දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!
‘යෙහෝවා දෙවියනි, සදාකාල රජ්ජුරුවනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!’
1, 2. දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවි කරන්නේ කුමක්ද? දේවරාජ්‍යය පැමිණෙයි කියා අපට නිසැක ඇයි?
ක්‍රි.ව. 31දී කපර්ණවුම අසල කන්දක රැස්ව සිටි තම ගෝලයන්ට “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවා. (මතෙ. 6:10) දෙවිගේ රාජ්‍යය ඇත්තටම පැමිණෙයිද යන කාරණය ගැන අද ඉන්න බොහෝදෙනෙකුට ඇත්තේ සැකයක්. නමුත් ඒ යාච්ඤාවට පිළිතුරු ලැබෙයි කියා අපට නම් කිසිම සැකයක් නැහැ.
2 ස්වර්ගයෙත් පොළොවෙත් සිටින සියලුදෙනා එක්සත් පවුලක් මෙන් දෙවිට නමස්කාර කිරීම දෙවිගේ මුල් අරමුණයි. එය අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. (යෙසා. 55:10, 11) එය ඉටු කිරීම සඳහා දෙවි යොදාගන්නේ දේවරාජ්‍යයයි. ගත වූ වසර 100 තුළ සිදු වී ඇති පුදුම දනවන සිදුවීම් අපට යළි යළිත් කියාපාන්නේ යෙහෝවා දෙවි අපගේ කාලයේදීත් රජ වී සිටින බවයි. (සෙක. 14:9; එළි. 15:3) නමුත් යෙහෝවා දෙවිගේ රජ වීමත් දේවරාජ්‍යයේ පැමිණීමත් අතර ඇති වෙනස කුමක්ද? ඒ කාරණය අපට බලපාන්නේ කෙසේද?
යෙහෝවා දෙවි පත් කළ රජු පාලනය අරඹයි
3. (අ) යේසුස් රජු ලෙස පත් වුණේ කවදාද? කොහේදීද? (ආ) දේවරාජ්‍යය 1914දී පිහිටෙවූ බව ඔප්පු කරන්නේ කෙසේද? (පාදසටහන බලන්න.)
3 19වෙනි ශතවර්ෂය අවසන් වෙමින් පැවති කාලයේදී වසර 2,500ක් පැරණි අනාවැකියක් ගැන දෙවිගේ සෙනඟට තිබුණ අවබෝධය තවත් වැඩි වන්න පටන්ගත්තා. එනම් “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි” දානි. 2:44) 1914 සුවිශේෂී වසරක් බව ඊට දශක ගණනාවක සිටම බයිබල් ශිෂ්‍යයන් පැවසුවා. ඊට වෙනස්ව පොදු ජනයා 1914 හැඳින්නුවේ “අතිශයින් සන්සුන්, බලාපොරොත්තුවලින් පිරුණු වසරක්” ලෙසයි. නමුත් එම වසරේ අවසන් භාගයේදී සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. සිදු වූ පළවෙනි ලෝක මහා යුද්ධයත් ඉන්පසු ඇති වූ වසංගත, සාගත, භූමිකම්පා හා වෙනත් බයිබල් අනාවැකිවල ඉටු වීමත් කියාපෑවේ ඒ වසරේදී දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙවූ බවයි. * තම පුත්‍රයාව දේවරාජ්‍යයේ රජු ලෙස පත් කිරීමෙන් යෙහෝවා දෙවි රජ වී ඇති බව නැවතත් අතිවිශේෂ ආකාරයකින් ඔප්පු වුණා.
යන අනාවැකියයි. (4. රජු වූ පසු යේසුස් කළ පළමු කාර්යය කුමක්ද? ඉන්පසු ඔහු කළේ කුමක්ද?
