ඖෂධ නිපදවෙන වටිනා පැළෑටි
ඖෂධ නිපදවෙන වටිනා පැළෑටි
ජනයා භාවිත කරන වත්මන් සියලු ඖෂධ නිෂ්පාදනයෙන් හතරෙන් එකක්ම, සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් රසායනික ද්‍රව්‍ය ලෙස පැළෑටිවල පවතින බව විශේෂඥයන් විසින් ගණනය කර තිබේ. මෙම සත්‍යතාව බොහෝවිට ගෙනහැර දක්වනු ලබන්නේ ඖෂධ පැළෑටි භාවිතයට දිරි දෙන අය විසිනි.
ඖෂධ පැළෑටි ගැන කෙරෙන පර්යේෂණ බොහොමයක අවධානය යොමු වී ඇත්තේ සක්‍රීය සංයෝග වෙන් කරගැනීම දෙසටයි. එවන් සංයෝගයක් පිළිබඳ හොඳම නිදසුනක් ලෙස ඇස්ප්‍රින් දැක්විය හැකියි. ඇස්ප්‍රින් නිස්සාර කරගන්නේ සුදු විලෝ ගසේ පොත්තෙන් සොයාගත හැකි සැලිසින් යන රසායනිකයෙනි.
එසේ වෙන් කරගත් පැළෑටි තුළ ඇති සක්‍රීය සංයෝගය ප්‍රමාණවත් ලෙසින් වඩාත් නිවැරදි මාත්‍රාවෙන් දිය හැකියි. එක් පර්යේෂණ කෘතියක මෙසේ සඳහන් වෙයි. “ඇස්ප්රින්වලින් ලැබෙන ප්‍රයෝජන ලබාගැනීම පිණිස විලෝ ගසේ පොතු ප්‍රමාණවත් ලෙස ලබාගැනීම හෝ ෆොක්ස්ග්ලෝව් ශාකයේ වියළි පොතුවල ඇති දිවි සුරකින ඖෂධීය ගතිය උකහාගෙන පෙත්තක් මාර්ගයෙන් ශරීරගත කිරීම, ස්වාභාවික ලෙස ඒවා අනුභව කිරීමට වඩා බොහෝ සෙයින් පහසුය.”
අනෙක් අතට, ඖෂධීය පැළෑටියකින් සක්‍රීය සංයෝගයක් වෙන් කරගැනීමේ යම් අවාසිද තිබේ. එක අවාසියක් නම්, පැළෑටියේ වෙනත් සංඝටකවලින් ලැබිය හැකි යම් පෝෂණ සහ ඖෂධීය ගුණය ඒ මගින් අහිමි වීමයි. මීට අමතරව, රෝග ඇති කරන ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමට දෙන ඖෂධවලට එම ක්ෂුද්‍ර ජීවීන්ම ඔරොත්තු දීමේ ස්වභාවයක් ඇති කරගෙන තිබේ.
ඖෂධීය පැළෑටියකින් සක්‍රීය සංයෝගයක් වෙන් කරගැනීමෙන් අවාසි තිබෙන බවට සිංකෝනා ගසේ පොත්තෙන් ලබාගන්නා ද්‍රව්‍යයක් වන ක්විනීන් උදාහරණයක් සපයයි. ක්විනීන් ඖෂධය මැලේරියාව ඇති කරන පරපෝෂිතයන් විශාල සංඛ්‍යාවක් නසන නමුදු, ඒ මගින් විනාශ කළ නොහැකි පරපෝෂිතයෝ වෙනත් පරපෝෂිතයන් නසින විට ඉතා වේගයෙන් බෝ වෙති. එක් පර්යේෂණ ග්‍රන්ථයක මෙසේ පැහැදිලි කරයි. “ඖෂධවලට ඔරොත්තු දෙන එවන් පරපෝෂිතයන් වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ.”
[15වන පිටුවේ පින්තූර]
ඇස්ප්‍රින් ලබාගන්නේ මෙම සුදු විලෝ ගසෙනි
[හිමිකම් විස්තර]
USDA-NRCS PLANTS Database/Herman, D.E. et al. 1996. North Dakota tree handbook
[15වන පිටුවේ පින්තූර]
ක්විනීන් උකහාගන්නා සිංකෝනා ගස
[හිමිකම් විස්තර]
Courtesy of Satoru Yoshimoto