එකමුතුකම දෙවිව ගෞරවයට පත් කරයි
එකමුතුකම දෙවිව ගෞරවයට පත් කරයි
‘දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමට මහත් වෑයමක් දැරිය යුතුයි.’—එෆී. 4:3.
1. එෆීස සභාවේ සිටි ක්‍රිස්තියානීන් දෙවිව ගෞරවයට පත් කළේ කොහොමද?
එෆීස සභාවේ තිබූ එකමුතුකම යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළා. එම සමෘද්ධිමත් නගරයේ සිටි සමහර ධනවත් සහෝදරයන්ට දාසයන් සිටියා. දාසයන් ලෙස සේවය කළ සහෝදරයන්ද එහි සිටියා. (එෆී. 6:5, 9) ඒ විතරක් නොවෙයි පාවුල්ගෙන් දෙවි ගැන ඉගෙනගත් යුදෙව්වන්ද එෆීස සභාවේ සිටියා. ඒ වගේම ක්‍රිස්තියානීන් බවට පත් වීමට පෙර ආටෙමිස් දේවතාවියට නමස්කාර කරමින් මන්තර ගුරුකම්වල නියැලුණු අයද එහි සිටියා. (ක්‍රියා 19:8, 19, 26) විවිධ පසුබිම්වලින් පැමිණි ඔවුන් සියලුදෙනාට එකමුතුව සිටීමට හැකි වුණේ ඔවුන් සැබෑ දෙවිට නමස්කාර කළ නිසයි. ක්‍රිස්තියානි සභාවේ තිබෙන එකමුතුකම නිසා යෙහෝවා දෙවිට ගෞරවය ලැබෙන බව තේරුම්ගත් පාවුල් මෙසේ පැවසුවා. ‘සභාව මගින් සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට ලබා දීම කොතරම් යෝග්‍යද!’—එෆී. 3:21.
2. එෆීසයේ ක්‍රිස්තියානීන්ගේ එකමුතුකමට තිබූ බාධා මොනවාද?
2 කෙසේවෙතත් කාලයක් ගත වීමෙන් පසු එෆීස සභාවේ තිබූ එකමුතුකමට බාධා ඇති වුණා. ඒ නිසා වැඩිමහල්ලන්ට පාවුල් මෙවැනි අනතුරු ඇඟවීමක් කළා. “ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.” (ක්‍රියා 20:30) ඒ වගේම සමහරු ක්‍රිස්තියානීන් බවට පත් වීමෙන් පසුවත් ඔවුන් අතර උස් පහත් භේද තිබුණා. එවැනි ආකල්පයක් තිබෙන්නේ “දෙවිට අකීකරු” අය තුළ බව පාවුල් ඔවුන්ට පැවසුවා.—එෆී. 2:2; 4:22.
එකමුතුකම ගැන සඳහන් ලිපියක්
3, 4. පාවුල් එෆීස සභාවට ලියූ ලිපියේ එකමුතුකම ගැන අවධාරණය කර තිබෙන්නේ කොහොමද?
3 ක්‍රිස්තියානීන් අතර ඇති එකමුතුකම දිගටම පවත්වාගන්න නම් ඔවුන් සියලුදෙනාම දැඩි වෑයමක් දැරිය යුතු බව පාවුල් තේරුම්ගත්තා. ඒ නිසා එකමුතුකම ගැන වැඩි අවධානයක් යොමු කරමින් එෆීසවරුන්ට ලිපියක් ලියන්න පාවුල්ට දෙවිගේ බලය ලැබුණා. ‘ක්‍රිස්තුස් යටතේ සියල්ල එක්සත් කිරීමට’ වූ දෙවිගේ අරමුණ ගැන ඔහු එහි සඳහන් එෆී. 1:10) ඒ වගේම ඔහු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ඉදි කර තිබෙන ගොඩනැඟිල්ලක ගල්වලට සමාන කරමින් මෙසේ පැවසුවා. “ගොඩනැඟිල්ලේ සියලු කොටස් එකමුතුකමින් එකිනෙකා සමඟ බැඳී පවතින නිසා එය යෙහෝවා දෙවි වෙනුවෙන් ඉදි කරනු ලබන ශුද්ධ දේවමාලිගාවක් ලෙසට ගොඩනැඟෙමින් පවතී.” (එෆී. 2:20, 21) එමෙන්ම යුදෙව්වන් හා වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් අතර ඇති එකමුතුකම ගැනද ඔහු සඳහන් කළා. ඒ සියලුදෙනාවම නිර්මාණය කර ඇත්තේ දෙවි බව මතක් කරමින් පාවුල් මෙසේ පැවසුවා. “ස්වර්ගයේ වාසය කරන සියලුදෙනාටම හා පොළොවේ වෙසෙන සෑම පවුලකටම නම ලැබී ඇත්තේ දෙවිගෙන්ය.”—එෆී. 3:5, 6, 14, 15.