4 අලුත කිරුළු පළන් රජුගේ පළමු කාර්යය වුණේ තම පියාණන්ගේ ප්‍රධාන සතුරා වන සාතන්ට විරුද්ධව යුද්ධ කිරීමයි. යේසුස් ඔහුගේ දේවදූතයන් සමඟ එක්ව සාතන්ව හා භූතයන්ව ස්වර්ගයෙන් පන්නා දැමුවේ ස්වර්ගයේ සිටින්නන්ව ප්‍රීති ප්රබෝධයට පත් කරමිනුයි. නමුත් එතැන් සිට පොළොවට උදා වුණේ මහත් විපත්ති කාලයක්. (එළිදරව් 12:7-9, 12 කියවන්න.) ඒ කාලයේදීම වගේ යේසුස් තම අවධානය පොළොවේ සිටි ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් වෙතට යොමු කළා. ඒ අනුව දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔවුන්ව පවිත්‍ර කිරීමටත් ඔවුන්ට ඉගැන්වීමටත් ඔවුන්ව සංවිධානය කිරීමටත් ඔහු පියවර ගත්තා.
රජු තම සෙනඟව පවිත්‍ර කරයි
5. 1914 සිට 1919 මුල් කාලය අතරතුරේ සිදු වුණේ කුමනාකාරයේ පවිත්‍ර කිරීමක්ද?
5 යේසුස් සාතන්ව හා භූතයන්ව පොළොවට හෙළීමෙන් පසු යෙහෝවා දෙවි ඔහුට දුන් ඊළඟ පැවරුම වුණේ පොළොවේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ව සෝදිසි කර ඔවුන්ව පවිත්‍ර කිරීමයි. (මලා. 3:1-3) එම පවිත්‍ර කිරීම සිදු වුණේ 1914 සිට 1919 මුල් කාලය අතරතුරේදීයි. * ඔවුන්ව එසේ පවිත්‍ර කළේ යෙහෝවා දෙවිගේ පවුලේ සාමාජිකයන් ශුද්ධව සිටීම දෙවි බලාපොරොත්තු වූ නිසයි. (1 පේතෘ. 1:15, 16) අසත්‍යය උගන්වන ආගම්වලට හා දේශපාලනයට කිසි ලෙසකින්වත් හවුල් නොවී පවිත්‍රව සිටීම දෙවි අද දිනත් අපෙන් බලාපොරොත්තු වෙනවා.
6. අපට අවශ්‍ය පෝෂණය යේසුස් ලබා දෙන්නේ කෙසේද? ඒ පෝෂණයෙන් ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍ය ඇයි?
6 ඉන්පසුව යේසුස් තමා යටතේ “එක රැළක්” ලෙස සිටින තම අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දීම සඳහා ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ පත් කළා. (යොහ. 10:16; මතෙ. 24:45-47) එම දාසයා 1919 සිට යේසුස්ගේ ‘මෙහෙකරුවන්ව’ පෝෂණ කිරීමේ වගකීම ඉතා විශ්වාසවන්තව ඉටු කරමින් සිටිනවා. දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇතුව ජීවත් වන්න අපට හැකි වී තිබෙන්නේ ඔවුන් මාර්ගයෙන් අපට ලැබෙන පෝෂණය නිසයි. ඒ වගේම අපගේ නමස්කාරය, අපගේ මනස් හා ශරීර පවිත්‍රව තබාගන්නත් සදාචාරමය ලෙස පිරිසිදු ජීවිත ගත කරන්නත් අපට හැකි වී තිබෙන්නේ දාසයා මාර්ගයෙන් ලැබෙන මඟ පෙන්වීම් නිසයි. ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ හොඳින් හවුල් වීම සඳහා අවශ්‍ය පුහුණුව හා දැනුම අපට ලැබෙන්නෙත් ඔවුන් මාර්ගයෙනුයි.
රජු තම සෙනඟට උගන්වයි
7. යේසුස් පොළොවේ ආරම්භ කළ කාර්යය කුමක්ද? ඒ කාර්යය කවදා වන තුරු සිදු වෙනවාද?
