සාමයට දිරි දෙන ආගමක්
සාමයට දිරි දෙන ආගමක්
ලන්දේසි ජාතිකයෙක් හා දර්ශනවාදියෙක් වන ෆ්ලොරිස් වැන් ඩෙන් බර්ග් මෙසේ පැවසුවා. “ලෝකය හොඳ තැනක් කරන්න නම් අපි ආගම නැති කරන්න ඕනේ.” එම අදහසට ලොව පුරා සිටින බොහෝ විද්වතුන් එකඟ වෙනවා.
නොබෙල් ත්‍යාගලාභී ස්ටීවන් වයින්බර්ග් පැවසුවේ “ආගම් අදහන අය ඉන්නේ භයානක තත්වයක. ඔවුන් ඒ ආගමික විශ්වාසවලින් නිදහස් වෙන්න ඕනේ” කියායි. ආගම් නැති කිරීමෙන් ලෝකයේ තිබෙන ප්‍රශ්න ගැටලු අවම කරගත හැකියි යන අදහසට දැන් බොහෝදෙනා එකඟ වෙනවා. ඒ සඳහා මුද්‍රණය කර තිබෙන පොත්වලටද හොඳ ඉල්ලුමක් තිබෙන්නේ ඒ නිසයි.
අද බොහෝ විද්‍යාඥයන් සාකච්ඡා කරමින් සිටින්නේ ආගම් නැති කරන්නේ කෙසේද යන්න ගැනයි. ඒ වගේම ආගම් හෙළාදකින අදේවවාදීන්ගේ සංඛ්‍යාවද ඉහළ යනවා. නමුත් ආගම් නැති කළ පමණින් ලෝකයේ සියලුම ප්‍රශ්න විසඳෙයිද? ඇත්තටම සාමයට දිරි දෙන ආගමක් තිබෙනවාද?
සත්‍ය ආගමක් තිබෙනවාද?
දෙවි කෙනෙක් නැහැ කියා සිතන්න. ඒ වගේම සෑම ආගමකම උගන්වන්නේ බොරු කියාත් සිතන්න. එසේනම් සියලුම ආගම් නැති කිරීම සාධාරණ දෙයක් විය හැකියි. නමුත් දෙවි කෙනෙක් සිටිනවා නම්, ඒ වගේම දෙවි ගැනත් ඔහුගේ උසස් ප්‍රමිති ගැන උගන්වන ආගමක් තිබෙනවා නම්, එය සත්‍ය ආගම විය නොහැකිද?
ඉතිහාසය පුරා පැවතගෙන එන ආගම් අතරින් සියල්ලටම වඩා වෙනස් ආගමක් තිබෙන බව බොහෝ අය දන්නවා. එය යේසුස් ක්‍රිස්තුස් පිහිටෙවූ ආගමයි. එය පල්ලිවල තිබෙන ඉගැන්වීම් හා චාරිත්‍ර වාරිත්‍රවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අනික් ආගම් සමඟ සසඳන විට මෙම ආගම අදහන්නේ කුඩා පිරිසක් පමණයි.
යේසුස් ක්‍රිස්තුස් පිහිටෙවූ ආගම සහ පල්ලිවල උගන්වන දේ අතර බොහෝ වෙනස්කම් තිබෙනවා. දැන් අපි ඉන් එකක් ගැන සලකා බලමු.
දේශපාලනයට සම්බන්ධ නැහැ
යේසුස් ක්‍රිස්තුස් කිසිම ආකාරයකින් දේශපාලනයට හවුල් වුණේ නැහැ. ජනතාව ඔහුව පාලකයෙකු කිරීමට උත්සාහ කළ අවස්ථා දෙකකදීම ඔහු එය ප්‍රතික්ෂේප කළා. (මතෙව් 4:8-10; යොහන් 6:15) යේසුස්ගේ මුල් අනුගාමිකයන් අනුගමනය කළේද ඒ ආදර්ශයමයි. ඒ වගේම අවි ආයුධ අතට නොගන්න කියාත් ඔහු තම ගෝලයන්ට අවවාද කළා.—මතෙව් 26:51, 52; ලූක් 22:49-51; යොහන් 18:10, 11.
යේසුස්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රෝම ආණ්ඩුකාරයා “ඔබ යුදෙව්වරුන්ගේ රජද” කියා ඔහුගෙන් ඇසුවා. යේසුස්ගේ පිළිතුර වූයේ මෙයයි. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” (යොහන් 18:35, 36) යේසුස් දේශපාලනයටවත් සටන්වලටවත් හවුල් නොවූ බව පැහැදිලියි.