කළා. (4 එෆීස හතරවෙනි පරිච්ඡේදය සලකා බලන විට එකමුතුව සිටීමට අප වෑයම් කළ යුත්තේ ඇයි කියාත් ඊට යෙහෝවා දෙවි උපකාර කරන ආකාරය ගැනත් ඒ සඳහා අපට තිබිය යුතු ආකල්ප කුමක්ද කියාත් ඉගෙනගන්නවා. මේ සාකච්ඡාවෙන් හොඳින් ප්‍රයෝජන ගැනීම සඳහා ඒ පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම කියවීම ඔබට ප්‍රයෝජනවත් වේවි.
එකමුතුව සිටීමට වෑයම අවශ්‍ය වන්නේ ඇයි?
5. දේවදූතයන්ට එකමුතුව දෙවිට සේවය කරන්න පුළුවන් ඇයි? ඔවුන්ට වඩා අපට එය අභියෝගයක් වන්නේ ඇයි?
5 ‘ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමට මහත් වෑයමක් දරන්න’ කියා පාවුල් එෆීසයේ සිටි සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියා. (එෆී. 4:3) එකමුතුව සිටීමට වෑයම් කළ යුතු බව තේරුම්ගැනීම සඳහා අපි දේවදූතයන් ගැන සලකා බලමු. යෙහෝවා දෙවි මිලියන ගණනක් දේවදූතයන්ව නිර්මාණය කර තිබුණත් ඒ සෑම දේවදූතයෙකුගේම පෞද්ගලිකත්වය එකිනෙකට වෙනස්. (දානි. 7:10) ඒ වුණත් ඔවුන් එකමුතුව යෙහෝවා දෙවිට සේවය කරනවා. එසේ කිරීමට හැකි වී තිබෙන්නේ ඔවුන් දෙවිට කීකරු වන නිසයි. (ගීතාවලිය 103:20, 21 කියවන්න.) දේවදූතයන් මෙන් මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ විවිධ පෞද්ගලිකත්වයන් ඇතුවයි. නමුත් දේවදූතයන්ට වෙනස්ව මිනිසුන්ට බොහෝ දුර්වලකම් තිබෙනවා. ඒ නිසා එකමුතුව සිටීම දේවදූතයන්ට වඩා අපට අභියෝගයක්.
6. සහෝදරයන් සමඟ එකමුතුව වැඩ කිරීමට උපකාරවත් වන ගතිගුණ මොනවාද?
