‘යෙහෝවා කොහේද’ කියා ඔබ අසනවාද?
‘යෙහෝවා කොහේද’ කියා ඔබ අසනවාද?
‘ඔවුහු මා වෙතින් ඈත් වී . . . යෙහෝවා කොහේදැයි නෑසුවෝය.’—යෙරෙමියා 2:5, 6.
1. “දෙවියන් කොහේද” යනුවෙන් මිනිසුන් අසන විට, ඉන් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද?
“දෙවියන් කොහේද?” එය නම් බොහෝදෙනෙකු විසින් අසා ඇති ප්රශ්නයකි. සමහරුන් එසේ විමසන්නේ මැවුම්කරු සම්බන්ධයෙන් මූලික කාරණයක් තේරුම්ගැනීමට තමන් දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසිනි. ඔවුන්ට දැනගන්නට අවශ්‍යව ඇත්තේ ඔහු සිටින්නේ කොහේද යන්නය. තවත් සමහරුන් එම ප්රශ්නය නඟා ඇත්තේ හාත්පස පැතිර පවතින විපත් දකින විටදීය. එසේ නැතහොත් පෞද්ගලිකව යම් දැඩි අසීරුතාවන්වලට ලක් වූ නිසා, දෙවි ඇයි මැදිහත් නොවූයේ යන්න කොහොමටවත් තේරුම්ගැනීමට තමන් අපොහොසත් වූ විටදීය. ඒ අතර ඇතැම් උදවිය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොනඟති. මන්ද දෙවි කෙනෙකු සිටින බවට වූ අදහසම ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කරන බැවිනි.—ගීතාවලිය 10:4.
2. දෙවිව සෙවීමේදී සාර්ථක වන්නේ කවුරුන්ද?
2 කෙසේවෙතත්, දෙවි කෙනෙකු සිටින බවට තිබෙන සාක්ෂි රැස පිළිගන්නා බොහෝදෙනෙක්ද සිටිති. (ගීතාවලිය 19:1; 104:24) මොවුන් අතර නමට පමණක් තම ආගම ඇදහීමෙන් සෑහීමට පත්ව සිටින අයද වෙත්. එනමුත්, සෑම රටකම පාහේ වෙසෙන මිලියන ගණන් වෙනත් අය සත්‍යය සඳහා තිබෙන දැඩි ප්‍රේමය හේතුවෙන් සැබෑ දෙවිව සෙවීමට පෙලඹී ඇත. “ඔහු අප එකිනෙකාට නුදුරුව” සිටින බැවින්, ඔවුන් දරා ඇති උත්සාහය ව්‍යර්ථ වූ එකක් නම් නොවේ.—ක්‍රියා 17:26-28.
3. (අ) දෙවිගේ වාසස්ථානය කොහේද? (ආ) ‘යෙහෝවා කොහේද’ යන ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නයෙන් ඇඟවෙන්නේ කුමක්ද?
3 පුද්ගලයෙකු සැබවින්ම යෙහෝවාව සොයාගන්නා විට, “දෙවි” මිනිස් ඇස්වලට නොපෙනෙන “ආත්මයක්” බව ඔහු තේරුම්ගනියි. (යොහන් 4:24) යේසුස් සැබෑ දෙවිට යොමු දක්වමින් පැවසුවේ “ස්වර්ගයේ සිටින මාගේ පියාණන්” ලෙසය. ඉන් අදහස් වන්නේ කුමක්ද? අහස පොළොවට වඩා උස්ව පිහිටා තිබෙන්නාක් මෙන්, අපගේ ස්වර්ගික පියාණන් සිටින ස්ථානය ආත්මික අරුතකින් ගත් කල ඉතා උත්කෘෂ්ට වූ වාසස්ථානයක් වන බවය. (මතෙව් 12:50, NW; යෙසායා 63:15) අපගේ භෞතික ඇස්වලින් දෙවිව දැකබලා ගැනීමට නොහැකි වුවද, ඔහුව දැනහඳුනා ගැනීමට හා ඔහුගේ අරමුණු ගැන බොහෝ දෑ ඉගෙනීමට අවස්ථාව ඔහු අපහට සලසා දෙයි. (නික්මයාම 33:20; 34:6, 7) ජීවිතයේ අරුත සොයමින් සිටින අවංක මිනිසුන් අසන ප්‍රශ්නවලට ඔහු පිළිතුරු සපයයි. අපගේ ජීවිතයට බලපාන කාරණා සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය කුමක්ද යන්න තේරුම්ගැනීමට ඔහු ඉතා විශ්වාසවන්ත මඟ පෙන්වීම්ද සපයයි. වෙනත් වචනවලින් කිවහොත් ඔහු කාරණා දෙස බලන ආකාරයත්, අප ආශා කරන දේ ඔහුගේ අරමුණුවලට එකඟද නැද්ද යන්නත් අවබෝධ කරගැනීමට අපට පුළුවන. අප මෙවැනි දේවල් සෝදිසි කර බලනවාට හා පිළිතුරු සෙවීමට අවංක උත්සාහයක් දරනවාට ඔහු කැමතියි. මෙසේ කිරීමට අපොහොසත් වූ පුරාණ ඊශ්‍රායෙල්හි ජනතාවට යෙහෝවා අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් අවවාද කළේය. ඔවුන් දෙවිගේ නාමය දැන සිටියද, ‘යෙහෝවා කොහේද’ යන්න ඔවුන් ඇසුවේ නැත. (යෙරෙමියා 2:6) යෙහෝවාගේ අරමුණ, ඔවුන්ගේ අවධානයට ලක් වූ ප්‍රධාන දේ නොවීය. ඔවුන් ඔහුගේ මඟ පෙන්වීම සොයමින් සිටියේ නැත. කුඩා වුවත්, ලොකු වුවත් තීරණ ගැනීමට සිදු වෙද්දී ‘යෙහෝවා කොහේද’ කියා ඔබ අසනවාද?
