විශ්වාස කළ හැකිද?
“පනින්න පෙර සිතා බලන්න” කියා පැරණි කියමනක් තිබෙනවා. අපි යමක් තීරණය කිරීමට පෙර ඒ ගැන සිතා බැලීම කොතරම් ඥානවන්තද?
මේ හා සමාන දෙයක් බයිබලයේ පවසා තිබෙනවා. මීට වසර 3,000කට පමණ පෙර ඊශ්‍රායෙලයේ සිටි ප්‍රඥාවන්ත රජෙක් වන සලමොන් රජ බයිබලයේ පවසා තිබෙන්නේ මෙසේයි. “අද්දැකීම් අඩු තැනැත්තා, කියන ඕනෑම දෙයක් විශ්වාස කරයි. නමුත් නුවණැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි.” (හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය) නුවණ නැති කෙනෙක් තමන්ට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස කරනවා. ඔහුගේ තීරණ හා ක්‍රියා පදනම් වෙන්නේ පිළිගත හැකි ඉගැන්වීම් හෝ උපදෙස් මත නොවෙයි. අපත් ඇසෙන සෑම දෙයක්ම විශ්වාස කිරීම හරියට හිතන්නේ බලන්නේ නැතිව තීරණ ගන්නවා හා සමානයි. ‘එසේනම් අපට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි මඟ පෙන්වීම් සපයන මාධ්‍යයක් තිබෙනවාද?’
ලොව පුරා මිලියන ගණන් මිනිසුන් ඔවුන්ගේ සම්පූර්ණ විශ්වාසය තබා තිබෙන්නේ ඉපැරණි පොතක් වන ශුද්ධ බයිබලය මතයි. ඔවුන් එහි ඇති උපදෙස්වලින් මඟ පෙන්වීම් ලබනවා. එමෙන්ම ඔවුන් ගන්නා තීරණවලට හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ට පදනම සපයන්නේ එහි ඇති ඉගැන්වීම් හා උපදෙසුයි. එවැනි අය සිතන්නේ බලන්නේ නැතිව තීරණ ගන්නා අය කියා කිව හැකිද? ඒ ප්‍රශ්නයට පිළිතුර ලබාගත හැකි වෙන්නේ බයිබලය විශ්වාසය තැබිය හැකි පොතක්ද යන ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීමෙන් පමණයි. ඒ සඳහා මෙම විශේෂ පිබිදෙව්! කලාපය ඔබට උපකාර කරයි.
මෙම පිබිදෙව්! කලාපයේ අරමුණ වන්නේ බයිබලය විශ්වාස කිරීමට මිලියන ගණන් ජනයාට ප්‍රබල හේතු තිබෙන බව පෙන්වා දීම මිස යම් ආගමික විශ්වාසයන් හෝ ඉගැන්වීම් ඔබට බලෙන් කාවැද්දීම නොවෙයි. ඊළඟ ලිපි කිහිපය සලකා බැලීමෙන් පසු බයිබලය විශ්වාස කිරීමට හේතු තිබෙනවාද නැද්ද කියා ඔබටම තීරණය කළ හැකියි.
මෙම විෂය කෙරෙහි සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම වටිනවා. බයිබලය අපේ නිර්මාතෘ වන දෙවිගේ මඟ පෙන්වීම් ඇතුළත් පොතක් නම් එය ඔබටත් ඔබේ පවුලේ අයටත් බොහෝ සේ වටින බව නිසැකයි.
අද බොහෝදෙනෙක් මෙය අද්විතීය පොතක් ලෙස සලකනවා. අප මුලින්ම බයිබලයේ තිබෙන සමහර කැපීපෙනෙන තොරතුරු කිහිපයක් සලකා බලමු.