6 පාපය උරුම කරගත් මිනිසුන්ට එකමුතුව ක්‍රියා කිරීම පහසු කාර්යයක් නොවෙයි. උදාහරණයකට නිතරම ප්‍රමාද වෙන එහෙත් මෘදු ගුණැති සහෝදරයෙකුට වෙලාවට වැඩ කරන එහෙත් ඉක්මනින් කේන්ති යන සහෝදරයෙක් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා කියා සිතන්න. තමන් තුළද අනික් තැනැත්තාට තිබෙන දුර්වලකම හා සමාන දුර්වලකමක් තිබෙන බව අමතක කර අනික් තැනැත්තාගේ දුර්වලකම ගැන පමණක් සිතන්න ඔවුන් පෙලඹෙයි. ඔවුන්ට එකමුතුව දෙවිට සේවය කරන්න පුළුවන් කොහොමද? ඒ සඳහා ඔවුන් වර්ධනය කරගත යුතු ගුණාංග ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘ඔබේ කැඳවීමට ඔබින ආකාරයකින් ගමන් කරන්න. ඔබ නිතරම නිහතමානිකමින්, මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින් සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින් සිටිය යුතුයි. එලෙසම දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත් මහත් වෑයමක් දැරිය යුතුයි.’ (එෆී. 4:1-3) එවැනි ගතිගුණ වර්ධනය කරගැනීම අපගේ එකමුතුකමට මොන තරම් දායක වෙනවාද කියා සිතන්න.
7. ක්‍රිස්තියානීන් සමඟ එකමුතුව දෙවිට සේවය කිරීම වැදගත් ඇයි?
7 අප සියලුදෙනාටම දුර්වලකම් තිබුණත් එෆී. 4:4-6) ඉන් පැහැදිලි වන්නේ දෙවි තම බලයත් ආශීර්වාදත් ලබා දෙන්නේ එක කණ්ඩායමකට පමණක් බවයි. එසේනම් ක්‍රිස්තියානි සභාවේ යම් කෙනෙක් සමඟ අපට ප්‍රශ්නයක් ඇති වුණත් අපට යන්න වෙන තැනක් තිබෙනවාද? නැහැ. සදාකාල ජීවනය ගැන අපට ඉගෙනගැනීමට හැකි වන්නේ ක්‍රිස්තියානි සභාව තුළින් පමණයි.—යොහ. 6:68.
එකමුතුව දෙවිට සේවය කිරීම අත්‍යවශ්‍යයි. ඊට හේතුව පාවුල් මෙසේ පැවසුවා. “ඇත්තේ එක ශරීරයක්ය. ක්‍රියාත්මක වන්නේ එක බලයක්ය. එලෙසම කැඳවනු ලැබූ ඔබ සියලුදෙනාටම ඇත්තේ එක බලාපොරොත්තුවක්ය. සිටින්නේ එක ස්වාමියෙක්ය. අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය. ඇත්තේ එක බව්තීස්මයක්ය. සියලුදෙනාටම සිටින්නේ එකම දෙවි කෙනෙක් සහ එකම පියාණන්ය.” (‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්’ එකමුතුකමට දායක වේ
8. ක්‍රිස්තියානි සභාවේ එකමුතුකම පවත්වාගැනීමට යේසුස් යොදාගන්නේ කාවද?
8 සභාවේ එකමුතුකම වෙනුවෙන් යේසුස් ‘තෑගි වශයෙන් පුරුෂයන්ව’ දුන් ආකාරය නිදර්ශනය කිරීමට පාවුල් ඒ කාලයේ පැවති සිරිතක් ගැන සඳහන් කළා. ඒ කාලයේ සටනක් ජය ගත් විට සොල්දාදුවන්ට ඔවුන් යටත් කරගත් අයගෙන් කෙනෙකුව දාසයෙකු ලෙස රැගෙන ඒමට හැකි වුණා. පසුව ඔහු එම දාසයාව ගෙදර වැඩකටයුතුවලදී තම භාර්යාවට උපකාර කිරීම සඳහා ලබා දුන්නා. (ගීතා. 68:1, 12, 18) ඒ හා සමානව යේසුස් මේ ලෝකයෙන් ජය ගත් විට ඔහුට කැමැත්තෙන්ම සේවය කරන්න දාසයන් ඉදිරිපත් වුණා. (එෆීස 4:7, 8 කියවන්න.) යේසුස් ඔවුන්ව යොදාගත් ආකාරය ගැන බයිබලයේ මෙසේ පවසනවා. ‘ඔහු සමහරුන්ව නියෝජිතයන් ලෙසද සමහරුන්ව අනාගතවක්තෘවරුන් ලෙසද සමහරුන්ව ශුභාරංචිය දේශනා කරන්නන් ලෙසද සමහරුන්ව එඬේරුන් ලෙසද සමහරුන්ව ගුරුවරුන් ලෙසද සභාවට ලබා දුන්නේය. එසේ ඔවුහු ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත් අන් අය වෙනුවෙන් සේවය කිරීමටත් ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත් පියවර ගනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අප විශ්වාස කරන දේ සම්බන්ධයෙන් අප සියලුදෙනාටම එක්සත්ව සිටීමට හැකියාව ලැබේ.’—එෆී. 4:11-13.
9. (අ) ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්’ අප අතර එකමුතුකම පවත්වාගැනීමට උපකාර කරන්නේ කොහොමද? (ආ) සෑම ක්‍රිස්තියානියෙක්ම සභාවේ එකමුතුකමට දායක විය යුත්තේ ඇයි?
9 ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්’ සභාවේ එකමුතුකම රැකගැනීම සඳහා ක්‍රියා කරනවා. උදාහරණයකට සහෝදරයන් දෙදෙනෙක් අතර “තරඟකාරිත්වයක්” තිබෙන බව වැඩිමහල්ලෙකුගේ අවධානයට යොමු වෙනවා කියා සිතන්න. ඔවුන්ව “නිවැරදි මාර්ගයට ගෙන ඒම” සඳහා “මෘදුකමින්” ඔවුන්ට අවශ්‍ය උපදෙස් ඔහු පෞද්ගලිකව ලබා දෙනවා. එසේ කිරීමෙන් ඔහු සභාවේ එකමුතුකමට දායක වෙනවා. (ගලා. 5:26–6:1) ඒ වගේම ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්’ ගුරුවරුන් ලෙස බයිබලයේ සඳහන් ඉගැන්වීම් පහදා දීමෙන් අපගේ විශ්වාසය ශක්තිමත් කරනවා. එමගින් එකමුතුකම වර්ධනය කරගැනීමටත් අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් බවට පත් වීමටත් ඔවුන් අපට උපකාර කරනවා. ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන පාවුල් මෙසේ පැවසුවා. “අප තවදුරටත් කුඩා දරුවන් මෙන් කටයුතු නොකළ යුතුයි. අප එසේ කටයුතු කළොත් අන් අයව වැරදි දේවලට නොමඟ යැවීමේ අදහස ඇතුව ඉතා සූක්ෂ්ම ලෙස කපටිකමින් විවිධ දේවල් උගන්වන මිනිසුන්ට අප හසු විය හැක. අපි සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ මෙන් වනු ඇත.” (එෆී. 4:13, 14) ශරීරයේ සෑම අවයවයක්ම එහි පැවැත්මට දායක වෙනවා හා සමානව සභාවේ එකමුතුකමට සෑම ක්‍රිස්තියානියෙක්ම දායක විය යුතුයි.—එෆීස 4:15, 16 කියවන්න.
ආකල්ප වෙනස් කරගන්න
10. දෙවි පිළිකුල් කරන ක්‍රියාවල හවුල් වීම එකමුතුකමට බාධාවක් වන්නේ කොහොමද?
