Skip to content

පටුනට යන්න

ඔවුන් අන්ධ හා බිහිරි අයටත් ශුභාරංචිය කියා දෙනවා

ඔවුන් අන්ධ හා බිහිරි අයටත් ශුභාරංචිය කියා දෙනවා

ඔවුන් අන්ධ හා බිහිරි අයටත් ශුභාරංචිය කියා දෙනවා

“ඔවුන් ඔබට දෙවි ගැන කියා දෙනවා!” ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි නොවොල්කොර්නේරෝවල තිබෙන වැඩිහිටි නිවාසයක අධ්‍යක්ෂකවරයෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කළ බැහැදැකීම් ගැන අදහස් දැක්වූවේ එහෙමයි. එවැනි දෙයක් කියන්න ඔහු පෙලඹුණේ ඇයි?

රෝසාස් ඩෙල් කොමේනෝ නිවාසයේ සිටින හුඟ දෙනෙක් බිහිරියි. ඒත් ඒ අය එක්ක අදහස් හුවමාරු කරගන්න සාක්ෂිකරුවන්ට පුළුවන් වුණා. ඒ, සාක්ෂිකරුවන් ස්පාඤ්ඤ සංඥා බස ඉගෙනගැනීමට වෑයමක් දරා තිබෙන නිසයි. බයිබල් සත්‍යතා ඉගෙනගන්න ආස අයට ඒ ගැන ඉගැන්වීමට කැමැත්තෙන්ම කාලය වැය කිරීම ගැන අධ්‍යක්ෂකවරයා සාක්ෂිකරුවන්ට ප්‍රශංසා කළා. ඒ නිවාසයේ සිටි අයට රාජ්‍යයේ ශුභාරංචිය ගැන ඉගැන්වීමෙන් ලද යහපත් බලපෑම් ගැන ඔහුට දකින්නට ලැබුණා. ඒ වගේම ඒ නේවාසිකයන්, විශේෂයෙන්ම ඇසීමේ හා පෙනීමේ දුර්වලතා තිබුණ අය සාක්ෂිකරුවන්ගේ පැමිණීම ගොඩාක් අගය කළා.

එක් නේවාසිකයෙක් වන යූලෝහියෝ දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා. ඔහු බිහිරියි වගේම අන්ධයි. දවසක් පාඩම කරන අතරතුර මහලු කෙනෙක් ඒ සාක්ෂිකරුවාට යමක් ලියූ කඩදාසියක් දුන්නා. එහි සඳහන් වුණේ ඒ නිවාසයේ අය සාක්ෂිකරුවන්ට ස්තුති කිරීමක් වශයෙන් නිර්මාණය කළ කවියක්. එහි තේමාව “සාක්ෂිකරුවෙක් වීම” යන්නයි. ඒකේ එක් කොටසක තියෙන්නේ මෙහෙමයි. “සාක්ෂිකරුවන් යහපත් ගුණගරුක දිවි ගෙවයි, යෙහෝවා දෙවිඳුන් ඔවුන්ට නැණ නුවණ දෙයි, ඔවුන් නිරතුරුවම ජනයා හමුවට යයි, ඒ මුළු හදින් යෙහෝවා දෙවිඳුන් අදහන නිසයි.”

ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම රටේ සිටින බිහිරි අයට ඉගැන්වීමට සංඥා බස ඉගෙනගන්නේ යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන නිසයි. මේ ආකාරයට බයිබලයේ සඳහන් දිරිගන්වන බලාපොරොත්තුවේ පණිවිඩය ඔවුන් බිහිරි අයටත් කියා දෙනවා.