සැබෑ මිතුරන්ව සොයාගන්න ඔබ කැමතිද?
සැබෑ මිතුරන්ව සොයාගන්න ඔබ කැමතිද?
අපි හැමෝටම වගේ මිතුරන් අවශ්‍යයි. ඔබගේ අද්දැකීම් ඔබට කිට්ටු හිතවතෙක් එක්ක බෙදාගැනීමේදී ඔබගේ ජීවිතය තවත් ප්‍රීතිමත් වෙනවා. නමුත් සැබෑ මිතුරන් සොයාගන්න පුළුවන් කොහොමද? හොඳ මිත්‍රත්වයක් සඳහා අවශ්‍ය වෙන්නේ පරාර්ථකාමී ප්‍රේමය බව මීට අවුරුදු 2,000කට කලින් යේසුස් පෙන්වා දුන්නා. ඔහු ඉගැන්නුවේ “අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න” කියායි. (ලූක් 6:31) ඒ උපදෙසින් පැහැදිලි වෙන්නේ හොඳ මිතුරන් ඇති කරගන්න නම් කෙනෙක් අනුන් වෙනුවෙන් දීමේ ස්වභාවයක් ඇතිව සිටිය යුතු බවයි. එසේනම් මිතුරන් ඇතිව සිටීමට ඔබත් හොඳ මිතුරෙක් වීම අවශ්‍යයි. ඒ කොහොමද?
මිතුරන් කියන්නේ නිකම්ම දන්න හඳුනන අයට වඩා කිට්ටු සම්බන්ධයක් තියෙන අයටයි. මෙවැනි කිට්ටු මිත්‍රත්වයක් එක රැයකින් නම් ඇති වෙන්නේ නැහැ. එවැනි මිතුරෙකුට සිතේ ඇති දේවල් පවා කියන්න පුළුවන්. ඒ වගේ බැඳීමක් ඇති කරගන්නත් එය පවත්වාගෙන යන්නත් ලොකු වෑයමක් දරන්න ඕනේ. හොඳ මිතුරෙක් තමාගේ කාරණාවලට වඩා තම මිතුරාගේ කාරණාවලට අවධානය දෙනවා. සැබෑ මිතුරන් සතුටේදී හිනාවෙනවා වගේම දුකේදී ඒ දුක බෙදාගන්නවා.
හිතට සහනයක් ඕන කරන කෙනෙකුට ඒ සහනය දීමෙන් සහ ප්‍රායෝගික උපකාර දීමෙන් ඔබ සැබෑ මිතුරෙක් බව ඔප්පු කරනවා. “මිත්‍රයෙක් සැම කල්ම ආදරේ වෙයි. සහෝදරයෙක්ද විපත්තියේදී ආධාර පිණිස උපදින්නේය” කියා හිතෝපදේශ 17:17හි සඳහන් වෙනවා. ඇත්තෙන්ම සැබෑ මිතුදම් සමහර පවුල්වල තිබෙන බැඳීම්වලට වඩා ශක්තිමත් විය හැකියි. ඒ ගැන හිතෝපදේශ 18:24 කියන්නේ “බොහෝ මිත්‍රයන් සපයා ගන්නා එසේ කරන්නේ තමාගේම විනාශයටය. එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම් වූ මිත්‍රයෙක් ඇත” කියායි. ඒ වගේ සැබෑ මිතුදම් ඇති කරගැනීමට ඔබත් කැමතිද? ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් එකිනෙකාට ප්‍රේමය පෙන්වීම ගැන ප්‍රසිද්ධ වී තිබෙන කණ්ඩායමක් සමඟ ආශ්‍රය කරන්නත් ඔබ කැමතිද? (යොහන් 13:35) එහෙමනම් ඔබේ ප්‍රදේශයේ සිටින ඒ සැබෑ මිතුරන් ගැන ඔබට කියා දීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සතුටු වේවි.