Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

ටැන්සානියාවේ සෑම වැසියන් 64,000කටම සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණයි.—THE CITIZEN, TANZANIA.

“ලොව පුරා සිටින දිලිඳු අයගෙන් අඩුම තරමින් බිලියනයකටවත් පෝෂ්‍යදායි ආහාර ලැබෙන්නේ නැහැ. වසර 2015 වන විට කුසගින්නෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෑයම් කළත් එය අසාර්ථක වෙයි.”—SCIENCE, U.S.A.

“ලෝකයේ තිබෙන යුධ ආයුධ නිෂ්පාදනය කරන විශාලම සමාගම් 100” විසින් 2008 වසරේදී ලැබූ ලාභය ඩොලර් බිලියන 385ක් වෙනවා. එය කලින් වසරට වඩා ඩොලර් බිලියන 39ක ඉහළ යෑමක්.”—STOCKHOLM INTERNATIONAL PEACE RESEARCH INSTITUTE, SWEDEN.

අධික පිරිසිදුකම හානිකරයි

ඇමරිකාවේ එක් මහාචාර්යවරයෙක් වන තෝමස් මැක්ඩේඩ් මෙසේ පැවසුවා. “පමණට වඩා පිරිසිඳු පරිසරයක හැදී වැඩෙන දරුවන් වැඩිහිටියන් වුණ පසු රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වන බව අපි සොයාගෙන තිබෙනවා.” පිලිපීනයේ හා ඇමරිකාවේ ජීවත් වන දරුවන්ගේ සෞඛ්‍ය තත්වයන් ගැන කළ එම අධ්‍යයනයෙන් හෙළි වුණේ පිලිපීනයේ සිටින දරුවන්ට වැඩියෙන් රෝග වැලඳෙන බවයි. නමුත් එම රටේම වැඩිහිටියන්ගේ ශරීරවල රෝග මර්දනය කිරීමේ හැකියාව වැඩියෙන් තියෙනවා. මෙයින් ඔප්පු වන්නේ කුමක්ද? කුඩා කාලයේ සිට දරුවන් වැඩියෙන් බැක්ටීරියාවලට නිරාවරණය වීමෙන් වැඩිහිටි වූ විට ඔවුන්ට භයානක රෝග වැලඳීමේ ප්‍රවණතාව අඩු බවයි.

නොසැලකිලිමත් සේවකයන්

ෆින්ලන්තයේ ආයතනවල ප්‍රධානීන්ට දැන් බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වෙලා. එයට හේතුව, තරුණ පරපුර රැකියා ස්ථානයේ තිබෙන නීති රීති ගැන කිසිම තැකීමක් නොකිරීමයි. ඒ ගැන අවන්හලක අයිතිකාරිණියක වන ඈන් මික්කෝලා මෙසේ පැවසුවා. “සේවකයන් හිතන්නේ තමන්ට කැමති වෙලාවට රැකියාවට එන්නත්, යන්නත් පුළුවන් කියලයි.” අඳින පළඳින විදිහ ගැනත් ඔවුන්ට තියෙන්නේ ඒ ආකල්පයමයි. විශේෂයෙන්ම පාරිභෝගිකයන් එක්ක ගනු දෙනු කරන සේවකයන්ට විනීතව ඇඳ පැළඳ සිටින්න කියා නිතරම මතක් කර දෙන්න සිදු වෙලා. ඒ වගේම සේවකයන්ව මුණගැහෙන්න ඔවුන්ගේ මිතුරන් නිතරම වැඩපොළට එන එකත් පුරුද්දක් කරගෙන.

සාගරයෙන් විසඳුමක්

බෙංගාල බොක්කේ පිහිටි කුඩා දූපතකට අයිතිවාසිකම් කීම සඳහා ඉන්දියාවත් බංග්ලාදේශයත් අතර කාලයක් පුරා මතභේද ඇති වුණා. ඉන්දියානුවන් එය නිව් මුවර් ලෙසත් බංග්ලාදේශයේ අය, දකුණු ටල්පාටි ලෙසත් නම් කර තිබූ මෙම දූපත පිහිටා තිබුණේ මුහුදු මට්ටමේ සිට අඩි 6ක් පමණ උසකිනුයි. නමුත් මෑතකදී මෙම දූපත සම්පූර්ණයෙන්ම මුහුදු ජලයෙන් යට වී තිබෙනවා. සාගර සමීක්ෂණ පිළිබඳ විශ්වවිද්‍යාලයක මහාචාර්යය ෂූගාටා හස්රා මෙසේ පැවසුවා. “අවුරුදු ගාණක් පුරා මේ රටවල් දෙකට විසඳගන්න බැරි වුණ ප්‍රශ්නය ගෝලීය උණුසුම වැඩි වීමෙන් සමතයකට පත් වුණා.”