විද්‍යාවේ සොයාගැනීම් බයිබලයට එකඟද?
බයිබලයෙන් පිළිතුරක්
විද්‍යාවේ සොයාගැනීම් බයිබලයට එකඟද?
“අලුත් දෙයක් සොයාගත්තම මට ඒක ලොකු සතුටක්. එතකොට මට හිතෙනවා ‘දෙවිත් මේක කරන්න ඇත්තේ මේ විදිහට වෙන්න ඇති’ කියලා.”—රසායනික විද්‍යාඥ හෙන්රි ෂේෆර්.
පෘථිවිය ඇතුළු විශ්වය ගැන බොහෝ දේවල් අපට අවබෝධ කරගැනීමට හැකි වී තිබෙන්නේ විද්‍යාව නිසයි. විශ්වයේ ඇති භෞතික නීති ගැනත් එහි ඇති මනා පිළිවෙළ ගැනත් විද්‍යාවෙන් හෙළි කරන විට ඒ සියල්ල නිර්මාණය කර තිබෙන්නේ දෙවි කෙනෙකු කියා විශ්වාස කිරීමට බොහෝදෙනෙකු පෙලඹෙනවා. විද්‍යාවෙන් මේ දේවල් හෙළි කිරීම තුළින් අපට දෙවිගේ ප්‍රඥාවෙන් බිඳක් හෝ තේරුම්ගැනීමට හැකියි.
ඒ ගැන බයිබලයේ පවසන දේ බලන්න. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.” (රෝම 1:20) ඒ වගේම බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි. සෑම දහවලක්ම දෙවිගේ තේජස කියාපායි. සෑම රාත්‍රියක්ම නිමක් තෙරක් නැති ඔහුගේ දැනුම විදහාපායි.” (ගීතාවලිය 19:1, 2) අහසත් පොළොවත් දෙස බලන විට අප මෙතෙක් තේරුම්ගෙන තිබෙන්නේ දෙවිගේ දැනුමෙන් අබමල් රේණුවක තරම් ප්‍රමාණයක් නොවේද!
විද්‍යාවෙන් සියල්ල පැහැදිලි කළ හැකිද?
විද්‍යාව කොතෙක් දියුණු වුණත් දෙවි ගැන සියල්ල හෙළි කිරීමට විද්‍යාවට බැහැ. මෙසේ සිතන්න. රසවත් කේක් එකක ඇති සෑම අමුද්‍රව්‍යයක් ගැනම විස්තරයක් කිරීමට විද්‍යාඥයෙකුට හැකියි. නමුත් එය සෑදුවේ ඇයි කියාවත් එය කවුරු වෙනුවෙන් සෑදුවාද කියාවත් ඔහුගේ පරීක්ෂණවලින් හෙළි වන්නේ නැහැ. ඒ දේවල් දැනගත හැක්කේ කේක් එක සෑදූ පුද්ගලයාගෙන් පමණයි.
ඒ හා සමානව යම් දේවල් විස්තර කිරීමට විද්‍යාවට හැකි වුණත් සමහර දේවල් විස්තර කළ හැකි වන්නේ දෙවිට පමණයි. එනම් විශ්වය බිහි වී තිබෙන්නේ ඇයි, පෘථිවියේ මිනිසුන් ඇතුළු විවිධ ජීවීන් සිටින්නේ ඇයි, දෙවි බලවත් හා ප්‍රේමණීය කෙනෙක් නම් අද පවතින දුක් වේදනා ඔහු ඉවත් නොකරන්නේ ඇයි, මිය ගිය අය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තිබෙනවාද යන්නයි. භෞතික විද්‍යාඥයෙක් වන එර්වින් ශ්රෝඩින්ගර් මෙසේ පැවසුවා. “සමහර දේවල් ගැන විද්‍යාවෙන් අපට හුඟක් තොරතුරු දුන්නත් දෙවි ගැනවත් කාලය නමැති සංකල්පය විස්තර කිරීමටවත් විද්‍යාවට බැහැ.”
ඉහත සඳහන් ප්‍රශ්නවලට බයිබලය මාර්ගයෙන් දෙවි පිළිතුරු දී තිබෙනවා. (2 තිමෝති 3:16) නමුත් ඇත්තටම එම පිළිතුරු දෙවිගෙන් ලැබුණු ඒවාද කියා ඔබ සිතන්න පුළුවන්. බයිබලය සඳහන් වන තොරතුරු දෙවිගෙන් ලැබුණු ඒවා නම් එය විද්‍යාව සමඟ එකඟ විය යුතුයි. විශ්වය හා පෘථිවිය ගැන බයිබලයේ සඳහන් වන දේවල් විද්‍යාවට එකඟද? ඒ ගැන උදාහරණ කිහිපයක් බලමු.
