Skip to content

පටුනට යන්න

සර්පයන්ට නමස්කාර කිරීම එදා සහ අද

සර්පයන්ට නමස්කාර කිරීම එදා සහ අද

සර්පයන්ට නමස්කාර කිරීම එදා සහ අද

පුරාණයේ ක්‍රීට් නමැති දූපතේ සිටි ජනයා මෙන් ඊජිප්තුවරුන්ද සර්පයන්ට වන්දනාමාන කළා. සමහර ඊශ්‍රායෙල්වරුන්ද තඹවලින් සෑදු සර්පයෙකුට නමස්කාර කළ බවත් එම ජාතියේම තවත් අය “බඩගා යන සතුන්ගේ” රූප ඉදිරියේ පූජා ඔප්පු කළ බවත් බයිබලයේ වාර්තා වෙනවා.—එසකියෙල් 8:10-12; 2 රාජාවලිය 18:4.

පුරාණ මෙක්සිකෝ ජනයාද සර්පයන්ට නමස්කාර කිරීමෙහි ඇලීගැලී කටයුතු කළ පිරිසක්. ඔවුන්ගේ බලවත්ම දෙවියාව හැඳින් වූයේ ඊට්සම්නා ලෙසයි. ඔහුව විටෙක සර්පයෙකු මගින්ද සංකේතවත් කළා. ක්වේට්සල්කෝල්ට් නම් වූ එම “පිහාටු සර්පයා” අධ්‍යාපනයට, සංස්කෘතියට, දර්ශනවාදයට අධිපති දෙවි හැටියට ඔවුන් සැලකුවා. එමෙන්ම ඇස්ටෙක් නමැති ජනයාද එම දෙවියාව සැලකුවේ අධ්‍යාපනයට අධිපති මෙන්ම මිනිසාව මැවූ තැනැත්තා ලෙසයි. එක් සඟරාවක ඔහු ගැන වාර්තා වුණේ ඔහු සතු විවිධ හැකියාවන් හා විවිධ ස්වරූපයන් නිසා “අනිකුත් දෙවිවරුන්ට වඩා විවිධාකාර නම් මෙම පිහාටු සර්පයාට ලැබී තිබෙනවා” කියායි.—Arqueología Mexicana.

ශතවර්ෂ ගණනාවක් පුරා මෙසෝඇමරිකාවේ ජනයා මෙම පිහාටු සර්පයාට නමස්කාර කර තිබෙනවා. එම නමස්කාර ක්‍රමය මෙක්සිකෝවේ ජීවත් වන කෝරා සහ හුයිකෝල් ජනයා අතර අදටත් පවතිනවා. එමෙන්ම විශේෂ උත්සව දිනයන්වලදී ඔවුන් පිහාටුවලින් සැරසී සර්පයෙකුගේ ගමන් විලාසය අනුගමනය කරනවා දැකගත හැකියි. ග්වාතමාලාවේ ජීවත් වන කීච් නමැති ජනයා සමෘද්ධිමත්භාවය පිළිබඳ පවත්වන චාරිත්‍ර වාරිත්‍රවලදී නර්තනයේ යෙදෙන්නේ සර්පයන් අතැතිවයි. එරටේ වෙසෙන තවත් පිරිසක් පිහාටු සර්පයෙකුට නමස්කාර කරන්නේ සාන්තුවරයන්ට කරන නමස්කාරයක් ලෙසයි.

ප්‍රශ්නය: මනුෂ්‍යයන් හා සර්පයන් ඇතුළු සියලු සත්වයන්ව නිර්මාණය කළ සැබෑ දෙවි, සර්පයන්ට කරන නමස්කාරය සලකන්නේ කෙසේද?

ඒ ගැන සැබෑ දෙවි සලකන ආකාරය

සැබෑ දෙවි යෙහෝවා එදා ඊශ්‍රායෙල්වරුන්ට මෙවැනි ආඥාවක් දුන්නා. “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.”—නික්මයාම 20:4, 5.

සර්පයන් ඇතුළු කිසිම රූපයකට නමස්කාර කරන්න එපා කියා එදා යෙහෝවා දෙවි තම නමස්කාරකයන්ට පැවසුවා. එසේනම් දෙවිගේ අනුමැතිය ලබන්න කැමති අය සර්පයන්ට නමස්කාර කිරීමෙන් වැළකිය යුතු බව ඉන් ඉතා පැහැදිලියි. සර්පයන් ඇතුළු රූප නමස්කාරය දෙවි තහනම් කිරීමට හේතුව කුමක්ද? මිනිසුන් හා සර්පයන් ඇතුළු සියලුම ජීවමාන සත්වයන්ට ජීවය ලබා දුන්නේ දෙවියි. එමනිසා ඒ සියලු නමස්කාරය හිමිවිය යුත්තේ ඔහුට මිස ඔහු කළ නිර්මාණවලට නොවෙයි.

