රුධිරයේ පරිශුද්ධභාවය රැකගැනීම සඳහා උපකාර
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
රුධිරයේ පරිශුද්ධභාවය රැකගැනීම සඳහා උපකාර
ලෝක ව්‍යාප්තව සිටින යෙහෝවාගේ සියලුම සාක්ෂිකරුවන් රුධිරයේ පරිශුද්ධභාවය රැකීමෙන් දෙවිට ඇති තමන්ගේ පක්ෂපාතිත්වය ඔප්පු කර තිබෙනවා. (ක්‍රියා 15:28, 29) එම ක්‍රිස්තියානි සහෝදරත්වයට අවශ්‍ය උපකාරය සපයා දී තිබෙන්නේ විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තිය මගිනුයි. (මතෙව් 24:45-47) මේ සම්බන්ධයෙන් පිලිපීනය අද්දුටු ප්‍රතිඵල ගැන සෝදිසි කර බැලීම වටිනවා.
පිලිපීනයේ ශාඛා කාර්යාලයෙන් මෙසේ වාර්තා වෙනවා. “අපිට 1990දී දැනුම් දුන්නා බෘක්ලින් බෙතෙල් එකේ නියෝජිතයන් කිහිපදෙනෙක් පිලිපීනයේ සම්මන්ත්‍රණයක් පවත්වන්න කටයුතු කර තිබෙන බව. කොරියාව, තායිවානය සහ හොං කොං වැනි විවිධ ආසියාතික රටවල සහෝදරයන්ටත් මේ සඳහා ඇරයුම් කරනු ලැබුවා. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමේ පරමාර්ථය වූයේ ශාඛා කාර්යාලවල තිබෙන රෝහල් තොරතුරු සේවා කමිටු සංවිධානය කිරීමත් රෝහල් සබඳතා කමිටු පිහිටුවීමට උපකාර කිරීමත්ය. පිලිපීනයේ මෙම කමිටු මූලිකව පිහිටා තිබුණේ ප්‍රධාන නගර හතරකයි.” මෙම කමිටු සංවිධානය කිරීමේ අරමුණ වුණේ රුධිරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් දරන මතයට එකඟව කටයුතු කරන්න කැමති වෛද්‍යවරුන්ව සොයා බැලීමත් රුධිරය සම්බන්ධ යම් ප්‍රශ්නවලට මුහුණ පා සිටින සහෝදරයන්ට අවශ්‍ය උපකාරය සැපයීමත්ය.
බගියෝහි රෝහල් සබඳතා කමිටුවට සම්බන්ධ වී සේවය කිරීම සඳහා රෙමිකියෝව තෝරාගත්තා. කාලයාගේ ඇවෑමෙන් මෙම කමිටුවේ සේවය ගැන වෛද්‍යවරුන්ට යම් පැහැදීමක් ඇති වුණා. එක් අවස්ථාවකදී රුධිරය ප්‍රතික්ෂේප කරන සාක්ෂිකාර රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා වෛද්‍යවරු කිහිපදෙනෙක් රෝහල් සබඳතා කමිටුවෙන් ප්‍රශ්න කළා රෙමිකියෝට මතකයි. “වෛද්‍යවරු ප්‍රශ්න අහන්න පටන්ගත්තා. ඒ ප්රශ්නවල ගොඩාක් වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වචන තිබුණු නිසා මට උත්තර දෙන්න අමාරු වුණා” කියා රෙමිකියෝ පැවසුවා. ඔහු මේ ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කළා. රෙමිකියෝ මේ ගැන තවදුරටත් පැවසුවේ මෙසේයි. “වෛද්‍යවරු අහපු හැම ප්‍රශ්නයකටම ඒ කණ්ඩායමේම වෙනත් වෛද්‍යවරයෙක් තමන් එවැනි තත්වයන් හැසිරුවේ කොහොමද කියලා පිළිතුරු දුන්නා.” රෙමිකියෝ ගොඩාක් සතුටු වුණා ඔහුට ලැබුණු මේ උපකාරය ගැන. මොකද මෙම ප්‍රශ්න උත්තර සාකච්ඡාව පැය දෙකක් පුරා තිබුණා.
දැන් එම රට පුරා කමිටු 21ක් පිහිටුවා තිබෙන අතර මේ කමිටුවල සහෝදරයන් 77දෙනෙක් සේවය කරනවා. ඩැනිලෝ නම් සාක්ෂිකාර වෛද්‍යවරයෙක් කියනවා “සාක්ෂිකාර රෝගීන්ට උපකාර කරන ප්‍රේමණීය සංවිධානයක් තිබෙන බව වෛද්‍යවරු තේරුම්ගෙන තියෙනවා” කියා. එක් සහෝදරයෙකුට රුධිරය නොමැතිව ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරයෙක් අකමැති වුණා. කෙසේවෙතත් මේ සහෝදරයා ඔහුගේ තීරණය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටියා. ඉන්පසු ශල්‍යකර්මය කරනු ලැබූ අතර එය සාර්ථක වුණා. රෝහල් තොරතුරු සේවා කමිටුව මේ ගැන වාර්තා කරන්නේ මෙසේයි. “මේ සහෝදරයා ලැබූ සුවය ගැන වෛද්‍යවරයා පුදුම වෙනවා. ඔහු පැවසුවේ මෙසේයි. ‘අපි ලබපු මේ අද්දැකීම නිසා මම සතුටුයි ඔබගේ සාමාජිකයන්නේ කාට හරි රුධිරය නැතුව මේ වගේ ශල්‍යකර්මයක් කරගන්න අවශ්‍ය නම් ඒක කරන්න.’”