දස දෙසින්
දස දෙසින්
බ්‍රසීලයේ දරුවන්ගෙන් සියයට 17ක්ම පාසැලේදී අනික් ළමුන්ගෙන් හිරිහැර විඳිනවා හෝ එවැනි දේවල් කිරීමට හවුල් වෙනවා.—O ESTADO DE SÃO PAULO, BRAZIL.
අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, වකුගඩුවල ගල්, අක්මාවේ ඇති වන අක්‍රමිකතා වැනි ලෙඩ රෝග දැන් වයස අවුරුදු 12ට අඩු දරුවන්ටත් වැලඳෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ ව්‍යායාම් නැති වීම, ක්ෂණික ආහාර හා ස්ථුලතාවයෙන් පෙළීමයි.—ABC, SPAIN.
ඇමරිකාවේ සාමාන්‍ය පවුලකට, 2008දී ඉපදුණ දරුවෙක්ව වයස අවුරුදු 18වන තෙක් හදා වඩා ගැනීමට “ඩොලර් 2,91,570ක්” පමණ [එනම්, රුපියල් 2,91,57,000කට වඩා] වියදම් වන බව රජය ගණන් බලා තිබෙනවා.—UNITED STATES DEPARTMENT OF AGRICULTURE, U.S.A.
සෙල්ලම් කරන හැටිත් අමතක වෙලා
බ්‍රිතාන්‍යයේ ජීවත් වන සමහර දෙමාපියන්ට තම දරුවන් සමඟ සෙල්ලම් කරන හැටිත් අමතක වෙලා කියා පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. සමහර අය සිතන්නේ එය හරිම කම්මැළි වැඩක් කියායි. තවත් අය පවසන්නේ ඔවුන්ට ඒ සඳහා යෙදවීමට වෙලාවක්වත් කුමන සෙල්ලම කරන්නද කියාවත් දන්නේ නැති බවයි. මනෝ වෛද්‍යවරියක් වන ටානියා බයිරන් පවසන්නේ “දරුවන්ට අවශ්‍ය වන්නේ අධ්‍යාපනික, ප්රබෝධයක් ගෙනෙන, අදහස් හුවමාරු කරගත හැකි හා එකමුතුව කළ හැකි ක්‍රියාකාරකම්” බවයි. සමහර දෙමාපියන් දරුවන් සමඟ පරිගණක ක්‍රීඩා කිරීමට කැමති වුණත් බොහෝ දරුවන් කැමති එවැනි ක්‍රීඩා තනිවම කිරීමටයි. අවුරුදු පහත් පහළොවත් අතර දරුවන් බොහෝදෙනෙක් කැමැත්තක් දක්වන්නේ දාම්, චෙස් වැනි ක්‍රීඩා හා එළිමහනේ කළ හැකි ක්‍රීඩා දෙමාපියන් සමඟ කිරීමටයි.
පියවරුන්ගේ කාර්යය කරන පරිගණක
තම දරුවන් නින්දට යන විට ඔවුන්ට කතන්දරයක් කියන්න තරම්වත් පියවරුන්ට කාලයක් නැහැ. එවැනි පියවරුන්ට අන්තර්ජාලයේ වෙබ් අඩවියක් මගින් අලුත්ම සේවාවක් සපයනවා. එනම් “නවීන තාක්ෂණය උපයෝගි කරගෙන පියවරුන්ගේ කටහඬින් කතන්දර පටිගත කර, එය රසවත් කිරීමට පසුබිම් ශබ්ද එකතු කර, ඊ-මේල් මාර්ගයෙන් දරුවාට ඒවා ඇසීමට සැලැස්වීම” බව එක් පුවත්පතක සඳහන් වුණා. ඒ ගැන වෛද්‍ය රිචර්ඩ් ෆ්ලෙචර්ගේ අදහස වුණේ දරුවෙකුට කතන්දර කීමේ අරමුණ වන්නේ “දරුවා සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීම” බවයි. ඒ නිසා වඩාත් වටින්නේ පියෙක් තම දරුවා ළඟ සිට ඔහුව තරුලු කරගෙන හුරතල් කරමින් කතන්දර කීමයි. පියෙක් දරුවෙකුට දැක්විය යුතු එවැනි සෙනෙහසක් කිසිම තාක්ෂණික උපකරණයකින් ලබා දෙන්න බැහැ.—Daily Telegraph.