ගැටලුවලින් පිරි ලොවක සැනසීම ලැබිය හැකිද?
ගැටලුවලින් පිරි ලොවක සැනසීම ලැබිය හැකිද?
යුද්ධ, දේශපාලනික අරගල, ජාතිවාදය හා ත්‍රස්තවාදය අද දසත පැතිරී තිබෙනවා. එමෙන්ම අපරාධ, හිරිහැර, ව්‍යාපාරිකයන් හා අසල්වැසියන් අතර ඇති වන අමනාපකම් වැනි දේවල් නිසා සමහරු පීඩා විඳිනවා. එපමණක්ද නොව බොහෝ පවුල් අතර පවා සාමකාමී වාතාවරණයක් දකින්න නැහැ. එවැනි හේතූන් මැද ජීවත් වන අයට සැනසීමක් අද්දැකිය හැකිද?
සිතට යම් සහනයක් ලබාගැනීමට බොහෝදෙනා විවිධ ක්‍රම අත්හදා බලනවා. සමහරුන් ආගම තුළින් හෝ යෝග වැනි භාවනා ක්‍රම තුළින් සහනයක් ලබාගත හැකියි කියා සිතනවා. එමෙන්ම තවත් අය වනාන්තර ප්‍රදේශවල ඇවිදිමින් කඳු තරණය කරන්නේ සොබා සෞන්දර්යය තුළින් සිතට යම් සහනයක් ලබාගත හැකි බව විශ්වාස කරන නිසයි. කෙසේවෙතත් විවිධ ක්‍රම තුළින් මිනිසුන් සැනසීමක් ලබන්න උත්සාහ කළත් ඉන් ලැබෙන සැනසීම තාවකාලිකයි.
එසේනම් සිතට සැනසීම ලබාගත හැක්කේ කෙසේද? එය ලබාගත හැක්කේ යෙහෝවා දෙවි ලබා දෙන සමාදානය තුළින් පමණයි. ඊට හේතුව ඔහු “සමාදානය දෙන දෙවි” වීමයි. (රෝම 15:33) නුදුරු අනාගතයේදී ඔහුගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන විට මුළු පොළොවේම “බොහෝ සමාදානය” තිබේවි. (ගීතාවලිය 72:7, නව ලොව පරිවර්තනය, NW; මතෙව් 6:9, 10) ඒ කාලයේදී දෙවි සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන අතර කිසිවෙක් යුද්ධ ඉගෙනගන්නේද නැහැ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 46:8, 9; යෙසායා 2:4) එදාට සියලුදෙනාටම සැබෑ සාමය අද්දැකීමට හැකි වන අතර එය සදහටම පවතිනවා.
නමුත් දැන් අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු හමුවේ අපට සහනය අද්දැකිය හැකිද? ඔව්! එය අද්දැකීමට ෆිලිප්පි පොතේ 4:4-13 දක්වා ඒ සම්බන්ධයෙන් ලබා දී තිබෙන මඟ පෙන්වීම් කිහිපයක් සලකා බලමු.
බයිබලයේසැනසීමට මඟ
ෆිලිප්පි 4:7හි මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” අපට සැනසීම අද්දැකිය හැකි වන්නේ දෙවිගෙන් ලැබෙන සමාදානය තුළින් පමණයි. එය භාවනා කිරීමෙන් හෝ සිත දියුණු කරගැනීමෙන් ලබාගන්න බැහැ. දෙවිගෙන් ලැබෙන සමාදානය කොතරම් ප්‍රබලද කිවහොත් අපට පැමිණෙන ඕනෑම ප්‍රශ්නයක් හමුවේ සාමකාමීව කටයුතු කිරීමට උපකාර කිරීමට එයට හැකියි. ඊට හේතුව එය මිනිස් “සිතුවිලි අබිබවා” යෑමයි. අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු තාවකාලික බවත් දෙවි ළඟදීම ඒ සියල්ල නැති කර දමන බවත් බයිබලයේ සහතික කරනවා. එය විශ්වාස කළ හැකිද?