දෙවිගෙන් කාරණා විමසූ අය
4. යෙහෝවාගෙන් කාරණා විමසීම සම්බන්ධයෙන් දාවිත් තැබූ ආදර්ශයෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
4 යෙස්සේගේ පුත්‍ර වූ දාවිත් තරුණ කාලේදී පවා යෙහෝවා කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟීය. ඔහු යෙහෝවාව දැනහඳුනා ගෙන සිටියේ “ජීවමාන දෙවි” ලෙසිනි. දාවිත් යෙහෝවාගේ ආරක්ෂාව පෞද්ගලිකව අද්දැක තිබුණු කෙනෙකි. ඇදහිල්ලෙන් හා ‘යෙහෝවාගේ නාමය’ කෙරෙහි ප්‍රේමයෙන් පෙලඹුණු දාවිත්, අවිවලින් සන්නද්ධ වී සිටි පිලිස්තිය යෝධයා වූ ගොලියත්ව මරා දැමීය. (1 සාමුවෙල් 17:26, 34-51) කෙසේවෙතත්, දාවිත් එම සටනේදී සාර්ථක වුවත්, ඔහු තමා කෙරෙහි විශ්වාසය තබන්නට ගියේ නැත. මෙතැන් සිට තමන් කවර දෙයක් කළද, යෙහෝවා ඔහුට ආශීර්වාද කරයි කියා ඔහු තර්ක කරන්නට ගියේ නැත. ඉන් අනතුරුව උදා වූ වසර ගණන පුරා තීරණ ගැනීමට සිදු වූ අවස්ථාවලදී දාවිත් නැවත නැවතත් යෙහෝවාගෙන් කාරණා විමසා බැලීය. (1 සාමුවෙල් 23:2; 30:8; 2 සාමුවෙල් 2:1; 5:19) ඔහුගේ අඛණ්ඩ යාච්ඤාව වූයේ මෙයයි. “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව. ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව. මක්නිසාද ඔබ මාගේ ගැලවීමේ දෙවිය. දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලා සිටිමි.” (ගීතාවලිය 25:4, 5) අපට අනුගමනය කිරීම සඳහා මොන තරම් කදිම ආදර්ශයක්ද!
5, 6. තම ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී යෙහෝෂාපාට් යෙහෝවාව සෙව්වේ කෙසේද?
5 දාවිත්ගේ රාජකීය පෙළපතේ පස්වන රජ වූ යෙහෝෂාපාට් රජුගේ කාලයේදී, යූදා රාජ්‍යයට එරෙහිව ජාතීන් තුනක එකතුවකින් සැදුම් ලත් බල ඇණියක් යුද්ධයට ආවේය. මුළු ජාතියටම බලපෑ මෙම හදිසි අවදානම් තත්වය හමුවේ යෙහෝෂාපාට් ‘යෙහෝවාව සොයන්ට සිත යොමු කළේය.’ (2 ලේකම් 20:1-3) මෙය යෙහෝෂාපාට් යෙහෝවාව සොයන්නට යොමු වූ මුල්ම අවස්ථාව නම් නොවේ. ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසමින් සිටි උතුරු ඊශ්‍රායෙල් රාජ්‍යය යෙදී සිටි බාල් නමස්කාරය මෙම රජු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, යෙහෝවාගේ මාර්ගවල යෑමට ඔහු තෝරාගෙන තිබිණ. (2 ලේකම් 17:3, 4) යෙහෝෂාපාට් මෙම උද්ගත වූ අර්බුදය හමුවේ ‘යෙහෝවාව සෙව්වේ’ කෙලෙසද?
