තාක්ෂණයෙන් ඉහළ ඇසක්
නිර්මාණයක්ද?
තාක්ෂණයෙන් ඉහළ ඇසක්
● ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ විශේෂ ඉස්සන් වර්ගයක් සිටිනවා. (peacock mantis shrimp) මෙම ඉස්සාගේ විශේෂත්වය වන්නේ ඌට තිබෙන පෙනීමේ හැකියාවයි. “එය විශිෂ්ටයි. අද වන තුරු අපි හදලා තියෙන කිසිම දෙයක් ඒ ඇසට සම කරන්න බැහැ” කියා ආචාර්යය නිකලස් රොබට්ස් පැවසුවා.
මේ ගැන සිතා බලන්න: මේ ඉස්සාට ධෘවිත ආලෝක තරංග පවා දැකීමේ හැකියාව තිබෙනවා. මෙම ආලෝක තරංග දඟරාකාර හැඩයකින් හා රේඛාවක හැඩයකින් ගමන් කරන නිසා මිනිස් ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් මෙම ඉස්සාට එම තරංග පෙනෙනවා පමණක් නොව ඒවායේ හැඩය වෙනස් කර දැකීමේ හැකියාවත් තිබෙනවා. එනම් දඟරාකාර හැඩයකින් ගමන්ගන්නා තරංග රේඛාවක හැඩයකටත් රේඛාවක හැඩයකින් ගමන්ගන්නා තරංග දඟරාකාර හැඩයකටත් දකින්න පුළුවන්.
සාමාන්‍යයෙන් DVD යන්ත්‍රයක් ක්‍රියා කරන්නෙත් මේ ආකාරයටයි. දඟරාකාරයෙන් යුත් ආලෝක තරංග DVD තැටියට විහිදුවා එහි තොරතුරු කියවන විට එම තරංගවල හැඩය රේඛාවක හැඩයකට වෙනස් කිරීමට එම යන්ත්‍රයට හැකියි. නමුත් DVD යන්ත්‍රයට එසේ කළ හැක්කේ රතු හා නිල් පාට ආලෝක තරංගවලට පමණයි. ඒත් මෙම ඉස්සාට ඕනෑම වර්ණයක ආලෝක තරංගයක හැඩය වෙනස් කරගන්න පුළුවන්.
මෙම ඉස්සාගේ පෙනීමේ හැකියාව අනුකරණය කරමින් තාක්ෂණයෙන් ඉහළ DVD යන්ත්‍රයක් නිර්මාණය කළ හැකි බව පර්යේෂකයන් විශ්වාස කරනවා. “මෙම තාක්ෂණය සිතන තරම් සංකීර්ණ නැහැ. ඒ වුණත් ඒ හා සමාන දෙයක් තවමත් අපට නිර්මාණය කිරීමට හැකි වී නැහැ” කියා තවදුරටත් රොබට්ස් පැවසුවා.
මේ ගැන කල්පනා කර බලන්න. මෙම ඉස්සාගේ පුදුමසහගත ඇස අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy Stephen Childs