මිනිසුන්ට එසේ කළ නොහැකි බව ඇත්තයි. නමුත් “දෙවිට සියල්ල කළ හැකියි.” (මාක් 10:27) ඒ නිසා අපි දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම් ප්‍රශ්න ගැටලු හමුවේ කලබල නොවී සිටීමට අපට හැකි වෙනවා. එය තේරුම්ගැනීමට සෙනඟ මැද්දේ අතරමං වූ දරුවෙකු ගැන සිතන්න. තමාට සුරක්ෂිතබවක් දැනෙන්නේ මවව සොයාගත්තොත් පමණයි කියා ඒ දරුවා දන්නවා. ඒ හා සමානව අපේ ප්‍රශ්න ගැටලුවලට නිමාවක් ගෙනෙමින් අපට සහනය ලබා දිය හැක්කේ යෙහෝවා දෙවිට පමණයි කියා අපි දන්නවා.
යෙහෝවා දෙවිගේ සේවකයන් දැඩි දුෂ්කරතා හමුවේ දෙවිගෙන් ලැබෙන සහනය අද්දැක තිබෙනවා. උදාහරණයකට නඩීන්ගේ අද්දැකීම සලකා බලන්න. ඇයට උපදින්න සිටි දරුවා කුසේදීම මිය ගියා. ඒ ගැන ඇයට හැඟුණු ආකාරය ඇය විස්තර කළේ මෙලෙසයි. “මගේ වේදනාව කොච්චරද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මම ඒ වේදනාව හිතේ තද කරගෙන හිනා වෙලා ඉන්න උත්සාහ කරනවා. මට මේ වේදනාව දරාගන්න උදව් කරන්න කියලා මම යෙහෝවා දෙවිට හැමදාම වගේ කන්නලව් කරනවා. මගේ වේදනාව දරාගන්න තරම් ශක්තියක් මට නැහැ කියලා හිතුණත් දෙවි මාව ශක්තිමත් කරලා තියෙනවා. ඒ නිසා මට පුදුම සහනයක් දැනෙනවා.”
සිතටත් මනසටත් ආරක්ෂාවක්
ෆිලිප්පි 4:7හි සඳහන් වන්නේ දෙවි ලබා දෙන සමාදානයෙන් අපේ සිත් සහ මනස් ආරක්ෂා වන බවයි. එම සමාදානය මගින් අපට මහත් සැනසීමක් ලැබෙනවා. මේ සැනසීම අපි තුළ තිබෙනවා නම් ධන සම්පත් රැස් කිරීම ගැනවත් එදිනෙදා ජීවිතයේ කරදර ගැනවත් අපි සිත සිතා ඉන්නේ නැහැ. එමෙන්ම දෙවි අකමැති දේවල් වෙතට අපේ සිත යොමු කරන්නෙත් නැහැ. දෙවි දෙන සමාදානය තුළින් අපට ලැබෙන සහනය අපේ මනස ආරක්ෂා කරන්නේ හරියට මුරකරුවෙක් ගොඩනැඟිල්ලක් ආරක්ෂා කරනවා හා සමානවයි.
බොහෝදෙනා සිතන්නේ මුදල් කන්දරාවක් රැස් කිරීමෙන් සාර්ථකත්වය හා සන්තෝෂය අද්දැකිය හැකි බවයි. එවැනි අය මුදල් රැස් කිරීමේ අදහසින් කොටස් වෙළඳපොළේ කොටස් මිල දී ගන්නවා. නමුත් එසේ කිරීමෙන් ඔවුන්ට සහනයක් ලබාගත හැකිද? බැහැ. ඊට හේතුව ඔවුන් නිතර දෙවේලේ තමන් මිල දී ගත් කොටස්වල මිල ගණන් සොයා බලමින් ඒ ගැන වධ වීමයි. නොසිතූ ලෙස මිල ගණන් පහත වැටුණොත් ඔවුන් කලබලයට පත් වෙනවා. අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කිරීම වැරදියි කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් එහි මෙම උපදෙස දී තිබෙනවා. “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි. මෙයද මහ නිෂ්ඵලකමකි. සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහොමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය. එහෙත් තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.”—දේශනාකාරයා 5:10, 12, NW.
සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය “ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්” ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත කියා ෆිලිප්පි 4:7හි සඳහන් වෙනවා. යෙහෝවා දෙවි තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යේසුස්වයි. අපව පාපයෙන් සහ මරණයෙන් මුදවාගැනීමට යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළා. (යොහන් 3:16) එමෙන්ම යේසුස් දැන් දෙවිගේ රාජ්‍යයේ රජු ලෙසත් කටයුතු කරනවා. මෙය දැන සිටීම අපේ මනසට මහත් සහනයක්. ඊට හේතු අපි දැන් සලකා බලමු.
ක්‍රියා 3:19) එමෙන්ම අපට ජීවිතයේ සැබෑ සන්තෝෂය අද්දැකීමට හැකි වන්නේ දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස් මේ පොළොව පාලනය කරන කාලයේදීයි. (1 තිමෝති 6:19) ඒ නිසා මේ කාලයේදී සන්තෝෂය ලබාගැනීම සඳහා දෙවිගේ ප්‍රමිති කඩ කිරීමට අපි පෙලඹෙන්නේ නැහැ.
අපේ පව් ගැන අවංකව පසුතැවිලි වී දෙවිගෙන් සමාව ලබාගැනීමට අපට අවස්ථාව තිබෙන්නේ යේසුස් අප වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළ නිසයි. එය අපට මහත් සහනයක් නොවෙයිද! (දෙවි ලබා දෙන සාමය ඔබත් අද්දකින්න
ෆිලිප්පි 4:4, 5හි මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “ස්වාමීන් තුළ නිතරම ප්‍රීති වන්න. ප්‍රීති වන්න! කියා නැවතත් කියමි. ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා! ස්වාමීන් නුදුරින් සිටින්නේය.” බයිබල් ලේඛකයෙක් වූ පාවුල් ෆිලිප්පි පොත ලියනු ලැබුවේ අයුක්තිසහගත ලෙස ඔහුව රෝමයේ සිරගත කර තිබූ කාලයේදීයි. (ෆිලිප්පි 1:13) ඒ අවස්ථාවේදී තමන්ට මුහුණ දීමට සිදු වූ අසාධාරණය ගැන දුක් වෙනවා වෙනුවට ස්වාමීන් නිසා ප්‍රීතියෙන් සිටින්න කියා ඔහු අන් අයව දිරිගැන්වූවා. දුෂ්කරතා අද්දැක්කත් පාවුල් ප්‍රීතියෙන් සිටියේ ඔහුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණු නිසයි. පාවුල් මෙන් ඕනෑම දුෂ්කර තත්වයක් හමුවේ දෙවිට සතුටින් සේවය කිරීමට අපටත් හැකි වන්නේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණොත් පමණයි.
ෆිලිප්පි 4:5හි සාධාරණව ක්‍රියා කිරීමට අපව දිරිගන්වා තිබෙනවා. අපි සාධාරණව කටයුතු කරනවා නම් අපි අපගේ සීමාවන් තේරුම්ගන්නවා. අපි කරන දේවල කිසිම අඩුවක් තියෙන්න බැහැ කියා අපි කවදාවත් සිතන්නේ නැහැ. ඒ නිසා අන් අයට වඩා ඉහළින් කැපී පෙනෙන්න අපි උත්සාහ කරන්නෙත් නැහැ. අපි සාධාරණ විදිහට සිතනවා නම් අන් අය අතිනුත් අඩුපාඩුකම් සිදු වෙනවා කියා අපි තේරුම්ගන්නවා. එවිට යම් කෙනෙක් අපේ සිත රිදෙන ආකාරයකින් දෙයක් පැවසුවොත් හෝ කළොත් අපි කලබල වෙන්නේ නැහැ. එමෙන්ම සාධාරණ කෙනෙක් නිතරම තමාට ඕන විදිහට දේවල් කිරීමට උත්සාහ කරන්නෙත් නැහැ. ඒ නිසා එකිනෙකා අතර ඇති වෙන මත ගැටීම් අවම වන අතර සන්සුන් සිතක් ඇතුව සිටීමටද එය දායක වෙනවා.