විද්‍යාවෙන් සොයාගැනීමටත් පෙර
බයිබලය ලියන විට විද්‍යාව එතරම් දියුණු වී තිබුණේ නැහැ. එදා සිටි අය තදින්ම විශ්වාස කළේ ඉර, හඳ, දේශගුණය සහ සශ්රීකත්ය වැනි දේවල් විවිධ දෙවිවරුන් විසින් පාලනය කරනවා කියායි. නමුත් බයිබල් ලේඛකයන් විශ්වාස කළේ යෙහෝවා දෙවි ඇති කළ සැලැස්මක් තුළින් මුළු විශ්වයම පාලනය වන බවයි. ඒ වගේම දෙවිට මේ සියල්ල පාලනය කිරීමේ හැකියාව තිබෙන යොෂුවා 10:12-14; 2 රාජාවලිය 20:9-11) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ජෝන් ලෙනොක්ස් මෙසේ පැවසුවා. “විවිධ මිථ්‍යා දෙවිවරුන් ග්‍රහවස්තූන් පාලනය කරනවා කියලා බයිබල් ලේඛකයන් විශ්වාස කළේ නැහැ. ඊට හේතුව එකම සැබෑ දෙවි කෙනෙක්, අහස පොළොව යන හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔවුන් විශ්වාස කිරීමයි.”
බවත් දෙවිම පෙන්නුම් කළා. (ඔවුන්ට එවැනි විශ්වාසයක් ඇතුව සිටීමට හැකි වුණේ ඇයි? දෙවි නියම කර තිබෙන නීති මගින් මේ සියල්ල පාලනය වන බව ඔවුන් දැන සිටි නිසයි. උදාහරණයකට වසර 3,500කට ඉහතදී දෙවි තම සේවකයෙකු වන යෝබ්ගෙන් මෙසේ ඇසුවා. “විශ්වය පාලනය කරන නීති ඔබ දන්නවාද?” (යෝබ් 38:33) ඒ වගේම ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේදී යෙරෙමියා නම් අනාගතවක්තෘවරයා “අහසටද පොළොවටද නියමයන්” තිබෙන බව සඳහන් කළා.—යෙරෙමියා 33:25.
විශ්වය පාලනය වන්නේ දෙවි විසින් පනවා ඇති නීති මගින් බව, දෙවි බයිබලය තුළින් එළිදරව් කර තිබුණා. ඒ නිසා අතීතයේ සිටි දෙවිගේ සේවකයන් මිථ්‍යා දේවල් විශ්වාස කළේවත් ඉර, සඳ, තාරකා වැනි දෙවිගේ නිර්මාණවලට නමස්කාර කළේවත් නැහැ. (ද්විතීය කතාව 4:15-19) ඔවුන් එම අද්විතීය නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් දෙවිගේ ප්‍රඥාව, බලය සහ වෙනත් ගුණාංග ගැන අවබෝධය වැඩි කරගත්තා.—ගීතාවලිය 8:3-9; හිතෝපදේශ 3:19, 20.
‘පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ’ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:1) අද දින විද්‍යාඥයන්ද පවසන්නේ විශ්වයට ආරම්භයක් තිබෙන බවයි. දෙවි තම නිර්මාණයක් වන පොළොව “හිස් අවකාශයේ එල්ලා” තිබෙන බව මීට වසර 3,500කට ඉහතදී යෙහෝවා දෙවි, යෝබ්ට පැවසුවා. (යෝබ් 26:7) ඒ වගේම පෘථිවිය ගෝලාකාර බව වසර 2,500කට පෙර අනාගතවක්තෘ යෙසායා සඳහන් කළා.—යෙසායා 40:22. *
මේ තොරතුරු සියල්ලෙන් පැහැදිලි වන්නේ බයිබලයේ සත්‍යයන් විද්‍යාව සමඟ මනාව ගැළපෙන බවයි. බයිබලයේ ඇති තොරතුරු විද්‍යාත්මක සොයාගැනීම්වලට එකඟ වෙන අතර විද්‍යාත්මක සොයාගැනීම්ද බයිබලයේ ඇති තොරතුරු සත්‍යය බව ඔප්පු කරනවා. මේ දෙකම අපට මඟ විවර කරන්නේ දෙවිගේ අතිමහත් ප්‍රඥාව වෙතටයි.—ගීතාවලිය 119:105; යෙසායා 40:26.
[පාදසටහන]
^ 14 ඡේ. දෙවි කෙනෙකු සිටින බව සහ බයිබලයේ නිවැරදිභාවය ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? යන සඟරාව සහ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත බලන්න.
මේ ගැන ඔබ සිතුවාද?
● විශ්වය අපට දෙවි ගැන කියා දෙන්නේ කුමක්ද?—රෝම 1:20.
● විද්‍යාවෙන් පිළිතුරු දිය නොහැක්කේ දෙවි පිළිබඳ මොන වගේ ප්‍රශ්නවලටද?—2 තිමෝති 3:16.
● පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ට විශ්වයේ පැවැත්ම ගැන මිථ්‍යා මත නොතිබුණේ ඇයි?—යෙරෙමියා 33:25.
[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
විශ්වය පාලනය වන්නේ දෙවි විසින් පනවා ඇති “නියමයන්” අකුරටම ක්‍රියාත්මක වීම නිසයි.—යෙරෙමියා 33:25.