Skip to content

පටුනට යන්න

“ඉගැන්වීමට කදිම මෙවලමක්!”

“ඉගැන්වීමට කදිම මෙවලමක්!”

“ඉගැන්වීමට කදිම මෙවලමක්!”

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති වර්ණවත් පින්තූර සහිත පිටු 224කින් යුත් පොත ගැන එසේ පැවසුවේ පැනමාවේ සේවය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයෙක්. “පොතේ තොරතුරුවල සරල, පැහැදිලි හා ප්‍රබලත්වය ගැන හිතාගන්නත් බැහැ. අලුත් තොරතුරු වගේම උපග්‍රන්ථය සකස් කර තියෙන ආකාරය නිසාත් ඒවා කියවන්න පෙලඹෙනවා.” ඔහු තවදුරටත් එසේ පැවසුවා.

එක්සත් ජනපදයේ මිසූරිවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් මෙසේ වාර්තා කළා. “මේ පොත ලියලා තියෙන සරල ක්‍රමයට මම හරි කැමතියි. විෂයන් පිළිවෙළකට තර්කානුකූලව ඉදිරිපත් කරලා තියෙනවා.” බයිබලයේ ඉගැන්වීම් පොත ලැබුණ විගස මේ සාක්ෂිකාරිය, බයිබලය ටික කාලයක් පාඩම් කරලා නතර කළ කාන්තාවකටත් පොතක් දුන්නා.

“ඇය මේ පොතේ පළමු පරිච්ඡේදය කියවලා ඉවර කරන්නත් කලින් මට කතා කරලා කිව්වා එයා පොත කියවන්න හුඟක් ආසයි කියලා.” එම කාන්තාව තමාටම ලියපු පොතක් වගෙයි කියලත් සාක්ෂිකාරියට පැවසුවා. ඇය ඇගේ බයිබල් පාඩම නැවතත් ආරම්භ කළා. ඒ සාක්ෂිකාරිය පැවසුවේ, මුල් පරිච්ඡේද දහය ඉවර කළාට පස්සේ ඒ කාන්තාව තමන් ඉගෙනගන්න දේවල් ගැන සතුටු වන ආකාරය දකිද්දී මාත් හුඟක් සතුටු වුණා කියලයි.

බයිබලයේ ඉගැන්වීම් පොත ප්‍රකාශයට පත් කර අවුරුදු දෙකක්වත් නැහැ. දැනටමත් භාෂා 150කටත් වැඩියෙන් පිටපත් මිලියන 50කට වඩා මුද්‍රණය කර තිබෙනවා. ඔබටත් ඉන් පිටපතක් ලබාගැනීමට අවශ්‍ය නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.