ෆිලිප්පි 4:5හි “ස්වාමීන් නුදුරින් සිටින්නේය” කියාද සඳහන් වෙනවා. දෙවි තම රාජ්‍යය තුළින් නුදුරු අනාගතයේදී මේ පොළොවේ පවතින සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙනවා. නමුත් මේ කාලයේදී දෙවි අපට නුදුරින්, එනම් අපට ළං වී සිටිනවාද? ඔව්, අපි දෙවිට ළං වුණොත් ඔහුත් අපිට ළං වෙනවා. (ක්‍රියා 17:27; යාකොබ් 4:8) දෙවි අපි එකිනෙකාට ළං වී සිටින බව දැන සිටීම අපට මහත් සහනයක්. ෆිලිප්පි 4:6හි සඳහන් වන ආකාරයට එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න නිසා කනස්සලු නොවී සිටීමටත් එය දායක වෙනවා.
ෆිලිප්පි 4:6, 7හි සඳහන් වන ආකාරයට දෙවි ලබා දෙන සමාදානය අද්දකින්න නම් දෙවිට යාච්ඤා කිරීම අවශ්‍යයි. දරුවෙක් තම මව හෝ පියා වෙත ගොස් සිතේ තිබෙන දුක හෝ සතුට ප්‍රකාශ කරන ආකාරය ඔබ දැක ඇති. ඒ හා සමානව දෙවිට යාච්ඤා කරන විට අපේ සිතේ තිබෙන දේවල් ඔහුට ප්‍රකාශ කරන්න අපටත් හැකියි. අපේ සිතේ තිබෙන ඕනෑම දෙයක් ගැන දෙවිට යාච්ඤා කිරීමට හැකි බව දැන සිටීම මොන තරම් සහනයක්ද!
ෆිලිප්පි 4:8හි අපට උනන්දු කර තිබෙන්නේ යහපත් දේවලට අපේ මනස යොමු කරන්න කියායි. එමෙන්ම ෆිලිප්පි 4:9හි සඳහන් දේට අනුව බයිබලයෙන් අපි ඉගෙනගන්නා යහපත් දේවල් පිළිපැදීමට අපි උත්සාහ කළ යුතුයි. එවිට දෙවි ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අපට හැකි වෙනවා.
යෙහෝවා දෙවි ලබා දෙන සමාදානය තුළින් සැනසීමක් ලබන්න ඔබටත් හැකියි. එම සැනසීම අද්දැකිය හැකි වන්නේ දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදිමින් ඔහුට ළං වී සිටියොත් පමණයි. ඔබ බයිබලය අධ්‍යයනය කළොත් දෙවිව හොඳින් දැන හඳුනා ගත හැකි අතර ඔහු ක්‍රියා කරන ආකාරය හොඳින් තේරුම්ගන්නත් හැකි වෙනවා. බයිබලයේ සඳහන් උපදෙස් පිළිපැදීම සමහරවිට අභියෝගයක් මෙන් පෙනිය හැකියි. නමුත් ඔබ එහි උපදෙස් පිළිපැද්දොත් ‘සමාදානයේ දෙවි ඔබ සමඟ සිටියි.’—ෆිලිප්පි 4:9.
[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘දෙවිගේ සමාදානය ඔබේ සිතද මනසද ආරක්ෂා කරනවා ඇත.’—ෆිලිප්පි 4:7
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අපේ සිතේ තිබෙන ඕනෑම දෙයක් ගැන දෙවිට යාච්ඤා කිරීමට හැකි බව දැන සිටීම මොන තරම් සහනයක්ද!