යේසුස්ගේ අනුගාමිකයන්ද ඒ ආදර්ශයම අනුගමනය කළා. ආගම් යුද්ධවලට සම්බන්ධ වී තිබෙන ආකාරය ගැන පර්යේෂණය කළ එක් කණ්ඩායමක් මෙවැනි දෙයක් වාර්තා කළා. “මුල් ක්‍රිස්තියානීන් සැහැසික ක්‍රියා සම්පූර්ණයෙන්ම හෙළාදැක්කා. ඔවුන් හමුදාවට බැඳුණේවත් යුද්ධවලට හවුල් වුණේවත් නැහැ.” යේසුස් ඉගැන්වූයේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියායි. ඉන් අදහස් කළේ ඕනෑම ජාතියකට හා කුලයකට අයත් අයට ප්‍රේමය හා සැලකිල්ල දැක්විය යුතු බවයි. (ක්‍රියා 10:34, 35; යාකොබ් 3:17) ඇත්තෙන්ම මෙවැනි ආගමක් දිරි දෙන්නේ සාමයට නොවෙයිද!
කනගාටුවට කරුණක් වන්නේ යේසුස්ගේ ඉගැන්වීම් පසු කාලයේදී දර්ශනවාදී අදහස්, විවිධ චාරිත්‍ර වාරිත්‍ර හා ජාතිවාදී අදහස් නිසා විකෘති වීමයි. කලින් සඳහන් කළ වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් වුණා. “කොන්ස්ටන්ටයින් නමැති රෝම පාලකයා වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණෙන් ක්‍රිස්තියානියෙක් වුණා. ඒ නිසා ක්‍රිස්තියානි ආගම දේශපාලනය සමඟ මිශ්‍ර වුණා. පසුව කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානීන්ව හමුදාවට බඳවාගෙන ආගම පැතිරවීමේ මුවාවෙන් විවිධ රටවල් අල්ලාගැනීම සඳහා යුද්ධ කළා. නමුත් මේ සියල්ල යේසුස්ගේ ඉගැන්වීම්වලට විරුද්ධයි.” අවසානයේදී එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාජ ක්‍රිස්තියානි ආගමක් බිහි වුණා.
සැබෑ අනුගාමිකයන්
ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා යේසුස් ඉගැන්වූ සැබෑ ආගම සම්පූර්ණයෙන්ම යටපත් වී ගියාද? නැහැ. යේසුස්ගේ ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම පිළිපදින ඔහුගේ ආදර්ශය අනුගමනය කරන පිරිසක් සිටිනවා. ඔවුන් කිසිම පල්ලියකට සම්බන්ධ නැහැ. ඔවුන්ව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙසයි. එක් විශ්වකෝෂයක ඔවුන් ගැන සඳහන් වුණේ මෙසේයි. “ඔවුන් විශිෂ්ටයි, ඔවුන්ගේ ඉගැන්වීම්වලට පදනම් වී තිබෙන්නේ බයිබලයයි. ඔවුන් කිසිවිටෙක බයිබලයේ තිබෙන ඉගැන්වීම්වලට වඩා මිනිස් සම්ප්‍රදායන් උසස් ලෙස සලකන්නේ නැහැ.”—The Encyclopedia of Religion.
මුල් ක්‍රිස්තියානීන් වගේම අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැහැ. යුක්රේනයේ පිහිටි විද්‍යා කටයුතු පිළිබඳ ජාතික ඇකඩමිය විසින් පළ කළ ලිපියක මෙසේ සඳහන් වුණා. සාක්ෂිකරුවන් අතර “ජාතිභේද, ආගම් භේද, කුල භේද නැහැ. එදිනෙදා ජීවිතයේදීත් ඔවුන් එකිනෙකාට උපකාර කරනවා. ඒ වගේම ආණ්ඩුවලට විරුද්ධව කිසිවක් කරන්නෙත් නැහැ. ඇත්තටම ඔවුන් නීතිගරුක පුරවැසියන්.”
මහාචාර්යය වොයිචෙක් මෝජලෙස්කි මෙසේ පැවසුවා. “කණ්ඩායමක් වශයෙන් ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ.” (Pacifism and Vicinity) ඇත්තටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අදහන්නේ යේසුස් ක්‍රිස්තුස් පිහිටෙවූ සැබෑ ක්‍රිස්තියානි ආගමයි. ඒ ආගම සාමයට දිරි දෙන ආගමක් බව නිසැකයි.—ඊළඟ පිටුවේ ඇති කොටුව බලන්න.