6 මෙම තීරණාත්මක අවස්ථාවේදී යෙරුසලමෙහිදී ප්‍රසිද්ධියේ ඔප්පු කළ යාච්ඤාවකදී යෙහෝෂාපාට් පෙන්නුම් කළේ තමා යෙහෝවාගේ සර්වපරාක්‍රම වූ බලය සිතට ගෙන තිබූ බවයි. වෙනත් ජාතීන් පිටමං කිරීමටත් උරුමයක් ලෙස ඊශ්රායෙලයට නියමිත දේශයක් දීමටත් කටයුතු කර තිබුණේ යෙහෝවායි. එයින් පැහැදිලිව තේරුම්ගත හැකි වූ යෙහෝවාගේ අරමුණ ගැන ඔහු ගැඹුරින් කල්පනා කර තිබිණ. යෙහෝවාගේ උපකාර තමන්ට අවශ්‍ය බව රජ පිළිගත්තේය. (2 ලේකම් 20:6-12) එම අවස්ථාවේදී යෙහෝවා තමාව සොයාගැනීමට ඔහුට ඉඩ දුන්නාද? ඇත්ත වශයෙන්ම ඉඩ දුන්නේය. ලෙවීවරයෙකු වූ යහසීයෙල් මාර්ගයෙන් යෙහෝවා නිශ්චිත මඟ පෙන්වීමක් සපයා දුන් අතර, ඊළඟ දිනේදී ඔහු තම සෙනඟට ජය අත් කර දුන්නේය. (2 ලේකම් 20:14-28) ඔබ මඟ පෙන්වීම පතමින් යෙහෝවා වෙතට හැරෙන විට ඔහුව සොයාගැනීමට ඔහු ඉඩහරියි කියා ඔබට නිශ්චිත විය හැක්කේ කෙසේද?
7. දෙවි සවන් දෙන්නේ කාගේ යාච්ඤාවලටද?
7 යෙහෝවා සියල්ලන්ටම එක හා සමානව සලකයි. මේ අනුව යාච්ඤාව තුළින් තමාව සෙවීමට ඔහු සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට ආරාධනා කරයි. (ගීතාවලිය 65:2; ක්‍රියා 10:34, 35) ඔහු සැලකිල්ලට ගන්නේ තමාගෙන් අයැද සිටින අයගේ හදවතේ තත්වයයි. ඔහු අපට සහතිකව කියා සිටින්නේ තමා ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙන බවය. (හිතෝපදේශ 15:29) තමා ගැන කලින් කිසිදු උනන්දුවක් නොදැක්වුවද, දැන් යටහත් පහත් ලෙස තමාගේ මඟ පෙන්වීම සොයන අයට තමාව සොයාගැනීමට ඔහු ඉඩ දෙයි. (යෙසායා 65:1) ඔහුගේ නීතිය පිළිපැදීමට අපොහොසත් වුවත්, දැන් යටහත් පහත් ලෙස පසුතැවිලි වන අයගේ යාච්ඤාවලටද ඔහු සවන් දෙයි. (ගීතාවලිය 32:5, 6; ක්‍රියා 3:19, 20) කෙසේවෙතත්, පුද්ගලයෙකුගේ හදවත යෙහෝවාට යටත් නොවන විටදී, එම පුද්ගලයා කරන යාච්ඤාවලට කිසිදු පිළිතුරක් ලැබේවියැයි බලාපොරොත්තු විය නොහැක. (මාක් 7:6, 7) නිදසුන් කිහිපයක් සලකා බලන්න.
ඔවුන් ඉල්ලුවද පිළිතුරු ලැබුණේ නැත
8. සාවුල් රජුගේ යාච්ඤා යෙහෝවාට පිළිගත නොහැකි වූයේ කුමක් නිසාද?
8 සාවුල් රජුගේ අකීකරුකම හේතුවෙන් ඔහුව දෙවි විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි අනාගතවක්තෘ සාමුවෙල් ඔහුට පැවසීමෙන් අනතුරුව, සාවුල් යෙහෝවා ඉදිරියෙහි දණ නැමීය. (1 සාමුවෙල් 15:30, 31) එහෙත්, මෙය නිකම්ම සැමටම දැකගැනීමට හැකි වන පරිද්දෙන් කළ මවාපෑමක් වූවා පමණි. සාවුල්ගේ ආශාව වූයේ දෙවිට කීකරු වීම නොව, නමුත් ජනයා ඉදිරියෙහි ගෞරවය ලැබීමයි. පසු අවස්ථාවකද, පිලිස්තිවරුන් ඊශ්රායෙලයට එරෙහිව යුද්ධ කරන්නට පැමිණි විට, සාවුල් කළේ නිකම්ම යාන්ත්‍රිකව හෙවත් සිරිතක් හැටියට යෙහෝවාගෙන් කාරණා විමසීම පමණි. කෙසේවෙතත්, ඔහුට කිසිදු පිළිතුරක් නොලැබුණු විට, ඔහු ආත්ම බන්ධනකාරියක ළඟට ගියේය. එසේ කළේ එවන් දෙයක් යෙහෝවා විසින් හෙළා දකිනු ලබන බව දැන දැනමය. (ද්විතීය කථාව 18:10-12; 1 සාමුවෙල් 28:6, 7) සිදු වූ දෙය කැටිකොට දක්වමින් සාවුල් ගැන 1 ලේකම් 10:13හි කියවෙන්නේ ‘ඔහු යෙහෝවාගෙන් නොවිචෑරූ’ බවය. ඒ මන්ද? සාවුල්ගේ යාච්ඤා ඇදහිල්ලෙන් ඉදිරිපත් කළ ඒවා නොවූ නිසාය. එබැවින්, ඔහු යාච්ඤා නොකළා හා සමාන විය.
