අපේ විත්ති
කොස්ටාරිකාවට යමු
මේ රටට ස්පාඤ්ඤය ජාතිකයන් මුලින්ම ආවේ මීට සියවස් 5කට කලිනුයි. ඔවුන් ඒ රට හැඳින්නුවේ කොස්ටාරිකා (පොහොසත් වෙරළ) කියලයි. මොකද එයාලා හිතුවා මේ ප්රදේශයෙන් ගොඩක් රත්තරන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. අද කොස්ටාරිකාව ප්රසිද්ධ වැඩිම ජෛව විවිධත්වයකින් යුතු රටවලින් එකක් හැටියටයි.
කොස්ටාරිකා ජාතිකයන්ව “ටිකෝස්” කියලත් හඳුන්වනවා. ඔවුන්ට ඒ නම පටබැඳුනේ කතා කරද්දී හැම වචනයක් අවසානයේදීම පොඩි කියන අර්ථය ඇති වචනයක් (“ඉකෝ”) පාවිච්චි කරන නිසයි. එදිනෙදා කරන කතාබහේදී ඇහෙන තවත් වචනයක් තමයි “පූරා බීඩා!” (හොඳ ජීවිතයක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා) යමක් අගය කරද්දී මොනවා හරි දෙයකට එකඟ වෙද්දී කෙනෙක්ව හමු වෙද්දී හා සමුගනිද්දී එයාලා එහෙම කියනවා.
“ගැලෝ පින්ටෝ” කියන්නේ කොස්ටාරිකා වැසියන්ගේ ප්රියතම ආහාරයක්. ඒක හදන්නේ බත් සහ බෝංචි ඇට වෙන වෙනම
තම්බලා තෙම්පරාදු කරලයි. ඒක වේල් තුනටම කෑමට ගන්න පුළුවන් ආහාරයක්. එයාලා “කැෆේ කොරියාඩෝ” කියන කෝපි බොන්නත් රුසියෝ. ඒක හදන්නේ රෙදිවලින් හදපු ගොට්ටකට කෝපි හා උණු වතුර දාලයි.කොස්ටාරිකාවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා 450ක් විතර තියෙනවා. කොස්ටාරිකා සංඥා භාෂාව, බ්රිබ්රී හා කැබේකා කියන ගෝත්රික භාෂා ඇතුළු භාෂා 10කින් ඔවුන්ගේ සභාවල රැස්වීම් පවත්වනවා.
ඔබ දැන සිටියාද? ඉතා මෘදු මතුපිටක් ඇතුව නෙළා තියෙන පාෂාණ ගෝල සිය ගණනක් ඒ රටේ දකින්න තියෙනවා. ඒවායින් විශාලම එකේ විශ්කම්භය අඩි 8යි. සමහර ඒවා අවුරුදු 1,400කටත් වඩා පරණයි කියලා හිතනවා. ඒත් ඒවා නෙළුවේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ.