ඔබවත් ඔබේ පවුලේ අයවත් ආරක්ෂා කරගන්න
ඔබවත් ඔබේ පවුලේ අයවත් ආරක්ෂා කරගන්න
අන්තර්ජාලයෙන් ප්‍රයෝජන රැසක් නෙළාගත හැක. එනමුත් බොහෝ මෙවලම් සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන්, එය අනිසි ලෙසත් භාවිත කළ හැක. ඇත්තෙන්ම අන්තර්ජාලය ඔස්සේ කාමුක දර්ශන නැරඹීම මීට එක් උදාහරණයකි.
නුසුදුසු දර්ශනයක් නැරඹීම කොතරම් භයානක අන්දමින් බලපානවාද යන්න දන්නා දෙමාපියන්, කාමුක දර්ශන සහිත වෙබ් අඩවිවලට පිවිසීමේ මඟ ඇහිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතුය. අන්තර්ජාලය තරණය කරන නහඹරයන්ට ආරක්ෂාව සැපයීම යන පොත් පිංචය (ඉංග්‍රීසියෙන්) මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් තොරතුරු සපයයි. එහි මෙසේ පැවසේ. “වෙබ් අඩවි මොන ගණයට වැටෙනවාද යන්න වර්ග කරන අන්තර්ජාල සේවාවලින් ප්‍රයෝජන ගත හැකි අතර, නුසුදුසුයයි සැලකෙන වෙබ් අඩවිවලට පිවිසීමේ මඟ ඇහිරීමට හැකියාවක් ඇති ක්‍රමලේඛ (filtering programs) සහ වෙනත් පරිගණක වැඩසටහන් (browsers) ප්‍රයෝජනවත් වේ. මෙම ක්‍රමලේඛ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වේ. සමහර ඒවා නුසුදුසුයයි සැලකෙන වෙබ් අඩවිවලට පිවිසීමේ මඟ අහුරයි. තවත් සමහරක් පරිගණක පාවිච්චි කරන්නාට ඇතැම් තොරතුරු ඇතුළත් කිරීමට හැකියාව ලබා දෙන්නේ නැත. උදාහරණයකට මින් සමහරක් ක්‍රියාත්මක කළොත්, කෙනෙකුගේ නම සහ ලිපිනය ඇතුළත් කළ නොහැක. තවත් ක්‍රමලේඛවලට කතාබහ කුටිවලින් (chat rooms) ඔබේ දරුවන්ව ඉවත් කර තැබිය හැකි අතර, E-තැපැල් යැවීම හෝ ලැබීමේ හැකියාවද එයින් සීමා කරයි. සාමාන්‍යයෙන් නුසුදුසුයයි සැලකෙන වෙබ් අඩවිවලට පිවිසීමේ මඟ ඇහිරීමට දෙමාපියන්ටම මෙම ක්‍රමලේඛ ක්‍රියාත්මක කළ හැක.”—“කාමුක දර්ශන—දරුවන්ව ආරක්ෂා කරගැනීම” යන කොටුවද බලන්න.
කෙසේවෙතත්, තම දරුවන් නුසුදුසු වෙබ් අඩවිවලට පිවිසීමේ මඟ ඇහිරීමට දෙමාපියන්ට ගත හැකි පියවරවලට සීමාවක් ඇති බව පිළිගත යුතුය. තම දරුවන් දෙස හැම මොහොතකම ඇහැ ගහගෙන සිටීමට ඔවුන්ට නොහැකිය. දරුවෙකුට හෝ යෞවනයෙකුට තම නිවසේදී කාමුක දර්ශන නැරඹීමේ අවස්ථාවක් නොතිබුණද, පාසැලේ හෝ පාසැල් යහළුවෙකුගේ නිවසක හාත්පසින්ම වෙනස් තත්වයක් තිබිය හැක. කිසිදු අධීක්ෂණයක් නොමැති නිසා, ඕනෑම දෙයක් නැරඹීමට ප්‍රස්තාවක් තිබිය හැක! එමනිසා, කාමුක දර්ශන නැරඹීමට දරුවාට තිබෙන ඉඩ කඩ අවම කළ යුතු අතර, දරුවන්ට හරි වැරැද්ද ගැන තියුණු අවබෝධයක් දීමද අවශ්‍ය වේ. වැරදි දේ සම්බන්ධයෙන් ඔවුන්ට සංවේදී හෘදය සාක්ෂියක් ඇත්නම්, කිසිම කෙනෙකු නොසිටින විටදී පවා කාමුක දර්ශනවලින් ඉවත් වීමට තරම් අධිෂ්ඨාන ශක්තියක් ඔවුන්ට තිබෙයි.
අනික් අතට වැඩිහිටියන් ගැන කුමක් කිව හැකිද? දරුවන්ට බලපෑවත් වැඩිහිටියන්ට බලපෑමක් සිදු වන්නේ නැතැයි නිගමනය කිරීම තමාවම මුළා කරගැනීමකි. කලින් ලිපියේ දුටු පරිදි කාමුක දර්ශන නැරඹීමෙන් කිසිම කෙනෙකුට යහපතක් සිදු නොවේ.
ඔබ යම් කලක් තිස්සේ කාමුක දර්ශන නරඹා ඇතැයි සිතමු. ඔබේ පුරුද්ද දෙවිට අප්‍රසන්න බව ඔබට වැටහෙන අතර, ඉන් මිදීමට ඔබට ආශාවක් ඇත. මිදිය හැකිද? මිදිය හැකියි. සාමාන්‍යයෙන් මිනිස්සු දිනපතාම පාහේ නරක පුරුදුවලින් මිදෙති. කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දෙන් මිදීමට ඔබට ඕනෑ නම්, එසේ කිරීමට ඔබට පුළුවන.
මිදීමට ආශාව ඇත්නම්
මුල්ම පියවර වන්නේ හැකි ඉක්මනින් කාමුක දර්ශන නැරඹීම අත්හැරීමයි. එය කල් දමන තරමට, ඉන් මිදීම ඔබට තවත් හෙබ්‍රෙව් 11:26) එනමුත් පාපය මරණයටද මඟ පාදයි. (රෝම 6:23) තව එක වතාවක් කාමුක දර්ශන නැරඹීමට මොනව හරි නිදහසට කරුණක් ඉදිරිපත් කිරීමට ඔබ මුලින්ම නැඹුරු වනු ඇත. එවන් තර්කවලින් මුළා නොවන්න. දිගටම නැරඹීමේ පරීක්ෂාවට හසු වන්න එපා. එයට විරුද්ධ වන්න!
අසීරු වේ. කෙසේවෙතත්, මිදීම ගැන කීම එක දෙයකි. නමුත් කිරීම තවත් දෙයකි. ඇත්තෙන්ම එය අභියෝගාත්මක කාරණයකි. පාපයෙන් කලකට සතුට භුක්ති විඳිය හැකි බව බයිබලය පවසන්නේ හොඳ හේතු ඇතුවය. (මෙම ලිපි මාලාවෙහි කලින් සඳහන් කළාක් මෙන්, කාමුක දර්ශන නැරඹීම ඔබේ ජීවිතයට බෙහෙවින් බලපෑ හැක. මේ පුරුද්ද ඔබේ පවුලේ අය සමඟ සහ මිතුරු මිතුරියන් සමඟ ඇති ඔබේ සම්බන්ධයන්ට බලපාන ආකාරය ඔබ අවංකව සෝදිසි කර බැලුවාද? ඔබ ස්වාමිපුරුෂයෙක්ද, පියෙක්ද? ඔබේ භාර්යාවට සහ දරුවන්ට ඔබේ යම් වෙනසක් දැනී තිබෙනවා විය හැක. කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දට හසු වූ දා සිට, හිටි හැටියෙම ඔබට කේන්ති යනවාද? බුම්මාගෙන සිටිනවාද? කනස්සල්ලෙන් පසු වෙනවාද? අන්‍යයන් සමඟ කටයුතු කිරීමට අකමැත්තක් දක්වනවාද? ප්‍රශ්න අසන විට ඔබ මඟහරින්න උත්සාහ කරනවාද? සමහරවිට කිසිම පදනමක් නැතුව ඔබේ පවුලේ සාමාජිකයන්ට ඔබ බැණ වදිනවාද? ඔබ කාමුක දර්ශන නරඹනවා නම්, එය ඔබේ හැසිරීමට බෙහෙවින් බලපායි. මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ඔබේ යම්කිසි වෙනසක් දකිනවා විය හැක. එසේ වීමට හේතුව කුමක්ද යන්න පමණයි ඔවුන් නොදන්නේ. හැබැයි, එය රහසක්ව තිබෙන්න යන්නේ වැඩි කාලයකට නොවේ!