9. යෙහෝවාගේ මඟ පෙන්වීම සඳහා ශෙදෙකියා කළ අයැදීමේ තිබූ වරද කුමක්ද?
9 ඒ හා සමානව, යූදා රාජ්‍යය එහි අවසානය කරා ළඟාවීමත් සමඟ තවත් යාච්ඤා ඉදිරිපත් කරනු ලැබූ අතර, යෙහෝවාගේ අනාගතවක්තෲන්ගෙන්ද කාරණා විමසන ලදි. කෙසේවෙතත්, ජනතාව යෙහෝවාට ගෞරව කරනවා කියා මුවින් ප්‍රකාශ කර සිටියද, ඒ සමඟම රූප වන්දනාවෙහිද යෙදී සිටියෝය. (ශෙපනියා 1:4-6) දෙවිගෙන් කාරණා විමසීමේ පිළිවෙත යාන්ත්‍රිකව අනුගමනය කළද, ඔහුගේ කැමැත්තට යටත් වන්නට ඔවුන් තම හදවත් සූදානම් කරගත්තේ නැත. ශෙදෙකියා රජු යෙරෙමියාගෙන් අයැද සිටියේ ඔහු වෙනුවෙන් යෙහෝවාගෙන් කාරණා විමසන්නට කියාය. කළ යුතු දේ යෙහෝවා ඒ වන විටත් රජුට පවසා තිබිණ. එනමුත් ඇදහිල්ලේ ඌනතාවකින් පෙළුණු රජ මිනිසුන්ට භය වූ නිසා, යෙහෝවාගේ හඬට කීකරු නොවූ අතර, ඒ හේතුවෙන් ශෙදෙකියා කැමති වෙන ආකාරයේ කිසිදු පිළිතුරක් යෙහෝවා ඔහුට දුන්නේ නැත.—යෙරෙමියා 21:1-12; 38:14-19.
10. යොහානාන් යෙහෝවාගේ මඟ පෙන්වීම පැතූ අන්දමෙහි තිබූ වරද කුමක්ද? ඔහුගේ වරදින් අප ඉගෙනගන්නේ කුමක්ද?
10 යෙරුසලම විනාශ කර යුදෙව් වහලුන් සමඟ බබිලෝනිය හමුදාව පිටත්ව ගියායින් පසුව, යූදාහි ඉතිරි වූ ප්‍රමාණයෙන් කුඩා යුදෙව් ජන සමූහය ඊජිප්තුවට ගෙන යන්නට යොහානාන් සූදානම් විය. ඔවුන් සියල්ල සැලසුම් කර තිබිණ. එනමුත් පිටත්ව යන්නට පෙරාතුව ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර යෙහෝවාගෙන් මඟ පෙන්වීම පැතීමට ඔවුහු යෙරෙමියාගෙන් ඉල්ලා සිටියෝය. කෙසේවෙතත්, ඔවුන්ට අවශ්‍ය වූ පිළිතුර නොලැබුණු විට, කිසිම වෙනසක් නොකර, තම සැලසුම් ක්‍රියාත්මක කළෝය. (යෙරෙමියා 41:16–43:7) මෙම සිදුවීම්වලින් ඔබට ප්‍රයෝජනවත් විය හැකියැයි පෙනෙන පාඩම් මොනවාද? ඔබත් යෙහෝවාගේ මුහුණ සොයන විට එනම් ඔහුගේ මඟ පෙන්වීම් පතන විට, ඔහුව සොයාගැනීමට ඔහු ඔබට ඉඩහරිනවාට සැකයක් නොමැත.
‘නිතරම තහවුරු කරගන්න’
11. අප එෆීස 5:10 අදාළ කරගත යුත්තේ මන්ද?