10 එකමුතුව ජීවත් වීමට අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ප්‍රේමය බව එෆීස පොතේ හතරවන පරිච්ඡේදය කියවන විට ඔබට වැටහුණාද? ප්‍රේමය තිබෙන කෙනෙක් ක්‍රියා කරන ආකාරය එහි සඳහන් වෙනවා. උදාහරණයකට එවැනි කෙනෙක් වේශ්‍යාකම හා අපවිත්‍ර ක්‍රියාවල හවුල් වන්නේ නැහැ. පාවුල් තම සහෝදරයන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේ ඒ නිසයි. ‘වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් තම ජීවිතය ගත කරන්නා සේ ඔබ ඔබේ ජීවිත ගත නොකළ යුතුයි.’ ඒ මිනිසුන් ‘කිසිම හැඟීමක් දැනීමක් නැතුව නින්දිත ක්රියාකලාපයකට සම්පූර්ණයෙන්ම වහල්’ වී සිටිනවා. (එෆී. 4:17-19) අප ජීවත් වන්නේ දූෂිත ලෝකයක නිසා එකමුතුව සිටීම අභියෝගයක්. වේශ්‍යාකම අද දින සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. ඒ ගැන විහිළු කතා තිබෙනවා. ඒ ගැන ගීත පවා රචනා කර තිබෙනවා. වේශ්‍යාකමට දිරිදෙන චිත්‍රපට තිබෙනවා. එමෙන්ම රහසිගතව හෝ ප්‍රසිද්ධියේ එවැනි ක්‍රියා සිදු වෙනවා. ඒ වගේම විවාහ වීමේ අරමුණක් නොමැතිව කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමද අද සාමාන්‍ය දෙයක්. ක්‍රිස්තියානියෙක් එලෙස ක්‍රියා කරනවා නම් ඔහු යෙහෝවා දෙවිගෙන් සහ ක්‍රිස්තියානි සභාවෙන් ඈත් විය හැකියි. ඊට හේතුව එය වේශ්‍යාකමට මඟ පෑදීමයි. අනෙක් අතට විවාහක කෙනෙක් වෙනත් කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා නම් එය අනාචාරයට මඟ පෑදිය හැකියි. දරුවන්ට දෙමාපියන් අහිමි වීමටත් විවාහය දෙකඩ වීමටත් එය හේතු වෙන්න පුළුවන්. එවැනි ක්‍රියා එකමුතුකමට මොන තරම් බාධාවක්ද! පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ ඉගෙනගෙන ඇති ආකාරයට ක්‍රිස්තුස් එවැනි කෙනෙක් නොවේ.” ඒ නිසා අපි එවැනි ක්‍රියාවලින් වැළකී සිටීම මොන තරම් වැදගත්ද!—එෆී. 4:20, 21.
11. බයිබලයේ ක්‍රිස්තියානීන්ට උනන්දු කර ඇත්තේ කුමක් කිරීමටද?
11 නුසුදුසු ආකල්ප ඉවත් කර එකමුතුකමට දායක වන ආකල්ප ඇති කරගැනීමේ වැදගත්කම පාවුල් මෙසේ අවධාරණය කළා. “ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි. මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා ඔබ තව තවත් පිරිහීමට ලක් විය. එසේනම් දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි. එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි. එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.” (එෆී. 4:22-24) “අලුත් ආකාරයකින් සිතීමට පුරුදු” වන්න අපට පුළුවන් කොහොමද? දෙවිගේ වචනයෙන් හා අද්දැකීම් ලත් අයගෙන් ඉගෙනගන්නා දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් එසේ කළ හැකියි. ඒ තුළින් අපට “දෙවිගේ කැමැත්තට එකඟව” අලුත් පෞද්ගලිකත්වයක් ඇති කරගත හැකියි.
කතාබහ කරන ආකාරය වෙනස් කරගන්න
12. ඇත්ත කතා කිරීම එකමුතුකමට දායක වන්නේ කොහොමද? සමහරුන්ට එය අපහසු දෙයක් වන්නේ ඇයි?
