පවුලේ සමඟියට අත්වැලක්
ගැටලු විසඳාගැනීම
ඔහු: “කෝ දුවලා දෙන්නා?”
ඇය: “ඒගොල්ලන් සාප්පුවට ගියා ඇඳුම් ගන්න.”
ඔහු: [කේන්තියෙන්] “මොනවා ‘ඇඳුම් ගන්න’ ගියා! ගිය මාසෙත් ඒගොල්ලන් ඇඳුම් ගත්තා නේද?”
ඇය: [සිත රිදුණු ඇය තමන්ගේ අතේ වරදක් නැති බව පෙන්වීමට උත්සාහ දරමින්] “අද සේල් එකක් තිබුණා. කොහොමවුණත් ළමයි යන්න කලින් මගෙන් අහලයි ගියේ.”
ඔහු: [ඉතා කෝපයෙන්] “ඔයා හොඳටම දන්නවනේ අපේ ළමයි කිසිම ගානක් නැතුව සල්ලි වියදම් කරනවාට මම කැමති නැහැ කියලා. මගෙන් අහන්නේ නැතුව ඇයි ඔයා ළමයින්ට යන්න ඉඩ දුන්නේ?”
ඉහත සඳහන් කළ යුවළ විසඳාගත යුත්තේ කුමන ගැටලුද? පුරුෂයාට කෝපය පාලනය කරගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. දරුවන්ට කොතරම් නිදහසක් දිය යුතුද යන්න ගැන දෙදෙනා අතර එකඟත්වයකුත් නැහැ. ඔවුන්ගේ අදහස් හුවමාරුව බිඳ වැටී ඇති බවයි පෙනෙන්න තිබෙන්නේ.
හැම විවාහ යුවළක්ම විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. නමුත් ඒවා විසඳාගැනීම ඉතා වැදගත්. එයට හේතුව කුමක්ද?
ප්‍රශ්න විසඳා නොගැනීම අදහස් හුවමාරුවට විශාල බාධාවක් වෙනවා. ඒ නිසයි ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ පැවසුවේ. “සිත් රිදවීම, බලකොටුවකට ඇතුල් වීම අවහිර කරන මහත් යකඩ පොල්ලක් මෙනි.” (හිතෝපදේශ 18:19, නව ලොව පරිවර්තනය, NW) ප්‍රශ්නවලට මුහුණ දෙන විට වඩා අර්ථවත් අදහස් හුවමාරුවක් සඳහා මං විවෘත කිරීමට ඔබට හැක්කේ කෙසේද?
විවාහයක් තුළ හොඳින් අදහස් හුවමාරු කිරීමට නම් ප්‍රේමය සහ ගෞරවය පෙන්වීම අවශ්‍යයි. (එෆීස 5:33) කලින් සිදු වූ වැරදි ගැන මතක් නොකර දැන් මුහුණ දෙන ප්‍රශ්නයට අවධානය යොමු කරන්න යුවළක්ව පොලඹවන්නේ ප්‍රේමයයි. (1 කොරින්ති 13:4, 5; 1 පේතෘස් 4:8) එමෙන්ම එකිනෙකාට ගෞරව කරන යුවළක් අනිත් කෙනාට කතා කිරීමට අවස්ථාව දෙන අතර පවසන දෙයෙහි අදහස තේරුම්ගැනීමට උත්සාහ කරනවා.
ගැටලු විසඳාගැනීමට පියවර හතරක්
ගෞරවය හා ප්‍රේමය පෙන්වමින් ගැටලු විසඳාගැනීමට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති හතරක් ගැන සලකා බලන්න.
1. ප්රශ්නය ගැන කතා කිරීමට වෙලාවක් නියම කරගන්න.
“ඕනෑම දෙයකට නියමිත කාලයක් ඇත. . . . නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද” ඇත. (දේශනාකාරයා 3:1, 7, NW) කලින් සඳහන් කළ යුවළ අතර සිදු වුණා හා සමානව ප්‍රශ්නයක් ඇති වෙද්දී කේන්තිය ඇවිස්සෙන්න පුළුවන්. එවැනි තත්වයකදී තමාවම පාලනය කරගනිමින් “නිහඬව සිටීම” වැදගත්. “විවාදයක් පටන්ගැනීම ජලාශයක වතුර අරින්නාක් මෙනි. එනිසා සණ්ඩුව පටන්ගන්න කලින් එතැනින් අහක්ව යන්න.” එම බයිබල් ප්‍රතිපත්තිය ඔබේ ජීවිතයට අදාළ කරගතහොත් එකිනෙකා අතර ඇති සම්බන්ධය රැකගැනීමට එය ඔබට උපකාරවත් වෙයි.—හිතෝපදේශ 17:14, NW.