ඔබ නැවත නැවතත් කාමුක දර්ශන නැරඹීමේ උගුලට හසු වනවා නම්, එම සටනට එරෙහිව තනිව සටන් කරන්න උත්සාහ නොකරන්න. යමෙකුගේ උපකාරය පතන්න. අද්දැකීම් ඇති මිතුරෙකුට ඔබේ ප්රශ්නය ගැන විශ්වාසයෙන් කියන්න. ඇත්තෙන්ම, කාමුක දර්ශන නැරඹීම ඔබට ප්‍රශ්නයක් වී ඇති බව පිළිගැනීමට යම් ධෛර්යයක් උපදවාගත යුතුයි. කෙසේ නමුත්, ඔබ මුල් පියවර ගනිමින් එම පුරුද්ද නතර කර දැමීමට දරන උත්සාහය මේරූ මිතුරා විසින් පැසසුමට ලක් කරනවාට සැකයක් නැත.
කාමුක දර්ශන නැරඹීමේ ආශාවට විරුද්ධව සටන් කිරීම සඳහා බලගතු හේතුවක් වන්නේ දෙවිව සතුටු කිරීමට ඇති ප්‍රබල ආශාවයි. අප කැළැල් රහිත පවිත්‍ර ජීවන රටාවකට ඇලී සිටින විට, දෙවිගේ සිත සතුටු කිරීමට එය දායක වේ. (හිතෝපදේශ 27:11) වැරදි ක්‍රියාමාර්ගයක් අනුව යද්දී ‘ඔහුගේ සිත ශෝක වේ.’ (උත්පත්ති 6:6) ඔබ ක්‍රිස්තියානියෙක් නම්, දෙවිගේ හැඟීම් ගැන ඔබට තැකීමක් ඇති බවට සැකයක් නැත. ඔබගේ මනස සහ සිත දෙවි වෙනුවෙන් කැප කර ඇති අතර, ඔහුගේ සේවය වෙනුවෙන් ඒවා පවිත්‍රව තබාගත යුතුය. එමනිසා ඔබේ මනස සහ සිත යොදාගන්නා ආකාරය ගැන සැලකිලිමත් වීම අවශ්‍යය. (එසකියෙල් 44:23) “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින්” තමන්ව පවිත්‍ර කරගන්න කියාත් ‘දෙවි කෙරෙහි භයින් යුක්තව ශුද්ධකම සම්පූර්ණ කරගන්න කියාත්’ බයිබලය ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටී. (2 කොරින්ති 7:1) දෙවි සෑම දෙයක්ම දකියි. එමනිසා හොඳ පදනමක් ඇතුව ගොඩනැඟෙන ඔහුව අසතුටු කිරීමට ඇති භය, කාමුක දර්ශන නැරඹීමේ උගුලෙන් ඉවත් වීමට ඔබට පෙලඹීමක් විය හැක.