7 “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි” කියා යේසුස් පැවසුවා. (ලූක් 4:43) ඔහුගේ ජීවිතයේ වැදගත්ම කාර්යය වුණේ එයයි. ඔහු තම ගෝලයන්ටත් මෙසේ පැවසුවා. “‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා දේශනා කරන්න.” (මතෙ. 10:7) තම අනුගාමිකයන් “පොළොවේ දුර ඈත කෙළවරවලද” ශුභාරංචිය දේශනා කරන බව යේසුස් අනාවැකියක් පැවසුවා. (ක්‍රියා 1:8) එපමණක් නොවෙයි ඒ කාර්යය මේ දුෂ්ට සමාජයේ අවසානය දක්වාම සාර්ථකව කරන්න ඔහු උපකාර කරන බවටත් පොරොන්දු වුණා.
8. උද්යෝගයෙන් දේශනා කරන්න රජු තම අනුගාමිකයන්ව දිරිගැන්නුවේ කෙසේද?
මතෙ. 24:14) ඒ වන විට දේවරාජ්‍යයේ රජු තම පාලනය ස්වර්ගයේ ආරම්භ කර තිබූ අතර පොළොවේ සිටි කුඩා පිරිසක්ව තෝරාගෙන ඔවුන්ව පවිත්‍ර කර තිබුණා. ඒ දේවල් ගැන ශුභාරංචිය ඔවුන් පොළොව පුරා දේශනා කළේ මහත් උනන්දුවකින්. (ක්‍රියා 10:42) 1922දී එක්සත් ජනපදයේ සීඩා පොයින්ට්හි පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී “දේවරාජ්‍යයේ පාලනය අත ළඟයි” යන මාතෘකාවෙන් යුත් දේශනයක් ඉදිරිපත් කළ සහෝදර රදෆර්ඩ් මෙම ඓතිහාසික වචන පැවසුවේ රැස්ව සිටි 20,000කට ආසන්න පිරිසක් අමතමිනුයි. “යේසුස් රජ ලෙස පාලනය කරනවා. ඔබ ඔහුගේ නියෝජිතයෝ. ඒ නිසා රජු හා ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න!” ඊට ප්‍රතිචාරයක් ලෙස ඊළඟ දිනයේදී 2,000ක පිරිසක් සමුළුව පැවැත්වූ ස්ථානයේ සිට කිලෝමීටර් 72ක ප්‍රදේශයක් පුරා දේශනා කළා. සහෝදරයෙක් ඒ දිනය සිහි කළේ මෙලෙසයි. “රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න කියලා පවසපු වචනත් එදා රැස් වෙලා හිටපු සෙනඟගෙන් දිස් වුණ උද්යෝගයත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”
8 ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට’ 1919 සිට අලුත් තොරතුරු එකතු වුණා. (9, 10. (අ) සේවය හොඳින් කරන්න අපව පුහුණු කිරීම සඳහා සංවිධානය කර තිබෙන පාසැල් මොනවාද? (ආ) ඒවායින් ඔබ ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?
9 1922 වන විට 17,000කට වැඩි පිරිසක් රටවල් 58ක උද්යෝගයෙන් දේශනා කරමින් සිටියා. නමුත් ඔවුන්ව ඒ සඳහා පුහුණු කිරීම අත්‍යවශ්‍ය දෙයක් වුණා. පළවෙනි ශතවර්ෂයේදී යේසුස් තම අනුගාමිකයන්ට දේශනා කළ යුත්තේ කුමක්ද කියාත් එය කරන්නේ කොහේද සහ කෙසේද කියාත් පැහැදිලි මඟ පෙන්වීම් ලබා දුන්නා. (මතෙ. 10:5-7; ලූක් 9:1-6; 10:1-11) ඒ හා සමානව අද දිනත් දේශනා සේවය ඉතා හොඳින් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් හා ඒ සඳහා අවශ්‍ය කරන පොත් පත් නොඅඩුව ලබා දෙන්න යේසුස් ක්‍රියා කරමින් සිටිනවා. (2 තිමෝ. 3:17) සභාව මාර්ගයෙනුත් යේසුස් තම සෙනඟව පුහුණු කරනවා. එය කරන එක් ක්‍රමයක් වන්නේ සේවා පාසැලයි. පොළොව පුරා තිබෙන 1,11,000කට අධික සභා ගණනක සෑම සතියකම එය පවත්වනවා. ලොව පුරා මිලියන හතකට වැඩි පිරිසකට ‘සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ’ සිත්වලට කාවදින ලෙස දේශනා කරන්න හැකි වී තිබෙන්නේ සේවා පාසැලෙන් ලැබෙන මඟ පෙන්වීම්, උපදෙස් හා පුහුණුව නිසයි.
10 සේවා පාසැලට අමතරව වැඩිමහල්ලන්ව, පුරෝගාමීන්ව, තනිකඩ සහෝදරයන්ව, විවාහක යුවළයන්ව, ශාඛා කමිටු සාමාජිකයන්ව හා ඔවුන්ගේ භාර්යාවන්ව, සංචාරක සේවකයන්ව හා ඔවුන්ගේ භාර්යාවන්ව, මිෂනාරිවරුන්ව පුහුණු කිරීම සඳහාත් පාසැල් සංවිධානය කර තිබෙනවා. * විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලට සහභාගි වූ යුවළක් ඒ ගැන මෙසේ පැවසුවා. “අපිට ලැබුණු පුහුණුව නිසා යෙහෝවා දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරය තවත් වැඩි වුණා විතරක් නෙමෙයි අනිත් අයට තව හොඳින් උදව් කරන්නත් දැන් අපිට පුළුවන්.”
11. සාතන්ගේ ප්‍රහාර මැද වුවත් දේශනා කිරීමේ කාර්යය දිගටම කරගෙන යන්න හැකි වී තිබෙන්නේ කෙසේද?
11 දේශනා කිරීමේ කාර්යය ගැන සාතන් සිටින්නේ දැඩි වෛරයකිනුයි. එය නතර කිරීම සඳහා ඔහු විවිධ ප්රහාරයන් එල්ල කරනවා. නමුත් ඔහුගේ සැලසුම් කිසිවක් සාර්ථක වන්නේ නැහැ. ඊට හේතුව යෙහෝවා දෙවි “සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත්” වඩා ඉහළින් තම පුත්‍රයාව පත් කර ඇති නිසයි. (එෆී. 1:20-22) රජු ලෙස යේසුස් තම බලතල යොදාගනිමින් තම අනුගාමිකයන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නත් ඔවුන්ව ආරක්ෂා කරන්නත් පියවර ගන්නවා. * එහි ප්‍රතිඵලයක් ලෙස ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ලොව පුරාම සිදු වන අතර අවංක හදවත් ඇති අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමටද හැකි වී තිබෙනවා. එයට හවුල් වන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද!
රජු තම සෙනඟව සංවිධානය කරයි
12. 1914 සිට දෙවිගේ සෙනඟව තව හොඳින් සංවිධානය කර තිබෙන්නේ කෙසේද?
12 දෙවිගේ සෙනඟව තව හොඳින් සංවිධානය කිරීමටද රජු ලෙස පත් වූ යේසුස් පියවර ගත්තා. (යෙසායා 60:17 කියවන්න.) 1919දී දේශනා කිරීමේ කාර්යයේ පෙරමුණ ගැනීමට සෑම සභාවකම සේවා අධ්‍යක්ෂකවරයෙකුව පත් කළා. ඉරිදා දිනවල ගෙයින් ගෙට සේවයේ හවුල් වීම 1927දී හඳුන්වා දුන්නා. 1931 සිට දෙවිගේ සෙනඟව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නමින් හඳුන්වන්න පටන්ගත් නිසා දේශනා කිරීමේ කාර්යය තව වැඩියෙන් කරන්න ඔවුන් තුළ මහත් පෙලඹීමක් ඇති වුණා. (යෙසා. 43:10-12) සභාවේ පෙරමුණ ගෙන වැඩ කරන අයව ඡන්ද ක්‍රමයට පත් කිරීම නතර කර ඒ වෙනුවට බයිබලයේ සඳහන් සුදුසුකම් ඇති අයව ඒ සඳහා පත් කිරීම 1938 සිට ආරම්භ කළා. තනි පුද්ගලයෙකු විසින් සභාව රැකබලා ගන්නවා වෙනුවට 1972 සිට වැඩිමහල් මණ්ඩලයකට එම කාර්යය පැවරුණා. ‘දෙවි භාර දී තිබෙන රැළ ආදරයෙන් රැකබලා ගැනීම’ වැඩිමහල්ලන් සියලුදෙනාගේම වගකීමක් බව එතැන් සිට පෙන්වා දුන්නා. (1 පේතෘ. 5:2) ලොව පුරා සිදු කරන දේශනා කිරීමේ කාර්යය අධීක්ෂණය කිරීම සඳහා 1976දී පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත කමිටු හයක් පිහිටුවනු ලැබුවා. ඒ ආකාරයට යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව තව තවත් හොඳින් සංවිධානය කරමින් සිටින නිසා දෙවි බලාපොරොත්තු වන අයුරින් දේවල් කරන්න අපට හැකියි.