11 සැබෑ නමස්කාරය යනු ජලයේ බව්තීස්ම වීමෙන් අපගේ කැපවීම සංකේතවත් කර, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම සහ ප්‍රසිද්ධ දේවසේවයෙහි සහභාගි වීමට වඩා වැඩි යමක් අයත් වන දෙයකි. අපගේ මුළු ජීවිතයම ගත කරන විදිහ ඊට සම්බන්ධව පවතී. දිනපතාම දේවභක්තික ගමන් මාර්ගයෙන් අපව ඉවත් කළ හැකි නොයෙකුත් පීඩනවලට මුහුණ දීමට අපට සිදු වේ. සමහරක් ඒවා හරිම සූක්ෂ්මයි. තවත් ඒවා පැහැදිලිව හඳුනාගත හැකියි. මෙවැනි පීඩනවලට අප ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? එෆීසයේ විසූ සෙසු ක්‍රිස්තියානීන්ට ලියූ විට ප්‍රේරිත පාවුල් ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙයයි. “ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි නිතරම ඔබට තහවුරු කරගන්න.” (එෆීස 5:10, NW) මෙවන් දෙයක් කිරීම කොතරම් ඥානවන්තද යන්න ශුද්ධ ලියවිල්ලෙහි වාර්තා වී ඇති නොයෙකුත් සිද්ධීන් තුළින් පැහැදිලිව නිරූපණය කෙරේ.
12. දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ගිය අවස්ථාවේදී යෙහෝවා අසතුටු වූයේ මන්ද?
12 ගිවිසුම් පෙට්ටිය යළිත් ඊශ්‍රායෙල් අතට පත් වී, වසර කිහිපයක්ම කිර්යත්-යෙයාරීම් යන ස්ථානයෙහි තැබුවායින් පසු, එය යෙරුසලමට ගෙන එන්නට දාවිත් රජ කැමති වූයේය. ඔහු ජනතාව අතර සිටි නායකයන්ගෙන් අදහස් විමසා ‘ඔවුන්ට හොඳව පෙනේ නම්, අපේ දෙවි වූ යෙහෝවාත් කැමති නම්’ ගිවිසුම් පෙට්ටිය පිහිටි ස්ථානය මාරු කරනු ලබන බව පැවසීය. එනමුත්, මෙම කාරණය සම්බන්ධයෙන් යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි දැනගැනීමට ඔහු ප්‍රමාණවත් ලෙස සොයා බැලුවේ නැත. එසේ කර තිබුණා නම්, ගිවිසුම් පෙට්ටිය කරත්තයකට පටවනු ලබන්නේ නැත. එසේ කරනවා වෙනුවට, දෙවි පැහැදිලිව ආඥා කර තිබූ ලෙස එය කොහාත් ලෙවීවරුන්ගේ කර පිට උසුලාගෙන යා යුතුව තිබිණ. ඉතින්, දාවිත් යෙහෝවාගෙන් නිතරම අදහස් විමසූ පුද්ගලයෙකු වුවද, මෙම අවස්ථාවේදී නිසි ලෙස එය කිරීමට ඔහු අපොහොසත් වූයේය. ඉන් ඇති වූ ප්‍රතිඵල 1 ලේකම් 13:1-3; 15:11-13; ගණන් කථාව 4:4-6, 15; 7:1-9.
භයානකය. ඉන්පසුව දාවිත් මෙසේ පිළිගත්තේය. “අපේ දෙවි වූ යෙහෝවා අපට පහර දුන්නේය. මක්නිසාද නියෝගය ලෙස අපි ඔහු නොසෙවුවෙමු.”—13. ගිවිසුම් පෙට්ටිය සාර්ථක ලෙස ගෙනෙනු ලැබූ අවස්ථාවේදී ගැයූ ගීතයෙහි ඇතුළත් කළේ කවර සිහිගැන්වීමද?
13 කෙසේවෙතත්, අන්තිමේදී ඕබෙද්-ඒදොම්ගේ නිවසේ සිට යෙරුසලම බලා ගිවිසුම් පෙට්ටිය ලෙවීවරුන් විසින් ගෙනෙනු ලැබූ විට, දාවිත් රචනා කළ ගීතයක් ගයනු ලැබීය. ඊට මෙම හෘදයාංගම සිහිගැන්වීම ඇතුළත් කරන ලදි. ‘යෙහෝවාද ඔහුගේ බලයද ගැන විමසන්න. ඔහුගේ මුහුණ නිතරම සොයන්න. ඔහු කළ පුදුම ක්‍රියාද ඔහුගේ ආශ්චර්යයන්ද ඔහුගේ මුඛයේ විනිශ්චයයන්ද සිහි කරන්න.’—1 ලේකම් 16:11, 13.
14. සලමොන්ගේ යහපත් ආදර්ශය සහ ඔහු වයස්ගත වූ කල කළ වැරදි ගැන මෙනෙහි කිරීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
14 දාවිත්ගේ මරණයට කලින්, ඔහු තම පුත්‍ර සලමොන්ට මෙසේ අවවාද කළේය. ‘ඔබ [යෙහෝවාව] සොයනවා නම්, ඔහු ඔබට සම්බ වෙනවා ඇත.’ (1 ලේකම් 28:9) සලමොන් සිංහාසනාරූඪ වූ විට, ඔහු සම්මුඛ වීමේ කූඩාරම පිහිටා තිබූ ගිබියොන්වලට ගොස් යෙහෝවාට පූජාවක් ඔප්පු කළේය. එහිදී යෙහෝවා සලමොන්ට ඇරයුම් කළේ මෙසේය. ‘මා විසින් ඔබට දිය යුත්තේ කුමක්ද කියා ඉල්ලන්න.’ සලමොන්ගේ ඉල්ලීමට පිළිතුරු වශයෙන් යෙහෝවා ඔහුට ඊශ්‍රායෙලය විනිශ්චය කරන්නට අවශ්‍ය ප්‍රඥාව සහ දැනුම නොමසුරුව ලබා දුන් අතර, ඊට අමතරව වස්තුවද ගෞරවයද දුන්නේය. (2 ලේකම් 1:3-12) යෙහෝවා දාවිත්ට දී තිබුණු පිඹුරු පත භාවිත කරමින්, සලමොන් ඉතා අලංකාර දේවමාළිගාවක් ඉදි කළේය. එනමුත්, තම පෞද්ගලික විවාහය පිළිබඳ කටයුතුවලදී සලමොන් යෙහෝවාව සොයන්නට අපොහොසත් වූයේය. සලමොන් විවාහ කරගත්තේ යෙහෝවාට නමස්කාර නොකළ ස්ත්‍රීන්වයි. ඔහු වයස්ගත වූ කල, ඔවුහු ඔහුගේ හදවත යෙහෝවාගෙන් ඈත් කළෝය. (1 රාජාවලිය 11:1-10) එසේනම්, අන් අය ඉදිරියේ අප කොතරම් ප්රමුඛ තැනැත්තන්, ඥානවන්ත හෝ දැන උගත් අය සේ පෙනුණද, ‘ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි නිතරම අපටම තහවුරු කරගැනීම’ වැදගත්ය.
15. එතියෝපීය ජාතික සෙරා, යූදා රාජ්‍යයට එරෙහිව සටන් කිරීම සඳහා පැමිණි විට, යෙහෝවා යූදා ගලවන බවට නිසැක විශ්වාසයක් ඇතුව ආසාට යාච්ඤා කිරීමට හැකි වූයේ මන්ද?
15 මෙසේ කිරීමේ වැදගත්කම තවත් තහවුරු වන්නේ සලමොන්ගේ මුනුපුරාගේ පුත්‍ර වූ ආසාගේ පාලන සමය පිළිබඳ වාර්තාව සලකා බලන විටය. ආසා රජ වී වසර 11ක් ගතවීමෙන් අනතුරුව, එතියෝපීය (කූෂ්) ජාතික සෙරා, යූදාට එරෙහිව සෙබළුන් මිලියනයකින් යුත් හමුදාවක් සූදානම් කළේය. යෙහෝවා යූදා රාජ්‍යය ගලවනු ඇද්ද? ජනතාව දෙවිට සවන් දී ඔහුගේ ආඥාවලට කීකරු වුවහොත් හා එසේ නොකළහොත් ඔවුන්ට අපේක්ෂා කළ හැකි දෙය වසර 500කටත් වඩා ඉහතදී යෙහෝවා ඉතා පැහැදිලිව සඳහන් කර තිබිණ. (ද්විතීය කථාව 28:1, 7, 15, 25) සිය පාලන සමයේ මුල් කාලයේදී ආසා තම රාජධානියෙන් බොරු නමස්කාරය සඳහා භාවිත කළ පූජාසන සහ කණු ඉවත් කිරීමට කටයුතු කර තිබුණේය. එම අවස්ථාවේදී ඔහු ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටියේ ‘යෙහෝවාව සොයන්න’ කියාය. එසේ කිරීමට ආසා යම් විපත්තියකට මුහුණ දීමට සිදු වන තෙක් බලා සිටියේ නැත. එමනිසා, ආසා තම ජාතිය වෙනුවෙන් යෙහෝවාගේ උපකාර ඉල්ලමින් යාච්ඤා කළේ යෙහෝවා කෙරෙහි ඇදහිල්ල ඇතුවය. ප්‍රතිඵලය කුමක් වීද? ඔවුහු සුවිශේෂ ජයග්‍රහණයක් අත් කරගත්තෝය.—2 ලේකම් 14:2-12.
