Skip to content

පටුනට යන්න

දේවශාපයක්ද?

දේවශාපයක්ද?

දේවශාපයක්ද?

“බැලූ බැලූ තැන මළ සිරුරුයි. අපේ ගේ තිබුණ තැනක සලකුණක්වත් නැහැ.” වර්ෂ 2004 දෙසැම්බර් මාසයේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පසු එක් ශ්‍රී ලාංකික වැසියෙක් පැවසුවේ එයයි. මෙම විපත ගැන ආගමික ලිපි ලියන එක් ලේඛකයෙක් මෙසේ සඳහන් කළා. මම මේ ගැන “වේදනාවෙන් හා කෝපයෙන් යුතුව යාච්ඤා කළ” අවස්ථා එමටයි.

බොහෝදෙනෙක් ස්වාභාවික විපත් සලකන්නේ දේවශාපයක් හැටියටයි. එක් පුවත්පතක හරිකේන් චණ්ඩ මාරුතය විස්තර කළේ “දෙවිගේ කෝපයේ ප්‍රතිඵලයක්” කියායි. අමෙරිකා එක්සත් ජනපදයේ සමහර ආගමික නායකයන් කැට්රිනා චණ්ඩ මාරුතය, “පව්කාර මිනිසුන්” කෙරෙහි “දෙවිගේ උදහස” ප්‍රකාශ කිරීමක් කියා පැවසුවා. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි නොවන එක් පුද්ගලයෙක් සුනාමි ව්‍යසනය ඇති වුණේ ක්‍රිස්තියානීන් නිසා කියා චෝදනා කළා. ආගම් අතර ඒ වන විටත් මතභේදයක් හටගෙන තිබූ නිසා මෙය හරියට ගින්නට පිදුරු දැමීමක් වගේ වුණා. හින්දු ආගමේ වග කිව යුතු පුද්ගලයෙකුගේ අදහස වුණේ, මිනිසුන් ආගමානුකූලව ජීවත් නොවන නිසා සිව දෙවියන් උදහස් වී ඇති බවයි. එක්සත් ජනපදයේ වෙසෙන, බෞද්ධාගමේ පෙරමුණ ගෙන කටයුතු කරන එක් පුද්ගලයෙක් ස්වාභාවික විපත් ගැන පැවසුවේ මෙසේයි. “මේ වගේ දේවල් සිදු වෙන්නෙ ඇයි කියලවත් අපි මේ පොළොවේ ඉන්නෙ ඇයි කියලවත් අපි දැන්නේ නැහැ.”

ස්වාභාවික විපත් නිසා සිදු වන ජීවිත හානිය හා දේපළ හානිය දකින විට, ඔබ මෙහෙම කල්පනා කරන්න පුළුවන්. මෙවන් දුක් වේදනා අද්දකින්න දෙවි ඉඩහැරලා තියෙන්නේ ඇයි? මේ වගේ දේවල් සිදු වෙන්න දෙවි ඉඩහැරලා තියන්නේ හොඳ හේතු ඇතිව නම් ඒ ගැන දෙවි අනාවරණය කරලා නැත්තේ ඇයි? අපි ඊළඟ ලිපි මගින් සලකා බලන්න යන්නේ එම කාරණා ගැනයි. තවදුරටත් මෙවන් විපත් මගින් සිදු විය හැකි ජීවිත හානි හා දේපළ හානි අවම කරගත හැකි ප්‍රායෝගික පියවර කිහිපයක් ගැනද අපි සොයා බලමු.

[3වන පිටුවේ පින්තූරය]

ස්වාභාවික විපත් සිදුවීමට දෙවි ඉඩහැර ඇත්තේ ඇයි කියා බොහෝ ආගමික නායකයන් දන්නේ නැහැ