදීමට පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම ඔහු අන් අය වෙනුවෙන් සේවය කිරීමට නිතරම සූදානමින් සිටිනවා.
ආබ්‍රහම් නිහතමානිකම පෙන්වූ ආකාර: ආබ්‍රහම් අන් අයට සේවය කළේ කැමැත්තෙන්මයි. ඉහත සඳහන් සිද්ධියේදී අමුත්තන් තිදෙනාව දුටු සැණින් ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දීමට ඔහු පෙලඹුණේ ඒ නිසයි. ඔහුගේ බිරිඳ වූ සාරාද අමුත්තන්ට ඉක්මනින්ම කෑම පිළියෙල කර දුන්නා. මේ සියල්ලට ආබ්‍රහම් මූලිකත්වය ගත් ආකාරය බලන්න. අමුත්තන්ව මුණගැසීමට ගියේ ඔහුයි. අමුත්තන්ට කෑම වේලක් දෙන්න ඉදිරිපත් වුණේ ඔහුයි. සත්ව රැළ වෙතට දිව ගොස් කෑමට සුදුසු එකෙක්ව ඉන් තෝරාගත්තේ ඔහුයි. කෑම පිළිගැන්වූයෙත් ඔහුයි. එලෙස අමුත්තන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීමට ඔහු වගබලා ගත්තා. ඒ සෑම කාර්යයක්ම තමන්ගේ සේවකයන්ට පවරනවා වෙනුවට ඔහුම ඒ දේවල් කළා. එසේ කිරීම මදිපුංචිකමක් කියා ඔහු සිතුවේ නැහැ.
ආබ්‍රහම් තමන් යටතේ සිටි අයගේ යෝජනාවලට හොඳින් සවන් දුන්නා. ඔහු සහ ඔහුගේ උත්පත්ති 16:2; 21:8-14) ඉන් එක් අවස්ථාවකදී සාරා පැවසූ දෙයක් නිසා ‘ආබ්‍රහම් දැඩි ලෙස අමනාප වුණා.’ නමුත් සාරා පැවසුවේ වැදගත් දෙයක් නිසා ඊට සවන් දෙන්න කියා යෙහෝවා දෙවි, ආබ්‍රහම්ට පැවසූ විට ඔහු නිහතමානී ලෙස එය පිළිගෙන ඇය පැවසූ දේ කළා.
බිරිඳ අතර ඇති වූ සංවාදයන් ගැන සඳහන් වෙන්නේ ඉතා ස්වල්පයක් පමණයි. ඒ අතරින් අවස්ථා දෙකකදීම ඔහු සාරාට ඇහුම්කන් දුන් බව සඳහන් වෙනවා. (අපට ගත හැකි පාඩම්: අපටත් හැකියි ආබ්‍රහම් මෙන් සතුටින් අන් අයට උපකාර කරන්න. අන් අයගේ යහපත වෙනුවෙන් අප අපේ උපරිමය කරනවා නම් අපටත් සතුටක් ලැබිය හැකියි.
අප නිහතමානී නම් අන් අයගේ යෝජනාවලට කැමැත්තෙන්ම සවන් දීමට පෙලඹෙනවා. තමන්ගේ යෝජනාවලට වඩා හොඳ යෝජනාවක් වෙන කෙනෙක් ඉදිරිපත් කරන විට නිහතමානී කෙනෙක් ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. (හිතෝපදේශ 15:22) වගකීම් දරන අය එවැනි ආකල්පයක් දැරීම ඉතා වැදගත්. වැඩ බලන නිලධාරියෙක් වූ ජෝන් ඒ ගැන මෙසේ පැවසුවා. “කෙනෙක් නිහතමානී නම් තමා යටතේ සේවය කරන අයගේ යෝජනාවලට ඔහු සවන් දෙනවා. ඒ වගේ කෙනෙක් ළඟට ගිහින් තමන් හිතන දේ කියන්න සේවකයන්ද භය වෙන්නේ නැහැ.”
අපත් ආබ්‍රහම් මෙන් අන් අයගේ යෝජනාවලට කැමැත්තෙන්ම සවන් දෙනවා නම් අපටත් යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගත හැකියි. ඊට හේතුව යෙහෝවා දෙවි කරුණාව පෙන්වන්නේ යටහත්පහත් අයට පමණක් වීමයි.—1 පේතෘස් 5:5.
[පාදසටහන]
^ 2 ඡේ. අමුත්තන් ලෙස පැමිණ සිටියේ දේවදූතයන් බව ආබ්‍රහම් දැන සිටියේ නැහැ.—හෙබ්‍රෙව් 13:2.