16, 17. (අ) ආසා ජය අත් කරගත්තද, යෙහෝවා ඔහුට දුන්නේ කවර සිහිගැන්වීමද? (ආ) ආසා අඥාන ලෙස ක්‍රියා කළ විට, ඔහුට දෙනු ලැබුවේ කවර උපකාරද? එනමුත් ඔහු ප්‍රතික්‍රියා කළේ කෙසේද? (ඇ) ආසාගේ ක්‍රියාකලාපය සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
16 කෙසේවෙතත්, ආසා ජය ලබා ආපසු පැමිණි විට, රජුව හමු වී මෙසේ පැවසීමට යෙහෝවා අසරියාව යැවීය. “ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන් දෙන්න! නුඹලා යෙහෝවා සමඟ සිටින තුරු ඔහු නුඹලා සමඟ සිටින්නේය. නුඹලා ඔහු සොයනවා නම් ඔහු නුඹලාට සම්බ වෙනවා ඇත. නුඹලා ඔහු අත්හැරියොත් ඔහුද නුඹලා අත්හරිනවා ඇත.” (2 ලේකම් 15:2) යළි පණගන්වන ලද ජ්වලිතයක් ඇතුව ආසා සැබෑ නමස්කාරයේ උන්නතිය තකා කටයුතු කළේය. එනමුත් වසර 24කට පසුව නැවතත් යුද්ධයකට මුහුණ දෙන්නට සිදු වූ විටදී, ආසා යෙහෝවාව සෙවීමට අපොහොසත් වූයේය. ඔහු දේවවචනයෙන් විභාග කළේ නැත. එතියෝපීය හමුදාව යූදා රාජ්‍යය ආක්‍රමණය කළ විට යෙහෝවා කළ දේද ඔහු සිහියට නැඟුවේ නැත. ඔහු කළේ අඥාන ලෙස සිරියාව සමඟ මිත්‍ර සන්ධානයක් ඇති කරගැනීමයි.—2 ලේකම් 16:1-6.
17 එමනිසා යෙහෝවා හනානි නම් දිවැස් ඇත්තා මාර්ගයෙන් ආසාට අවවාද කළේය. කාරණය සම්බන්ධයෙන් යෙහෝවා දැරූ ආකල්පය පැහැදිලි කළ එම අවස්ථාවේදී පවා ප්‍රයෝජන ලබාගැනීමට ආසාට අවස්ථාව තිබිණ. ඒ වෙනුවට, ඔහු අමනාප වී හනානිව සිරගත කළේය. (2 ලේකම් 16:7-10) මොන තරම් කනගාටුදායක දෙයක්ද! අප ගැන කුමක් කිව හැකිද? අප දෙවිව සෙව්වද, ඔහු උපදෙස් ලබා දෙන විට අප ඒවා ප්‍රතික්ෂේප කරනවාද? අප ලෝකයේ දේවලට හසු වෙමින් සිටින නිසා අප ගැන සැලකිල්ලෙන් හා උනන්දුවෙන් සිටින වැඩිමහල්ලෙක් අපට උපදෙස් දෙන්නට බයිබලය භාවිත කරන විට, “ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි” දැනගැනීම සඳහා දෙනු ලබන ප්‍රේමණීය උපකාරයට අප අපගේ කෘතඥතාව පෙන්නුම් කරනවාද?
අසන්නට අමතක කරන්න එපා
18. එලීහු යෝබ්ට පැවසූ දෙයින් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
18 යෙහෝවාගේ මෙහෙයෙහි කාලයක් පුරා කදිම සේවාවක් කර ඇති කෙනෙකු පවා යම් පීඩනවලට ලක්ව සිටින විට, යෙහෝවා අපේක්ෂා කරන ප්‍රමිතියෙන් පහත වැටෙන්නට පුළුවන. යෝබ් දරුණු රෝගයකින් පහර ලැබූ විට, තම දරුවන් සියලුදෙනා මිය ගොස් ද්‍රව්‍යමය සම්පත් නැති වූ විට, ඔහුගේ මිතුරන්ගේ බොරු චෝදනාවලට ලක් වූ විට ඔහු මුළුමනින්ම පාහේ සිතන්නට පටන්ගත්තේ තමන් ගැනත්, තමාට විඳින්නට සිදු වූ දේවල් ගැනත්ය. එලීහු ඔහුට මෙම සිහිගැන්වීම ලබා දුන්නේය. “මාගේ මැවුම්කාර දෙවි කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.” (යෝබ් 35:11) යෝබ් කළ යුත්තේ ඔහුගේ අවධානය යෙහෝවා වෙතට යොමු කර, යෙහෝවා තමා සිටි තත්වය දුටු ආකාරය සලකා බැලීමයි. යෝබ් එම සිහිගැන්වීම යටහත් පහත් ලෙස පිළිගත් අතර, ඔහුගේ ආදර්ශය එසේ කිරීමට අපටද පිටුවහලකි.