දීප්තිමත් අනාගතයක්
සමහර ආගමික නායකයන් ඇතුළු බොහෝ අවංක සිත් ඇති අය තමාගේම ආගමේ සිදු වන වංචනික ක්‍රියා හෙළාදකිනවා. ඒ වගේම බොහෝ භක්තිවන්ත පුද්ගලයන් සාමය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. ඇත්තටම ඔවුන්ව අගය කළ යුතුයි.
නමුත් අවංක චේතනා තිබුණත් ලෝකයේ ඇති සියලුම ගැටලු විසඳන්න ඔවුන්ට බැහැ. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.”—යෙරෙමියා 10:23.
ඒ වගේම ළඟදීම සියලු ජනයා සාමයෙන් එකට ජීවත් වීම ගැනත් ලෝකයේ තිබෙන ආගම් හා ජාති භේද නැති කාලයක් ගැනත් බයිබලයේ පොරොන්දු
වී තිබෙනවා. එදාට සියලුම ජනයා එකමුතුව යෙහෝවා නමැති සැබෑ දෙවිට නමස්කාර කරයි.යේසුස් මෙසේ පැවසුවා. “යම් රාජ්‍යයක භේද ඇත්නම් ඒ රාජ්‍යය නැති වී යයි. යම් නුවරක් හෝ ගෙයක් ඇතුළත සිටින අය අතරම භේද ඇත්නම් ඒ නුවර හෝ ගෙය වැඩි කල් පවතින්නේ නැහැ.” (මතෙව් 12:25) ඉන් පැහැදිලි වන්නේ දෙවිට අගෞරව කරන, භේද ඇති කරන, ආගම් නැති වී යෑමට නියමිත බවයි. ළඟදීම දෙවි එය ඉටු කරනවා.
බයිබලයේ මෙවැනි අනාවැකියක්ද තිබෙනවා. දෙවි “බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය. ඔහු බොහෝ ජනයන්ගේ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය. ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.” (යෙසායා 2:4) එම අනාවැකිය දැනටමත් යම් ප්‍රමාණයකින් ඉටු වී තිබෙනවා. ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අදහන සැබෑ ආගම ඇත්තටම සාමයට දිරි දෙන ආගමක්.
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සාමයෙන් සිටින්නේ ඔවුන් අතර තිබෙන ප්‍රේමය නිසයි
[9වන පිටුවේ කොටුව]
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානියැයි කියාගන්නා ආගම්වලට වඩා හුඟක් වෙනස්. ඔවුන් කටයුතු කරන ආකාරය දැනගැනීමට පහත සඳහන් තොරතුරු ඔබට උපකාරවත් වෙයි.
සැකැස්ම
● පූජකයන් නැහැ.
● පූර්ණකාලීන හා වගකීම් දරන අයට පඩි ගෙවීමක් නැහැ.
● නමස්කාර මධ්‍යස්ථානවලදී මුදල් එකතු කරන්නේ නැහැ.
● සියලුම වැඩකටයුතු කරන්නේ ස්වේච්ඡාවෙන් ලැබෙන සම්මාදම්වලින්.
● දේශපාලන කටයුතුවලදී පැති ගන්නේ නැහැ.
● යුද්ධවලට හවුල් වන්නේ නැහැ.
● ලොව පුරා විසිරී සිටියත් විශ්වාසයන් සියල්ල සමානයි. ඒවාට පදනම බයිබලයයි.
● ජාති, කුල, දුප්පත් පොහොසත් භේද නැහැ.
● කතෝලික, රෙපරමාදු හෝ වෙන කිසිම නිකායකට සම්බන්ධ නැහැ.
ඉගැන්වීම්
● සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි. ඔහුගේ නම යෙහෝවා.
● යේසුස් සර්වබලධාරී දෙවි නොවෙයි. ත්‍රිත්වය යන ඉගැන්වීම වැරදියි.
● යේසුස් දෙවිගේ පුත්‍රයා. ඔහුගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි.
● නමස්කාරයේදී කුරුසය හෝ පිළිම භාවිත කරන්නේ නැහැ.
● මිය ගිය අය නිරයක වධ විඳින්නේ නැහැ.
● කීකරු ජනයාට පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව දෙවි ලබා දෙනවා.
යේසුස් ක්‍රිස්තුස්ගේ මුල් ගෝලයන් මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද යේසුස්ගේ ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම පිළිපදිනවා.
[8වන පිටුවේ පින්තූරය]
සර්බියානු, බොස්නියානු සහ ක්‍රොඒෂියානු ජාතිකයන්