නත්තල යන මඟ
නත්තල යන මඟ
මීට අවුරුදු දහයකට පෙර දෙසැම්බර් මාසයේදී පළවූ එක් සඟරාවක නත්තල ගැන ලිපියක් පළ වුණා. (U.S. News & World Report) “නත්තලේ සුල මුල” නමැති මාතෘකාව යටතේ ලියා තිබූ එම ලිපිය මගින් මූලිකවම අවධානය යොමු කර තිබුණේ මෙතෙක් කල් වෙළෙඳ ලෝකයට හසු වී තිබූ නත්තල ඉන් මිදී ආගමික පැත්තට යොමු වී තිබෙනවාද යන්න ගැනයි. ඇත්තටම නත්තලේ එවැනි වෙනසක් දැකිය හැකිද?
එවැනි වෙනසක් සිදු වී නැති බවට හේතු පෙන්වමින් එම ලිපියේ මෙසේ සඳහන් වී තිබුණා. ‘රෝමයේ අධිරාජ්‍යයාව සිටි කොන්ස්ටන්ටයින්ගේ පාලනය සමය පැවති හතරවන සියවසට කලින් සිටි කිසිවෙක් ක්‍රිස්තුස්ගේ උපත සැමරූ බවට කිසිම සාක්ෂියක් නැහැ. යේසුස්ගේ උපත සිදු වූ දිනය කිසිවෙක් හරියටම දැන සිටියේ නැති බව එයින් හොදින්ම පෙනී යනවා.’ බයිබලයේ ශුභාරංචි පොත්වල යේසුස්ගේ උපත සිදු වූ අවුරුද්දවත් සඳහන් වන්නේ නැහැ. එසේනම් මාසය හෝ දිනය සඳහන් වෙයි කියා සිතන්නවත් නොහැකි බව එම ලිපියේ තවදුරටත් සඳහන් වී තිබුණා. ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥවරියක් පවසන ආකාරයට “යේසුස්ගේ මුල් අනුගාමිකයන් ඔහුගේ උපත සැමරීම ගැන උනන්දු වූයේ නැහැ.”
එම ලිපියේ, “මතවාදයට තුඩු දුන් කරුණක්” නමැති උපමාතෘකාව යටතේ පල්ලිය යේසුස්ගේ උපත සැමරීමට “දෙසැම්බර් 25 වෙනිදා තෝරාගැනීමට හේතු” පෙන්වා දෙමින් මෙසේ සඳහන් වුණා. ‘නත්තල කියන්නේ සැටර්නේලියා උත්සවය හා වෙනත් මිථ්‍යා දෘෂ්ටික උත්සවවලට ක්‍රිස්තියානි මුහුණුවරක් ලබා දීමේ අරමුණින් ඇති කළ නිවාඩු දිනයක් බව බොහෝදෙනෙක් පිළිගන්නවා. සාමාන්‍යයෙන් ජනයා දෙසැම්බර් මාසයේ අග උත්සව පැවැත්වීමට කාලයක සිට පුරුදුව සිටි නිසා ගැලවුම්කරුවාණන්ගේ උපතත් ඒ කාලයේම සැමරීමට පල්ලිවල නායකයන් තීරණය කළා.’ දහනවවන සියවස මැදභාගය වන විට තෑගි බෝග හුවමාරු කිරීමේ අලුත් අංගය නත්තලට එක්වූ නිසා එය ව්‍යාපාරික මුහුණුවරක් ගත්තා. ‘මේ අලුත් අංගය නිසා තමන්ට මහත් ලාභ ඉපයීමේ අවස්ථාවක් උදාවන බව තේරුම්ගත් ව්‍යාපාරිකයන් නත්තල් සමය ගැන විශාල ප්‍රචාරයක් දෙන්න පටන් ගත්තා.’
මෙම අදහස් වලින් පෙනී යන්නේ නත්තල සැබෑ ක්‍රිස්තියානි ආගමට එකඟ නැති උත්සවයක් බවයි. වර්තමානයේදී නත්තල විසිතුරු ව්‍යාපාර ලෝකයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් කවදාවත් නත්තල සැමරුවේ නැහැ. බයිබලයේ වැඩි අවධානයක් දෙන්නේ යේසුස්ගේ උපතට නොව මිනිසා මුදවාගැනීමට ඔහු කළ ජීවිත පූජාවට හා ඔහුගේ නැවත නැඟිටීමටයි. (මතෙව් 20:28) එයට එදා සිට අද දක්වා වැදගත් තැනක් හිමි වී තිබෙනවා. සදහටමත් එසේ වෙනවාට සැකයක් නැහැ.