කෙසේවෙතත්, මෙම සටන අතරතුරේදී, වැරදීමකින් කාමුක දර්ශන සහිත වෙබ් අඩවියකට ඔබ ප්‍රවේශ වූවොත් කුමක් කිව හැකිද? එම වෙබ් අඩවියෙන් වහාම ඉවත් වන්න! අවශ්‍ය නම්, අන්තර්ජාලයෙන් විසන්ධි වන්න! නැවතත් එවන් දර්ශන නැරඹීමට පරීක්ෂාවක් ඇති වේ නම්, දෙවිට ඉතා උනන්දුවෙන් යාච්ඤා කරන්න. එම පරීක්ෂාවට විරුද්ධ වීම පිලිප්පි 4:6, 7) මීට අමතරව නුසුදුසු සිතුවිලි උදුරා ‘සැබෑ, ගරුකටයුතු, සාධාරණ, පිරිසිදු, ආදරණීය, යහපත් කීර්තියක් ඇති’ සිතුවිලි ඔබේ මනසෙහි රෝපණය කිරීමට උත්සාහ දැරිය යුතුය.—පිලිප්පි 4:8.
සඳහා අවශ්‍ය උපකාරය සඳහා ඔහුට කන්නලව් කරන්න. බයිබලයට අනුව “සියල්ලෙහිදී” ‘ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න.’ නුසුදුසු සිතුවිලිවලින් ඔබේ මනසට නිරන්තර වදයක් දැනේ නම්, සහනයක් ලැබෙන තෙක් නොකඩවා යාච්ඤා කරන්න. එවිට ‘කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය ඔබේ සිතද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත.’ (මතු දැක්වෙන බයිබල් පාඨ කටපාඩම් කර ඒවා ගැන මෙනෙහි කිරීම ඔබට උපකාරවත් විය හැක.
‘යෙහෝවාට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛර කරව්.’—ගීතාවලිය 97:10.
“මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.”—1 කොරින්ති 9:27.
“එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.”—කොලොස්සි 3:5.
“නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, [දෙවි] නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව, ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන [සිටිය යුතුය].”—1 තෙසලෝනික 4:4, 5.
“ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.”—මතෙව් 5:28.
“පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය.”—කාමුක දර්ශන නැරඹීමෙන් වැළකීමට හොඳ හේතු බොහොමයක් ඇත. එය ඔබේ ජීවිතයට බලපෑ හැක. එය ඔබේ හොඳ විනිශ්චය පලුදු කළ හැක. අන්‍යයන් සමඟ ඇති ඔබේ සබඳතා බිඳිය හැක. විශාලතම පාඩුව වන්නේ දෙවි සමඟ ඇති ඔබේ සම්බන්ධයට හානියක් සිදුවීමය. කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දට හසු වී නැත්නම්, ඔබේ කුතුහලයට ගොදුරු නොවන්න. ඔබ දැනටමත් ඊට හසුව ඇත්නම්, වහාම නතර කරන්න! කාමුක දර්ශන පොත් පත්, සඟරා හෝ අන්තර්ජාලය ඇසුරෙන් නැරඹිය හැකි වුවත්, එය ක්‍රිස්තියානීන්ට යෝග්‍ය දෙයක් නොවේ. එයින් පලා දුවන්න!
[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]
කාමුක දර්ශන—දරුවන්ව ආරක්ෂා කරගැනීම
අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නැරඹීමේ අන්තරාවෙන් ඔබේ දරුවන්ව ආරක්ෂා කරගැනීමට මතු දැක්වෙන යෝජනා උපකාරවත් විය හැක.
● ඔබේ දරුවාට තම නිදන කාමරයේ ඇති පරිගණකයකින් අන්තර්ජාලයට ප්‍රවේශ වන්න ඉඩ නොදෙන්න. අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් පවුලේ සියලුම සාමාජිකයන් නිතරම ගැවසෙන කාමරයක තිබිය යුතුය.
