මහත් දැනුම් සම්භාරයක්—නමුත් සුළු වෙනසක්
මහත් දැනුම් සම්භාරයක්—නමුත් සුළු වෙනසක්
“මිනිසා මෑත කාලයේ විද්‍යාවෙන් සමර්ථකම් පෑවත් පසුගිය අවුරුදු දෙදහස තුළ ඔහු එතරම් වෙනස් වී නැත. ඒ නිසා, ඉතිහාසයෙන් ඉගෙනගන්ට අප තවදුරටත් උත්සාහ කළ යුතුයි.”—කෙනත් ක්ලාක් රචිත ශිෂ්ටාචාරය—පෞද්ගලික අදහසක් යන පොත ඇසුරෙනි.
ගත වූ සියවස් ගණනාව තුළ විද්‍යා ක්ෂේත්රය නිසැකවම විශිෂ්ට ප්‍රගතියක් ලබා තිබේ. මෙම ප්‍රගතිය “මිනිස් ඉතිහාසයේ ඉහළම ජීවන මට්ටම කරා ළඟා වීමට දශලක්ෂ ගණනාවකට උපකාර කර” තිබෙන බව ටයිම් සඟරාව පවසයි. වත්මනේ උසස්ම ප්‍රගතියක් ලබා ඇති ක්ෂේත්රයකි වෛද්‍ය විද්‍යාව. මධ්‍යකාලීන යුගයේ “වෛද්‍ය විද්‍යාව තිරිසන් නොදියුණු එකක්ව පැවති” බවත් ලෙඩෙකුව “සුව කරනවා වගේම මරා දැමීමටත් වෛද්‍යවරයෙකුට හැකියාව තිබුණු” බවත් සෝවේ ඕල්ඩන්බූර් නමැති ඉතිහාසඥවරිය කියයි.
ඉගෙනීමට එතරම්ම ප්‍රියතාවක් නැත
මිනිසුන් ඉගෙනීමට එතරම්ම ප්‍රියතාවක් පෙන්වා නැත. උදාහරණයක් හැටියට, 19වන සියවසේ අග භාගයේදී බොහෝ වෛද්‍යවරු තම රෝගීන් අතර යම් ආකාරයකින් හෝ ලෙඩ බෝ කරන බවට වූ අහක දැමිය නොහැකි සාක්ෂි නොසලකා හැරියහ. මෙසේ ඔවුහු අනතුරුදායක වූ මේ පුරුද්දේම යෙදෙමින් එක රෝගියෙකුව පරීක්ෂා කර ඊළඟ රෝගියා වෙත යෑමට පෙර අත සෝදාගැනීම ප්‍රතික්ෂේප කළෝය.
එසේවුවත්, විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය දිගින් දිගටම සිදු වුණි. එසේ නම්, මේ ලෝකය වඩා ප්‍රීතිමත්, වඩා සුරක්ෂිත ස්ථානයක් බවට පත් කරන්නේ කෙසේද කියා මිනිසුන් තම අතීතයෙන් ඉගෙනගෙන තිබිය යුතු වීම තර්කානුකූලයි. එහෙත්, සිදු වී තිබෙන්නේ එය නොවෙයි.
දහහත්වන සියවසේ යුරෝපය ගැන සලකා බලන්න. එම යුගය විස්තර කළේ ඥානයෙන් ආලෝකවත් වූ බුද්ධිවාදි යුගය ලෙසයි. “කලාවේ හා විද්‍යාවේ අසාමාන්‍ය ලෙස පිටාර ගලන ක්‍රියාකාරකම් හමුවේ පවා, කිසිම තේරුමක් නැති පීඩා කිරීම් සහ සම කළ නොහැකි කෲරත්වයකින් කළ තිරිසන් යුද්ධ පැවතුණා” යන සත්‍යය ඉවතලිය නොහැකි බව කෙනත් ක්ලාක් පවසයි.
සිදු වූ වැරදි නැවත කිරීමෙන් වැළකී සිටීම සඳහා අතීතයෙන් ඉගෙනගැනීමට අපේ කාලයේදී තවමත් පසුබට වන බවක් පෙනෙන්ට තිබේ. එහි ප්‍රතිඵලයක් හැටියට, මේ ග්‍රහයා තුළ අපගේ අනාගත ජීවිතය පවා තර්ජනයට ලක්ව ඇති බව පෙනෙයි. තත්වය කොතරම් දරුණු වී ඇද්දැයි කියනවා නම්, ‘අපට කළ හැකි එකම දෙය නම්, මිහිපිට සිටින ජීවීන්ව විනාශ කර නොදමන පිණිස පරමාණුක බලශක්තිය උන්මත්තකයන් අතට පත් නොවෙයි කියා බලාපොරොත්තු වීමත් ප්‍රාර්ථනා කිරීමත් පමණයි’ කියා ජෝසෆ් නීඩම් නමැති ලේඛකයා නිගමනය කළේය.
එසේනම්, මිනිසාගේ මේ මුළු මහත් ශ්‍රේෂ්ඨ බුද්ධි මහිමය හා දැනුම් සම්භාරය මැද, මිනිසා ගොඩ ඒමක් නැති ප්රචණ්ඩත්වය සහ තිරිසන්කම නමැති මඩ ගොහොරුවේ එරී සිටින්නේ මන්ද? මේ තත්වය කවදා හෝ වෙනස් වේවිද? මේ ප්‍රශ්න මීළඟ ලිපි දෙකෙන් විමසුමට ලක් කෙරේ.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: පළමු ලෝක යුද්ධයේ කාල තුවක්කු: U.S. National Archives photo; දෙවන ලෝක යුද්ධයේදී ගාල් කඳවුරුවල සිටි අය: Robert A. Schmuhl, USHMM Photo Archives අනුග්රහයෙනි
2 සහ 3 පිටු: B-17 අහස් යානය: USAF photo; ස්ත්‍රිය: Instituto Municipal de Historia, Barcelona; සරණාගතයෝ: UN PHOTO 186797/ J. Isaac; කිලෝටොන් 23ක පිපිරීමක්: U.S. Department of Energy photograph