නමුත් ‘කතා කිරීමටත් කාලයක්’ තිබෙනවා. ගැටලු නොසලකා හැරීමෙන් ඒවා උග්‍ර අතට පෙරළිය හැකියි. යම් අවස්ථාවකදී ඔබ සාකච්ඡාවක් නතර කළහොත් අනිත් කෙනාට ගෞරවය කරමින් ළඟදීම දවසක ඒ ගැන කතා කරන බවට පොරොන්දු වෙන්න. එසේ කිරීමෙන් ඔබ දෙදෙනාටම “ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න” යන බයිබල් ප්‍රතිපත්තිය අදාළ කරගැනීමට හැකි වෙනවා. (එෆීස 4:26) ඔබ පොරොන්දු වූ දිනයේදීම ගැටලුව ගැන සාකච්ඡා කිරීමට වගබලා ගන්න.
මෙය අත්හදා බලන්න: සෑම සතියකම පවුලේ ප්‍රශ්න ගැන කතා කිරීමට වෙලාවක් නියම කරගන්න. ඔබ රැකියාවට ගොස් පැමිණි විගස හෝ කෑමට පෙර වැනි අවස්ථාවලදී කතා කරන විට ඔබට කේන්ති යනවා නම් එවැනි අවස්ථාවලදී පවුලේ ප්‍රශ්න ගැන කතා නොකිරීමට වගබලා ගන්න. ඒ වෙනුවට දෙදෙනාම විවේකයෙන් සිටින වේලාවක් තෝරාගන්න.
2. අවංකව හා ගෞරවාන්විතව ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
“ඔබ එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න.” (එෆීස 4:25) ඔබ විවාහකයෙක් නම් ඔබේ කිට්ටුම අසල්වැසියා වන්නේ විවාහ සහකරු හෝ සහකාරියයි. ඒ නිසා ඔබේ හැඟීම් ගැන ඔහුට හෝ ඇයට අවංකව පවසන්න. අවුරුදු 26ක විවාහ අද්දැකීම් ඇති මාගරීටා * මෙසේ පවසනවා. “මම විවාහ වුණු මුලදී හිතුවේ ප්‍රශ්නයක් ඇති වුණාම මට හැඟෙන විදිහ මගේ මහත්තයා තේරුම්ගනියි කියලයි. හැබැයි පස්සේ මට වැටහුණා එහෙම හිතන එක අසාධාරණයි කියලා. ඒ නිසා දැන් මම උත්සාහ කරන්නේ මට හැඟෙන විදිහ එයාට පැහැදිලි කරන්නයි.”
ප්‍රශ්නයක් විසඳාගැනීමට උත්සාහ කරද්දී ඔබේ ඉලක්කය විය යුත්තේ සතුරෙකුව පරාජය කරමින් සටනක් දිනන ආකාරයෙන් එය කිරීම නෙවෙයි. ඒ වෙනුවට ඔහුට හෝ ඇයට ඔබේ අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීමට උත්සාහ කළ යුතුයි. එය ඵලදායී ලෙස කිරීමට නම් ප්රශ්නය කුමක්ද, ඇති වෙන්නේ කොහොමද, ඒ ගැන ඔබට හැඟෙන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න. උදාහරණයකට ඔබේ සහකරු හෝ සහකාරිය අපිළිවෙළට වැඩ කරන නිසා ඔබට කේන්ති යනවා නම් ගෞරවාන්විතව මෙසේ පවසන්න. ‘ඔයා වැඩ ඇරිලා ආවට පස්සේ ඇඳුම් බිම දාද්දී [ප්රශ්නය කුමක්ද, ඇති වෙන්නේ කොහොමද] මට හිතෙන්නේ මම ගේ ලස්සනට තියාගන්න දරන වෙහෙස ඔයා අගය කරන්නේ නැහැ කියලා [ඔබට හැඟෙන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න].’ පසුව උපායශීලීව එය විසඳාගත හැකි ක්‍රමයක් ගැන සඳහන් කරන්න.
මෙය අත්හදා බලන්න: ප්රශ්නය ගැන කතා කිරීමට කලින් ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න. ඔබ සිතන ආකාරයට ප්රශ්නය කුමක්ද කියාත්, එය විසඳාගත හැක්කේ කෙසේද කියාත් සටහන් කරගන්න.
3. හොඳින් සවන් දෙමින් ඔහුගේ හෝ ඇයගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කරන්න.
බයිබල් ලේඛකයෙක් වූ යාකොබ් ක්‍රිස්තියානීන් “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය” කියා පැවසුවා. (යාකොබ් 1:19) අනිත් කෙනා තමාව තේරුම්ගන්නේ නැහැ යන හැඟීම විවාහයක් තුළ ප්‍රශ්න ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා ඔබේ සහකරුට හෝ සහකාරියට එවැනි හැඟීමක් ඇතිවීමට ඉඩ දෙන්න එපා.—මතෙව් 7:12.
අවුරුදු 35ක විවාහ අද්දැකීම් ඇති වෝල්ෆ්ගාං මෙසේ පවසනවා. “අපිට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරනකොට මට හිතෙන විදිහ මගේ බිරිඳ තේරුම්ගන්නේ නැහැ කියලා හැඟෙද්දී මට ගොඩක් කේන්ති යනවා.” අවුරුදු 20ක විවාහ අද්දැකීම් ලත් ඩයනත් මෙසේ පවසනවා. “අපි ප්‍රශ්නයක් ගැන කතා කරද්දී මගේ මහත්තයා මට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා මම එයාට චෝදනා කරනවා.” මෙම ප්‍රශ්නවලින් ජය ගත හැක්කේ කෙසේද?
අනිත් කෙනාට හැඟෙන ආකාරය ඔබට තේරෙනවා කියා සිතන්න එපා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “හිතුවක්කාර වීමෙන් සිදු වන්නේ දබර ඇතිවීම පමණි. නමුත් එකිනෙකාගේ අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හිතෝපදේශ 13:10, NW) ඔබේ සහකරුට හෝ සහකාරියට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දී එයට බාධා නොකර ගෞරවාන්විතව සවන් දෙන්න. පවසනු ලැබූ දේවල් ඔබට තේරුණු බව පෙන්වීමට ඔහු හෝ ඇය අදහස් කළ දේ නැවත කියන්න. නමුත් සමච්චලේට මෙන් නොව ගෞරවයෙන් එය කරන්න. ඔබ යම් දෙයක් වරදවා වටහාගෙන ඇත්නම් එය නිවැරදි කිරීමට ඉඩ දෙන්න. ඔබම කතා නොකර අනිත් කෙනාටත් අවස්ථාව ලබා දෙන්න. එලෙස යම් කාරණයක් ගැන ඔබ දෙදෙනා එකඟත්වයකට පැමිණෙන තෙක් හොඳින් අදහස් හුවමාරු කරන්න.
හැක.” (ඔබේ සහකරුට හෝ සහකාරියට හොඳින් සවන් දෙමින් ඔහු හෝ ඇය පැවසීමට උත්සාහ කරන දේ තේරුම්ගැනීමට නම් ඉවසීමත්, නිහතමානිකමත් අවශ්‍යයි. ඔබේ සහකරුට හෝ සහකාරියට ඔබ ගෞරව කරද්දී ඔහු හෝ ඇය ඔබටත් ගෞරව කිරීමට පෙලඹෙයි.—මතෙව් 7:2; රෝම 12:10.
මෙය අත්හදා බලන්න: ඔබගේ සහකරු හෝ සහකාරිය පැවසූ දේ තේරුම් කරද්දී ඒ වචනම නැවත පවසන්න එපා. ඒ වෙනුවට ඔහු හෝ ඇය පැවසීමට උත්සාහ කළ දෙය ඔබ තේරුම්ගත් බව වචනවලිනුත් හැඟීමෙනුත් දැනෙන්න සලස්වන්න.—1 පේතෘස් 3:8.
4. එකඟත්වයකට පැමිණෙන්න. “එක්කෙනෙකුට වඩා දෙදෙනකු හොඳය.
මන්ද ඔවුන් වෙහෙස මහන්සියෙන් කරන වැඩවලින් ඔවුන්ට හොඳ ප්‍රතිඵල ලැබේ. එක්කෙනෙකු වැටුණොත් අනිත් තැනැත්තාට ඔහුව නැඟිටුවන්න පුළුවන.” (දේශනාකාරයා 4:9, 10, NW) විවාහ ජීවිතයේදී පැනනඟින ප්‍රශ්න විසඳාගැනීමට නම් දෙදෙනාම සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි.