12 පවුල තුළත් සභාව තුළත් එකමුතුව සිටීමට නම් ඇත්ත කතා කිරීම ඉතා වැදගත්. කෙනෙක් සෘජුව, විවෘතව හා කාරුණිකව කතා කරනවා නම් ඔහුට අන් අය සමඟ එකමුතුව සිටිය හැකියි. (යොහ. 15:15) නමුත් සහෝදරයෙක් හෝ පවුලේ කෙනෙක් බොරු කියනවා කියා සිතන්න. අනික් තැනැත්තා එය දැනගත් විට දෙදෙනා අතර ඇති විශ්වාසය පලුදු වෙනවා. ඒ නිසා පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි. එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.” (එෆී. 4:25) පුරුද්දක් ලෙස බොරු කියන කෙනෙකුට, විශේෂයෙන්ම කුඩා කල සිටම එසේ කිරීමට පුරුදු වී සිටින කෙනෙකුට ඇත්ත කතා කිරීම පහසු දෙයක් නොවිය හැකියි. නමුත් එසේ කිරීමට ඔහු ගන්නා වෑයම දෙවි අගය කරන අතර අවශ්‍ය වෙනස්කම් කරන්න ඔහුට උපකාර කිරීමටද දෙවි කැමැත්තෙන් සිටිනවා.
13. අසභ්‍ය වචන පැවසීමෙන් වැළකී සිටීමට කළ යුත්තේ කුමක්ද?
13 අපගේ දිව පාලනය කරගැනීමෙන් එකමුතුකම ආරක්ෂා කරගැනීමට යෙහෝවා දෙවි අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. උදාහරණයකට ඔහු මෙවැනි මඟ පෙන්වීමක් දී තිබෙනවා. ‘ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.’ (එෆී. 4:29, 31) අප අන් අයට ගෞරව කරනවා නම් කෝපයෙන් ඔවුන්ට කතා කරන්නේ නැහැ. උදාහරණයකට තම භාර්යාවට නිතර කෝපයෙන් කතා කරන ස්වාමිපුරුෂයෙක් ඇය කෙරෙහි ඇති ආකල්පය වෙනස් කරගත යුතුයි. විශේෂයෙන්ම යෙහෝවා දෙවි ස්ත්රීන්ට සලකන ආකාරය ඉගෙනගන්නා ස්වාමිපුරුෂයන් එසේ කළ යුතුයි. යෙහෝවා දෙවිද සමහර ස්ත්‍රීන්ව ඔහුගේ බලයෙන් අභිෂේක කර යේසුස්ගේ පාලනයට හවුල් වීමේ අවස්ථාව ලබා දීමෙන් ඔවුන්ට ගෞරව කර තිබෙනවා. (ගලා. 3:28; 1 පේතෘ. 3:7) අනෙක් අතට පුරුද්දක් ලෙස තම ස්වාමිපුරුෂයාට කෝපයෙන් කෑගසන භාර්යාවක් ඇගේ ආකල්පය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා යේසුස් කෝපය පාලනය කරගත් ආකාරය ගැන කල්පනා කිරීම ප්‍රයෝජනවත්.—1 පේතෘ. 2:21-23.
14. කෝපය පිට කිරීම භයානක දෙයක් වන්නේ ඇයි?
14 කෙනෙක් බොහෝවිට අසභ්‍ය වචන කතා කරන්නේ කෝපය පාලනය කරගැනීමට නොහැකි වූ විටයි. එයද එකමුතුකමට බාධා ඇති කරනවා. කෝපය හරියට ගින්නක් වගෙයි. එය පාලනය කර නොගත්තොත් විශාල හානියක් සිදු විය හැකියි. (හිතෝ. 29:22) ඒ නිසා තමන්ට වරදක් කර ඇති කෙනෙකු සමඟ ඒ ගැන කතා කරන විටදී පවා කෝපයෙන් කතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නොකළොත් දෙදෙනා අතර ඇති එකමුතුකමට එය හානියක් විය හැකියි. ඒ වගේම අමනාපය සිතේ තබාගැනීම හා විසඳූ ගැටලුව ගැන නැවත නැවත කතා කිරීම වෙනුවට ක්‍රිස්තියානීන් එකිනෙකාට සමාවද දිය යුතුයි. (ගීතා. 37:8; 103:8, 9; හිතෝ. 17:9) පාවුල් ඒ ගැන එෆීසවරුන්ට මෙසේ පැවසුවා. “ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට කිසි ඉඩක් නොදෙන්න.” (එෆී. 4:26, 27) කෙනෙක් තම කෝපය පාලනය කරගන්නේ නැත්නම් එකමුතුකමට බාධා ඇති කිරීමටත් සභාව තුළ ප්‍රශ්න ඇති කිරීමටත් ඔහු සාතන්ට ඉඩ දෙනවා.