● ඔබේ දරුවා භාවිතයට ගන්නා පරිගණක සේවාවන් මොනවාදැයි දැනගන්න.
● ඔබේ අනුදැනුම නොමැතිව දරුවා තමාගේම වෙබ් අඩවිය පිහිටුවා ඇද්දැයි පරීක්ෂා කර බලන්න. මුළු අන්තර්ජාලයම පරීක්ෂා කරන සෙවුම් යන්ත්‍රණ (search engines) භාවිත කරමින් ඔහුගේ නම ඇද්දැයි සොයන්න. නිවැරදි දත්ත ලබාගැනීමට ඔහුගේ සම්පූර්ණ නම උද්ධෘත පාඨ තුළ ඇතුළත් කළ යුතුය.
● පරිගණකයක් භාවිත කරන නාඳුනන පුද්ගලයෙකුව මුණගැසීමට ඔබේ දරුවාට ඉඩ නොදෙන්න.—“යටි අදහසින් කරන සංවාදයන්” යන කොටුව බලන්න.
● වරදට පොලඹවන, කලහකාරි හෝ තර්ජනාත්මක පණිවිඩවලට කිසිම විටෙක ප්‍රතිචාරය දක්වන්න එපා.
● අන්තර්ජාලයෙන් නුසුදුසු තොරතුරුවලට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ඔබේ දරුවන්ට අනතුරු අඟවන්න. ඔබ නොසිටියත්, ඔවුන් නරඹන දේ සම්බන්ධයෙන් තෝරා බේරා කටයුතු කිරීමට ඔවුන්ට උගන්වන්න. ඇතැම්විට පාසැලේ හෝ මිතුරෙකුගේ නිවසේ ඇති පරිගණකවල කාමුක දර්ශන නැරඹීමට මඟ අහුරා නොතිබිය හැකි බව මතක තබාගන්න.
[හිමිකම් විස්තර]
අන්තර්ජාලය තරණය කරන දරුවන්ට ආරක්ෂාව සැපයීම (ඉංග්‍රීසියෙන්) සහ ලොස් ඇන්ජලිස් ටයිම්ස්හි ලිපියක (1999 ජූලි 5) තොරතුරු මත පදනම් වී ඇත.
[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]
යටි අදහසින් කරන සංවාදයන්
පරිගණක කතාබහ කුටියක් (chat room) භාවිත කරද්දී ඉතා පරෙස්සමින් කටයුතු කළ යුතු වේ. කතාබහ කුටියක් යනු අන්තර්ජාලය පාවිච්චි කරන්නන්ට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමට යොදාගන්නා මාධ්‍යයකි. බොහෝදෙනෙකු කිට්ටු මිතුරන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට E-තැපැල් ක්රමයද භාවිත කරන බව සඳහන් කළ යුතුය. තම පවුලේ සාමාජිකයන්ගෙන් බොහෝ ඈත ජීවත් වන ඇතමුන්ට මෙලෙස අදහස් හුවමාරු කරගත හැකි වේ. එනමුත් ඔබ හඳුනන කෙනෙකුට E-තැපෑලයක් යැවීම සහ ඔබ නාඳුනන කෙනෙකු බැහැදැකීම අතර ලොකු වෙනසක් ඇත. දුරකථනය භාවිත කරමින් ඔබේ මනසට එන ඕනෑම අංකයක් කරකවා, රිසීවරය අතට ගන්නා ඒ නාඳුනන තැනැත්තා සමඟ ඔබ මිතුරුකමක් ඇති කරගන්න යනවාද? එසේ සිතීම උගහටය. එසේ නම්, ඔබ කිසිසේත් හඳුනන්නේ නැති කෙනෙකු සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධයක් පවත්වන්නේ මන්ද?