19. ඊශ්‍රායෙල් ජනතාව නිතරම පාහේ අසමත් වූයේ කුමක් කිරීමටද?
19 දෙවි තම ජාතිය සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳ විස්තර ඊශ්‍රායෙල් ජනතාව දැන සිටියේය. කෙසේවෙතත්, තම ජීවිතවල සුවිශේෂී තත්වයන් හසුරුවද්දී එම විස්තර සිහි කිරීමට ඔවුහු නිතරම පාහේ අසමත් වූහ. (යෙරෙමියා 2:5, 6, 8) තම ජීවිතයෙහි තීරණ ගැනීමට සිදු වන විටදී, ‘යෙහෝවා කොහේද’ කියා අසනවා වෙනුවට ඔවුහු තමන්ට රිසි දේ කරන්නට නැඹුරු වූවෝය.—යෙසායා 5:11, 12.
‘යෙහෝවා කොහේද’ කියා නිතරම අසන්න
20, 21. (අ) යෙහෝවාගේ මඟ පෙන්වීම පැතීමේදී එලිෂාගේ ආකල්පය විදහා පෙන්වා ඇත්තේ කවුරුන්ද? (ආ) ඔවුන්ගේ ඇදහිල්ලේ ආදර්ශය අනුකරණය කිරීමටත්, ඉන් ප්‍රයෝජන ලැබීමටත් අපට හැක්කේ කෙසේද?
20 එලියාගේ ප්‍රසිද්ධ සේවය අවසන් වූ විට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව ඔහුගේ සේවක වූ එලිෂා රැගෙන යොර්දාන් ගඟට ගොස්, වතුරට ගසා මෙසේ ඇසුවේය. ‘එලියාගේ දෙවි වූ යෙහෝවා කොහේද?’ (2 රාජාවලිය 2:14) යෙහෝවා පිළිතුරු දුන්නේ එතැන් සිට එලිෂා පිට තම ආත්මය පවතින බව පෙන්නුම් කිරීමෙනි. අපට මෙයින් උගත හැක්කේ කුමක්ද?
හෙබ්‍රෙව් 13:7) එසේ කරනවා නම්, අප යෙහෝවාගේ සංවිධානයට කිට්ටුවෙන් සිට, එහි මඟ පෙන්වීමට අවනත වෙමින්, යේසුස් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ එයින් ඉටු වන කාර්යයන්වලට පූර්ණ ලෙස සහභාගි වනු නියතය.—සෙකරියා 8:23.
21 නූතන කාලයේදී ඒ හා සමාන දෙයක් සිදු විය. දේශනා කිරීමේ කටයුත්තෙහි පෙරමුණගත් ආලේප ලත් සේවකයන් සමහරෙක් සිය භූමික ජීවිතය අවසන් කළෝය. අධීක්ෂණ කටයුතු භාරව සිටි අය ශුද්ධ ලියවිල්ල පරීක්ෂා කර, මඟ පෙන්වීම ඉල්ලා යෙහෝවාට යාච්ඤා කළෝය. ‘යෙහෝවා කොහේද’ කියා ඇසීමට ඔවුන් අපොහොසත් වූයේ නැත. ප්‍රතිඵලයක් ලෙස, යෙහෝවා ඔහුගේ ජනයාට දිගටම මඟ පෙන්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට වර්ධනය දුන්නේය. අප ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරනවාද? (ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• ‘යෙහෝවා කොහේද’ යන්න අප අසමින් සිටිය යුත්තේ කවර චේතනාව ඇතුවද?
• ‘යෙහෝවා කොහේද’ යන ප්‍රශ්නයට අද දින අපට පිළිතුරු සොයාගත හැක්කේ කෙසේද?
• දිව්‍ය මඟ පෙන්වීම ඉල්ලා කරන ඇතැම් යාච්ඤාවලට පිළිතුරු නොලැබෙන්නේ මන්ද?
• ‘ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි නිතරම තහවුරු කරගැනීමේ’ අවශ්‍යතාව පැහැදිලි වන්නේ කවර බයිබල් උදාහරණ තුළින්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[9වන පිටුවේ පින්තූරය]
යෙහෝෂාපාට් රජු යෙහෝවාව සෙව්වේ කෙසේද?
[10වන පිටුවේ පින්තූරය]
සාවුල් ආත්ම බන්ධනකාරියකගෙන් උපකාර පැතුවේ මන්ද?
[12වන පිටුවේ පින්තූර]
‘යෙහෝවා කොහේද’ යන්න තේරුම්ගැනීමට යාච්ඤා කරන්න, අධ්‍යයනය කරන්න, මෙනෙහි කරන්න