15. අපට අයිති නැති දෙයක් ගැනීමෙන් සිදු වන්නේ කුමක්ද?
15 තමන්ට අයිති නැති දෙයක් ගැනීමෙන් වැළකී සිටීම එකමුතුකමට දායක වෙනවා. ඒ ගැන පාවුල් එෆීසවරුන්ට පැවසුවේ, “සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි” කියායි. (එෆී. 4:28) යෙහෝවා දෙවිගේ සෙනඟ ඔවුනොවුන්ව විශ්වාස කරනවා. ඒ නිසා ක්‍රිස්තියානියෙක් තමන්ට අයිති නැති දෙයක් ගැනීමෙන් ඒ විශ්වාසය කඩ කළොත් ඔහු සභාවේ එකමුතුකමට බාධා ඇති කරනවා.
දෙවිට ඇති ප්‍රේමය අපව එකමුතු කරනවා
16. එකිනෙකාව දිරිගන්වන ආකාරයෙන් කතා කිරීම එකමුතුකමට දායක වන්නේ කොහොමද?
16 අපට යෙහෝවා දෙවි කෙරෙහි ඇති ප්‍රේමය අන් අයට ප්‍රේම කිරීමට අපව පොලඹවනවා. එයද එකමුතුකමට දායක වෙනවා. අප යෙහෝවා දෙවි පෙන්වූ ප්‍රේමයට ස්තුතිවන්ත වෙනවා නම් මෙම උපදෙස පිළිපැදීමට දැඩි වෑයමක් දරනවා. ‘සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න. එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.’ (එෆී. 4:29, 32) පව්කාරකම උරුම කරගෙන සිටින අපට යෙහෝවා දෙවි ඉතා කාරුණිකව සමාව දෙනවා. එසේනම් අපත් අන් අය අතින් අඩුපාඩුකම් සිදු වෙද්දී ඔවුන්ටත් ඒ ආකාරයටම සමාව දීම සුදුසු දෙයක් නොවේද?
17. එකමුතුකම රැකගැනීමට අප දැඩි වෑයමක් දැරිය යුත්තේ ඇයි?
17 යෙහෝවා දෙවිගේ සෙනඟ අතර තිබෙන එකමුතුකම ඔහුට මහත් ගෞරවයක් ගෙන දෙනවා. එකමුතුකමට විවිධාකාරවලින් දායක වීම සඳහා ඔහු අපට බලය ලබා දෙනවා. දෙවි දෙන මඟ පෙන්වීම්වලට විරුද්ධ වීමට අප කවුරුත් කැමති නැහැ. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න.” (එෆී. 4:30) අපි එකමුතුකම වස්තුවක් මෙන් රැකගනිමු. එකමුතුව සිටින අයට ඉන් විශාල ප්‍රීතියක් ලැබෙන අතර දෙවිටද ඉන් ගෞරවය ලැබෙනවා. ඒ නිසා අපි ‘දෙවිගේ ප්‍රේමණීය දරුවන් මෙන් දෙවිව අනුකරණය කරමින් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වෙමු.’—එෆී. 5:1, 2.
ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?
• එකමුතුකමට දායක වන ගුණාංග මොනවාද?
• සභාවේ එකමුතුකමට අපගේ හැසිරීම දායක වන්නේ කොහොමද?
• අපගේ කතාව සභාවේ එකමුතුකමට දායක වන්නේ කොහොමද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[17වන පිටුවේ පින්තූරය]
විවිධ පසුබිම්වලින් පැමිණි අය එකමුතුව සිටිනවා
[18වන පිටුවේ පින්තූරය]
නුසුදුසු ආලවන්තකම් පෑමේ ඇති භයානකකම ගැන ඔබ අවබෝධ කරගෙන සිටිනවාද?