Skip to content

පටුනට යන්න

මිනිසා මැවුම්කරුගේ නිර්මාණය අනුකරණය කරයි

මිනිසා මැවුම්කරුගේ නිර්මාණය අනුකරණය කරයි

මිනිසා මැවුම්කරුගේ නිර්මාණය අනුකරණය කරයි

කඩදාසියක ඝනකම ඇති විදුලි බල්බයක් හෝල්ඩරයකට සවි කළාම ඇති වන පීඩනයට එය ඔරොත්තු දෙන්නේ කොහොමද? හිතාගන්නවත් බැහැ! නමැති පොතට අනුව (සිංහලෙන් නොමැත) එසේ ඔරොත්තු දීමට හැකි වන්නේ ප්‍රධාන වශයෙන් විදුලි බල්බයේ හැඩය නිසායි. මෙහි රහස තමයි එය බිත්තරයක හැඩයට අනුව සාදා තිබීම. බිත්තර කටුවක් ඉතා තුනී වුවත්, බිත්තර රකින කිරිල්ලී ඊට උඩින් සිටියත් ඇගේ බරට බිත්තර බිඳෙන්නේ නැහැ. මීට හේතුව එහි හැඩය නිසා පීඩනයට ඔරොත්තු දීමේ හැකියාවක් එය සතුවීමයි. (කටුවේ ඝනකම වැඩි වුවහොත් එය කොටා සිදුරු කරමින් පිටතට ඒමට පැටවුන්ට නොහැකි වෙයි.) මැවුම්කරුගේ නිර්මාණය අනුකරණය කරමින් සාදා තිබෙන විදුලි බල්බවලට රවුම් හැඩයක් තිබෙනවා. එය තදින් සවි කළාම “බල්බයේ එම හැඩය නිසා පීඩනය සෑම පැත්තකටම පතුරුවාහරිනු ලබයි.” එබැවින්, බිත්තරයක් තද කිරීමේදී මෙන් වැඩි පීඩනයක් එකම ස්ථානයකට යොමු වෙන්නේ නැහැ. බල්බය කැඩෙන්නේ නැත්තේ එම හේතුව නිසයි. ඔව්, මැවිල්ල දිහා බලා මිනිසා බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා.