Skip to content

පටුනට යන්න

දිලිඳුකම කවදා හෝ තුරන් වේවිද?

දිලිඳුකම කවදා හෝ තුරන් වේවිද?

දිලිඳුකම කවදා හෝ තුරන් වේවිද?

“පුරාණ ඊශ්‍රායෙලයේ සිටි ප්‍රඥාවන්ත සාලමොන් රජ පැවසුවේ “පීඩාලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය. ඔවුන්ට පීඩාකරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නමුත් සනසන්නෙක් නොසිටියේය” කියායි. (දේශනාකාරයා 4:1) ඔහුගේ මතකයේ සිටිය බොහෝ පීඩිතවූවන් දිලිඳු තත්වයේ සිටියාට කිසිම සැකයක් නැත.

දිලිඳුකම මුදලින් පමණක්ම නිර්ණය කළ නොහැක. වර්ෂ 2002 ජූනි මාසයේ ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ලද දත්තවලට අනුව “1998දී ලොව පුරා දවසකට ඩොලර් 1කට වඩා අඩු ආදායමකින් බිලියන 1.2ක්ද, ඩොලර් දෙකකට වඩා අඩු ආදායමකින් බිලියන 2.8ක්ද ජීවත් වන බව ගණන් බලා තිබේ.” කලින් දත්තවලට වඩා අඩු අගයක් මෙම දත්තවලින් පෙන්නුම් කළද “එමගින් නියෝජනය කෙරෙන මනුෂ්‍යයන්ගේ දුක් ගැහැට ගැන සලකා බැලූ විට එය ඉතාමත් ඉහළ අගයකි.”

දිලිඳුකම කවදා හෝ තුරන් වේවිද? යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ “දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති” කියායි. (යොහන් 12:8, NW) නමුත් මෙයින් අදහස් කරන්නේ දිලිඳුකම සහ ඒ හා බැඳි කටුක අද්දැකීම් සැමදා පවතින බවද? කිසි සේත් නැත. යේසුස්ගේ සියලුම අනුගාමිකයන් ද්‍රව්‍යමය අතින් පොහොසත් වන බව පොරොන්දු නොකළද ඔහු කියූ දෙයින් දිලිඳුන්ට බලාපොරොත්තුවක් නැති බව පෙන්නුම් කළායයි අප නිගමනය නොකළ යුතුයි.

මනුෂ්‍යයන් ගත් ප්‍රයත්නයන් හා දිලිඳුකම තුරන් කිරීමට දෙනු ලැබූ පොරොන්දු ඉෂ්ට නොවූවද දෙවිගේ වචනයේ පොරොන්දු කර තිබෙන්නේ නුදුරු අනාගතයේදී නැති බැරි අය නොසිටිනු ඇති බවයි. ඇත්තෙන්ම යේසුස් “දිලිඳුන්ට ශුභාරංචිය” ප්‍රකාශ කළේය. (ලූක් 4:18, NW) දිලිඳුකම සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට මෙම ශුභාරංචියේ පොරොන්දු කර තිබේ. මෙය ඉෂ්ට වෙන්නේ දේවරාජ්‍යය මගින් ධර්මිෂ්ඨ තත්වයක් පොළොවේ ස්ථාපිත කිරීමෙන් පසුවයි.

එය මොනතරම් වෙනස් ලෝකයක් වේවිද! ස්වර්ග රාජ්‍යයේ රජ “දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.”—ගීතාවලිය 72:13, 14.

ඒ කාලය ගැන මීකාගේ වදන්වල මීකා 4:4 සඳහන් වන්නේ “ඔවුහු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛය එය පැවසීය” යනුවෙන්ය. මනුෂ්‍යයන්ට බලපාන සියලුම ප්‍රශ්න පමණක් නොවෙයි ලෙඩ රෝග හා මරණයද දේවරාජ්‍යය මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබයි. දෙවි “මරණය සදාකාලයටම ගිල [දමන්නේය]. ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8.

ඔබට මෙම පොරොන්දු විශ්වාස කිරීමට ඇති පදනම වන්නේ ඒවා දෙවි විසින්ම ඔහුගේ ආනුභාවයෙන් ලියා දන්වා තිබීමයි. එසේනම්, බයිබලයේ සඳහන් අනාවැකිවල සත්‍යතාව පිළිබඳව තිබෙන සාක්ෂි ගැන සොයා නොබලන්නේ මන්ද?

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

FAO photo/M. Marzot