යෙහෝවා දෙවි පවුලේ මූලිකයා ලෙස ස්වාමිපුරුෂයාව පත් කර තිබෙනවා. (1 කොරින්ති 11:3; එෆීස 5:23) නමුත් ඉන් අදහස් වෙන්නේ ඔහු අණ දෙන කෙනෙක් බව නෙවෙයි. නැණවත් ලෙස ක්‍රියා කරන පුරුෂයෙක් තනි තීරණ ගන්නේ නැහැ. අවුරුදු 20ක විවාහ අද්දැකීම් ලත් ඩේවිඩ් මෙසේ පවසනවා. “මම හැමතිස්සේම උත්සාහ කරන්නේ මමත් මගේ බිරිඳත් එකඟ වෙන විදිහට තීරණ ගන්නයි.” අවුරුදු හතක විවාහ අද්දැකීම් ලත් ටානියාද මෙසේ පැවසුවා “වැදගත් වෙන්නේ කවුද හරි කවුද වැරදි කියන එක නෙවෙයි. ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් විදිහ ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි සාර්ථකත්වයට මඟ පාදන්නේ නම්‍යශීලී වීමත් සාධාරණ වීමත් බව මම තේරුම්ගත්තා.”
මෙය අත්හදා බලන්න: ගැටලුවලට තිබෙන විසඳුම් මොනවාද කියා දෙදෙනාම සටහන් කරගන්න. ඉන්පසු දෙදෙනාටම එකඟ විය හැකි විසඳුමක් තෝරාගන්න. එම විසඳුම ක්‍රියාත්මක වී තිබෙනවාද කියාත් එය සාර්ථකද කියාත් සාකච්ඡා කිරීමට ඉදිරියේදී දවසක් වෙන් කරන්න.
සහයෝගයෙන් වැඩ කරන්න
යේසුස් විවාහය වියගහකට සමාන කළා. (මතෙව් 19:6) ඔහු පොළොවේ සිටි කාලයේ මිනිසුන් සාමාන්‍යයෙන් සතුන් දෙදෙකුගෙන් වැඩ ගැනීම සඳහා උන්ගේ බෙල්ලේ වියගහක් බැන්දා. ඒ සතුන් දෙදෙනා දෙපැත්තකට යන්න උත්සාහ කළා නම් කිසිම වැඩක් ගැනීමට බැරි වෙන අතර උන්ගේ බෙලි පවා තුවාල වීමට ඉඩ තිබුණා. නමුත් උන් දෙදෙනාම සහයෝගයෙන් ක්‍රියා කළා නම් ඕනෑම බරක් ඉසිලීමට උන්ට හැකියාව තිබුණා.
ඒ හා සමානව ස්වාමිපුරුෂයා හා බිරිඳ එකඟත්වයකින් ක්‍රියා කළේ නැත්නම් ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සහයෝගයෙන් ක්‍රියා කරනවා නම් ප්‍රශ්න සාර්ථකව විසඳාගැනීමට හැකි වෙයි. සතුටින් විවාහ ජීවිතය ගෙවන කෙනෙක් වන කාලාලා මෙසේ පවසනවා. “අවුරුදු 25ක් තිස්සේ මටයි මගේ බිරිඳටයි ප්‍රශ්න විසඳගන්න උදව් වුණේ අවංකව කතා බහ කිරීම, අනිත් කෙනාට හිතෙන විදිහ තේරුම්ගැනීම, උපකාර ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කිරීම, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම වගේ දේවල්.” ඔබටත් හැකිද එලෙස ක්‍රියා කරන්න?
ඔබෙන්ම මෙසේ අසාගන්න . . .
-
මගේ සහකරු හෝ සහකාරිය සමඟ මුලින්ම කතා කළ යුත්තේ කුමන ප්රශ්නය ගැනද?
-
මගේ සහකරු හෝ සහකාරියගේ හැඟීම් තේරුම්ගත් බව මට පෙන්විය හැක්කේ කෙසේද?
-
මම හැම දෙයක්ම කරන්නේ මට ඕනෙ විදිහට නම් කුමන ප්‍රශ්න මතු විය හැකිද?
^ 17 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.