13. දේවරාජ්‍යය මාර්ගයෙන් මෙතෙක් කර තිබෙන දේවලින් ඔබ ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?
13 දේවරාජ්‍යය එහි පාලනය ආරම්භ කර ගත වූ පළමු සියවස තුළ එහි රජු විසින් කර තිබෙන දේවල් ගැන මදක් සිතා බලන්න. ගීතා. 110:3) යෙහෝවා දෙවි දේවරාජ්‍යය මාර්ගයෙන් මොන තරම් පුදුමාකාර දේවල් කර තිබෙනවාද! නමුත් ඊටත් වඩා පුදුමසහගත දේවල් ඉදිරියේදී සිදු වීමට නියමිතයි.
යෙහෝවා දෙවිව නියෝජනය කිරීම සඳහා ඔහු යම් පිරිසක් තෝරාගෙන ඔවුන්ව පවිත්‍ර කර තිබෙනවා. රටවල් 239ක ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ඔහු ලබා දෙනවා. මිලියන ගණනක් සෙනඟට යෙහෝවා දෙවිට නමස්කාර කරන්න උගන්වා තිබෙනවා. දෙවිට සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වූ මිලියන හතකට වැඩි පිරිසක්ව ඔහු එක්සත් කර තිබෙනවා. (දේවරාජ්‍යය ඉදිරියේදී සිදු කරන දේවල්
14. (අ) “ඔබගේ රාජ්‍යය පැමිණේවා” යන ඉල්ලීමට ඇතුළත් වන්නේ කුමක්ද? (ආ) 2014 අපගේ වාර්ෂික පදය කුමක්ද? එම පදය තෝරාගැනීම කාලෝචිත වන්නේ ඇයි?
14 “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා අප කරන යාච්ඤාවට යෙහෝවා දෙවි 1914දී දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්ව පත් කිරීමෙන් යම් පිළිතුරක් ලබා දුන්නත් ඊටත් වඩා දේවල් එයට ඇතුළත් වීමට නියමිතයි. (මතෙ. 6:10) බයිබලයේ පවසන්නේ යේසුස් ඔහුගේ “සතුරන්ව යටත් කරගන්න” බවයි. (ගීතා. 110:2) සාතන්ගේ පාලනය යටතේ තිබෙන මිනිස් ආණ්ඩු තවමත් දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට විරුද්ධව ක්‍රියා කරනවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා අප කරන යාච්ඤාවට, එම මිනිස් ආණ්ඩු සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න යන ඉල්ලීමත් ඇතුළත්. දේවරාජ්‍යයේ රජු හා ඔහු සමඟ රජකම් කරන 1,44,000දෙනා විසින් දානියෙල් 2:44හි සඳහන් අනාවැකිය ඉටු කරන විට අපේ එම ඉල්ලීම යථාර්ථයක් වෙයි. එහි සඳහන් වන්නේ දේවරාජ්‍යය “ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි” කියායි. එය ඉතාමත් ළඟදී අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. (එළි. 6:1, 2; 13:1-18; 19:11-21) එමනිසා දේවරාජ්‍යයේ පාලනයට සියවස සපුරන 2014 වන වසරේ අපගේ වාර්ෂික පදය ලෙස මතෙව් 6:10හි සඳහන් “ඔබගේ රාජ්‍යය පැමිණේවා” යන වචන තෝරාගැනීම මොන තරම් කාලෝචිතද!