නාඳුනන කෙනෙකු සමඟ අදහස් හුවමාරු කිරීමේ එක් අන්තරාවක් වන්නේ ඔහු තම සැබෑ තත්වය වසං කිරීමට තිබෙන ඉඩ කඩ වැඩිවීමය. නිදසුනකට, ඒ පුද්ගලයා අහිංසක දරුවෙකුව හෝ යෞවනයෙකුව තම ග්‍රහණයට හසු කරගැනීමට මාන බලන කාමාතුරයෙකු විය හැක.
අන්තර්ජාලය හා සම්බන්ධ ප්‍රශ්න හසුරුවන නීතිඥයෙක් වන පැරි අෆ්ටබ් මෙවන් දෙයක් කිරීම කොතරම් පහසුදැයි පැහැදිලි කළේය. ඔහු මෙලෙස අදහස් දැක්වීය. “සාමාන්‍යයෙන් කතාබහ කුටිවලට පිවිසෙන්නේ දරුවන්. කාමාතුරයන් මෙය සැලකිල්ලට ගන්නා අතර, සිදු වන සංවාදයන් සියුම් ලෙස පරීක්ෂා කරයි. මෙලෙස තනිකමින් පෙළෙන දරු දැරියන් කවුරුන්දැයි සැලකිල්ලට ගනී. දරුවෙකු මෙවැනි පණිවිඩ යැවිය හැක. ‘මගේ අම්මයි තාත්තයි දික්කසාද වෙන්න යනවා. . . . මට මගේ අම්මාව පෙන්නන්න බැහැ. මට ඕනේ කොම්පියුටර් ක්‍රීඩාව එයා අරන් දෙන්නේ නැහැනේ.’ . . . දැන් කාමාතුරයා ප්‍රවේශ වී මෙසේ පවසයි. ‘මගේ අම්මයි තාත්තයි දික්කසාද වෙන්න යනවා . . . මගේ අම්මාවත් මට පෙන්නන්න බැහැ . . . මට ඕනේ කොම්පියුටර් ක්‍රීඩාව මට ගන්න බැරි වුණාට, අංකල් ටිමි ඒක මට අරං දුන්නා. . . . කරන්න තියෙන්නේ ළඟ තියෙන වෙළඳ සංකීර්ණයට ඇවිත් අංකල් ටිමිව හම්බ වෙන එක විතරයි.’” “අංකල් ටිමි” කියන්නේ ගොදුරක් සොයා යන කාමාතුරයායි.
එමනිසා දෙමාපියන් තම දරු දැරියන් සමඟ උණුසුම්, කිට්ටු සෙනෙහසින් පිරුණු සබඳතාවක් පවත්වාගැනීම අවශ්‍යය. විවෘත අදහස් හුවමාරුවක් ඔවුන් සමඟ පවත්වනවා නම්, යම් චිත්තවේගීය උපකාරයක් අවශ්‍ය විටක ඔවුන් වැරදි තැන්වලට යොමුවීමෙන් වැළකෙනවා ඇත.
තනිකමින් පෙළෙන හෝ අසතුටුදායක විවාහ දිවියක් ගත කරන වැඩිහිටියන් චිත්තවේගීය උපකාරය සඳහා පරිගණක කතාබහ කුටිවල පිහිට නොපැතිය යුතුය. නාඳුනන කෙනෙකුගේ පිහිට පැතීම අනතුරුදායකය. සමහර වැඩිහිටියන් අන්තර්ජාලය තුළින් දැන හඳුනාගත් කෙනෙකු නිසා තම විවාහක කලත්‍රයාව පවා අත්හැර ගොස් ඇත. a
[පාදසටහන]
a පරිගණක කතාබහ කුටි ගැන පළ වී ඇති තවත් තොරතුරු ලබාගැනීමට 2000 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “යෞවන අය අසති . . . අන්තර්ජාලයේ අනතුරුවලින් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?” යන ලිපිය බලන්න.
[8වන පිටුවේ පින්තූරය]
පරීක්ෂාවට හසු නොවී සිටීමට යාච්ඤාව උපකාර විය හැක