අපි එය මෙම උදාහරණයෙන් තේරුම්ගනිමු. කරුණාවන්ත ගෘහ නිර්මාණ ශිල්පියෙක් ඔහු විසින්ම නිවෙස් කිහිපයක් ඉදි කර සතුටින් ජීවත් වීම සඳහා පවුල් කිහිපයකට ඒවා ලබා දෙයි. නමුත් එම පවුල්වල සාමාජිකයන් ඔවුන්ට නිවෙස් ඉදි කර දුන් තැනැත්තාට ස්තුති කරනවා වෙනුවට එම නිවෙස්වලට ඔවුන්ගේ ස්තුති ප්‍රශංසාව පිරිනමයි. ඒ ගෘහ නිර්මාණ ශිල්පියා ඔබ නම් ඒ ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද? එය ඉතාමත් මෝඩ ක්‍රියාවක් බවත් එය ඔබගේ කෝපයට හේතුවක් වන බවත් නොඅනුමානයි. ඒ හා සමානව සතුන්ව නිර්මාණය කළ තැනැත්තා වෙනුවට සතුන්ට නමස්කාරය පුද කිරීම දෙවිට ඉතාමත් පිළිකුල් ක්‍රියාවක්.

ඒ අනුව දෙවිගේ අනුමැතිය ලැබීමට කැමති සියලුදෙනාම බයිබල් ලේඛකයෙක් වූ යොහන්ගේ මෙම අවවාදය සිතට ගැනීම සුදුසුයි. “ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න.”—1 යොහන් 5:21.

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සර්පයන් අතැතිව කරන නමස්කාර ක්‍රම

● ඇමරිකාවේ ගිනිකොන ප්‍රදේශයේ සමහර පල්ලිවල ආගමික වතාවන් පවත්වන්නේ ඉතා විෂකුරු සර්පයන් අතැතිවයි. සමහර පූජකයන් එවන් විෂ සහිත සර්පයන්ව ඔවුන්ගේ කරවටා දමාගෙන සිටිනවා. තවත් අය සර්පයන් කිහිපදෙනෙකුවම අතේ තබාගෙන ඉන්නවා. උන්ව උස්සන විට එහා මෙහා කරන විට උන් කලබලයට පත් වී ඒ පුද්ගලයන්ට දෂ්ට කිරීමටද ඉඩ තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ එසේ සර්පයන් දෂ්ට කිරීම නිසා සමහරුන් ජීවිතක්ෂයට පවා පත් වී තිබෙනවා.

ඔවුන් එසේ කරන්නේ බයිබලයේ මාක් 16:17, 18හි ඇති දේ පදනම් කරගෙනයි. එහි සඳහන් වන්නේ මෙයයි. “ඔවුන් තම දෑතින් සර්පයන්ව අල්ලයි.” සමහර පැරණි පරිවර්තනවල එම වචන දක්වා තිබෙන්නේ මුල් ලියවිලිවලද ඒවා එසේ තිබුණා යන අදහස ඇතුවයි. නමුත් සමහර සංශෝදනය කරන ලද පරිවර්තනවල සඳහන් වන්නේ ඉහත සඳහන් වගන්ති ඉතා පැරණි මුල් පිටපත් බොහොමයක දකින්නට නොලැබෙන බවයි.

එවැනි නමස්කාර ක්‍රමයක් දෙවි අනුමත කරන බවක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ සඳහන් වන්නේ “දෙවි ප්‍රේමයයි” කියායි. (1 යොහන් 4:8) දෙවිව සතුටු කිරීම සඳහා එවන් භයානක චාරිත්‍රයක් පවත්වන්න කියා දෙවි ඉල්ලා නොසිටින බවට ඔබත් එකඟ වෙයි. දෙවිගේ පුත්‍රයා වන යේසුස් පැවසුවේ “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි” කියායි. (මතෙව් 11:28, 29) තම අනුගාමිකයන් සර්පයන් දෂ්ට කිරීම හේතුවෙන් වේදනා විඳ අසනීප වී මිය යෑම යෙහෝවා දෙවිගේ හා යේසුස්ගේ කැමැත්ත නොවෙයි.

[හිමිකම් විස්තර]

REUTERS/Tami Chappell

[22වන පිටුවේ පින්තූරය]

ඇස්ටෙක් දේවාලයක බිත්තියක් මත නිර්මාණය කර ඇති පිහාටු සර්පයෙකුගේ හිසක්

[22වන පිටුවේ පින්තූරය]

ක්වේට්සල්කෝල්ට් නම් වූ පිහාටු සර්පයා මගින් නියෝජනය කළ දෙවියාගේ රූපයක්

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: REUTERS/Tami Chappell; bottom: © Leonardo Díaz Romero/age fotostock