2014 වාර්ෂික පදය: “ඔබගේ රාජ්‍යය පැමිණේවා!”
15, 16. (අ) දහස් අවුරුදු පාලනයේදී සිදු වන්නේ කුමන දේවල්ද? (ආ) දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස් අවසානයට කරන්නේ කුමක්ද? එයින් දෙවිගේ මුල් අරමුණ ඉටු වන්නේ කෙසේද?
15 යේසුස් දෙවිගේ සතුරන්ව සහමුලින්ම විනාශ කිරීමෙන් පසු සාතන්ව හා භූතයන්ව අවුරුදු දහසකට අගාධයට හෙළනවා. (එළි. 20:1-3) ඔවුන්ගේ නපුරු බලපෑම නොමැති නිසා යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන මිනිසුන්ට ලබා දෙන්නත් ආදම්ගෙන් උරුම වූ පාපය නිසා ඇති වූ අහිතකර බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්නත් දේවරාජ්‍යයට හැකියි. මිය ගිය මිලියන ගණනක් දෙනාව නැවත නැඟිටුවන යේසුස්, ඔවුන්ට යෙහෝවා දෙවි ගැන ඉගැන්වීමට ලොව පුරා අධ්‍යාපන වැඩසටහනක් දියත් කරනවා. (එළි. 20:12, 13) අවසානයේදී මුළු පොළොවම ඒදන් උයන හා සමාන පාරාදීසයක් වෙනවා. එදාට එහි ජීවත් වන්නේ පරිපූර්ණ මිනිසුන් පමණයි.
16 යෙහෝවා දෙවිගේ මුල් අරමුණ ඉටු කරන යේසුස්, දහස් අවුරුදු පාලනය අවසානයේදී දේවරාජ්‍යය තම පියාට භාර දෙනවා. (1 කොරින්ති 15:24-28 කියවන්න.) ඉන්පසුව අපි වෙනුවෙන් දෙවි ඉදිරියේ පෙනී සිටීමට යේසුස්ට සිදු වන්නේ නැහැ. මන්ද ඒ කාලයේදී දෙවි සමඟ කෙළින්ම කතා කිරීමට අප සියලුදෙනාටම හැකියි. ස්වර්ගයේ හා පොළොවේ සිටින සියලුදෙනා එදාට එක පවුලක් මෙන් එකමුතුව යෙහෝවා දෙවිට නමස්කාර කරනවා.
17. දේවරාජ්‍යය වෙනුවෙන් කරන්න ඔබ අදිටන් කරගෙන ඉන්නේ මොනවාද?
17 දේවරාජ්‍යය එහි පාලනය ආරම්භ කර ගත වූ පළමු සියවස තුළ සිදු වූ මවිතකර සිදුවීම්වලින් කියාපාන්නේ යෙහෝවා දෙවි සියල්ලේ පාලකයා ලෙස ක්‍රියා කරන බවයි. එසේම මිනිස් වර්ගයා සම්බන්ධයෙන් වූ දෙවිගේ මුල් අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වන බවයි. ඒ වන තෙක් අප දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් දේවරාජ්‍යය ගැනත් එහි රජු ගැනත් මිනිසුන්ට දැනුම් දෙමු. “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා අප කරන හෘදයාංගම යාච්ඤාවට පිළිතුරු ලැබෙන දවස වැඩි ඈතක නොවෙයි කියා නිතරම මතක තියාගමු.
^ 3 ඡේ. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 88-92 දක්වා පිටු බලන්න.
^ 10 ඡේ. 2012 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 13-17 පිටුවල සඳහන් “දෙවිගේ ප්‍රේමයට සාක්ෂියක් වන පාසැල්” නමැති ලිපිය බලන්න.
^ 11 ඡේ. සාක්ෂිකරුවන් ලබා තිබෙන නීතිමය ජයග්‍රහණ කිහිපයක් ගැන විස්තර දැනගැනීම සඳහා 1998 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 19-22 දක්වා පිටු බලන්න.