අපගේ පාඨකයන්ගෙන්
අපගේ පාඨකයන්ගෙන්
විවාහ කලත්‍රයෙක් තෝරාගැනීම “බයිබලයේ දෘෂ්ටිකෝණය: විවාහ කලත්‍රයෙක් තෝරාගන්නේ කොහොමද?” යන ලිපිය සැපයීමෙන් ඔබ අපට පියෙකු මෙන් පෙන්වූ සැලකිල්ල සඳහා ඔබට ස්තුති කරන්න මම කැමතියි. (1999 ඔක්තෝබර් 8) නියම අවබෝධයක් නැති බොහෝ තරුණ තරුණියන් මුළා වූ ප්‍රේමය සැබෑ ප්‍රේමය කියා වරදවා වටහාගෙන විවාහ වීමට හදිසි වෙනවා. මට ගැළපෙන්නෙ නැති කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොඳයි තනිවම ඉන්න එක.
එස්. ආර්. එම්., බ්‍රසීලය
වයස අවුරුදු 40ක් වන මා අවිවාහකයි. කලත්‍රයෙකු සෙවීම සම්බන්ධයෙන් මම හැමදාම යෙහෝවාට යාච්ඤා කරන අතර, සාර්ථක විවාහයක් ගත කිරීමට අවශ්‍ය ගුණාංග වර්ධනය කරගැනීමට මම සෑහෙන වෙහෙසක් දරනවා. එකම ඉලක්ක ඇති, දෙවිගේ ආත්මයේ ඵල වර්ධනය කිරීමට ප්රයත්නයක් දරන, ශක්තිමත් ආත්මිකත්වයක් ඇති පුද්ගලයෙකු සෙවීමේදී බැලිය යුතු දේවල් පිළිබඳ යෝජනා කියවීමට ලැබීම දිරිගන්වන්නක්. යෙහෝවා කෙරෙහි දිගටම බලා සිටීම සඳහා මගේ අධිෂ්ඨානය ශක්තිමත් කිරීම ගැන ඔබට ස්තුතියි.
ඊ. එෆ්., එක්සත් ජනපදය
තුරිතයෝ යුරෝපීය තුරිතයන් කැදලි සාදන විදිහ මම මගේ සඳලුතලේ සිට වසර ගණනාවක් පුරා නිරීක්ෂණය කර තිබෙනවා. මැයිවලදී පැමිණෙන උන් හදිසියේම අගෝස්තුවලදී අතුරුදහන් වෙනවා. “නමින් තුරිතයා ගමනින් තුරිතයි” (1999 ඔක්තෝබර් 8) යන ලිපියට ස්තුතිවන්ත වෙන්න දැන් මම මේ මනහර පක්ෂීන් ගැන තව හුඟක් දේවල් දන්නවා.
ඒ. ඩී., ජර්මනිය
ජීවිත කතාව දැන් අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් පුරා මම පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙක් හැටියට සේවය කර තිබෙන අතර ඔබ පැහැදිලිව ලියා තිබෙන ලිපිවලට ස්තුති කරන්න මම හරි කැමතියි. මිෂනාරිවරුන්ගේ පුදුමාකාර අද්දැකීම් මට හුඟක් අර්ථවත් ඒවා වෙලා තියෙනවා. මට ඕන වුණේ මගේ පාඩුවේ ඉන්නයි. නමුත් විලම් හා ඛ්රේ වාන් සේල්ගේ (“යථාර්ථය මගේ අපේක්ෂා ඉක්මවා ගොස්” 1999 ඔක්තෝබර් 8) අද්දැකීම වැනි ඒවා විදේශ රටකට ගොස් සේවය කිරීමට තිබූ මගේ ආශාව දිගටම පවත්වගන්න මට උපකාර වෙලා තියෙනවා.
පී. කේ., එක්සත් ජනපදය
මෙම ලිපිය කියවන්න ගන්නකොට මම හිටියේ කලකිරිලයි. සමහර අවස්ථාවලදී, මගේ ආත්මික ඉලක්ක කවදාවත් අත් කරගන්න බැරි වෙයි කියලා මට හැඟෙනවා. පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙකු හැටියට මම කරන සේවය කෙරෙහි සුදුසු ආකල්පයක් තබාගැනීම මට හැමවිටම දුෂ්කර දෙයක් වෙලා තිබුණා. බාධා හමුවේ වුවත්, විලම් හා ඛ්රේ කදිම ඒකාන්ත ආකල්පයක් විදහාපෙන්වූ අතර, යෙහෝවා ඔවුන්ගේ ප්රයත්නයන්ට ආශීර්වාද කළා. ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්නවා නම් මටත් ඉලක්ක අත් කරගත හැකියි යන මගේ විශ්වාසය ඉන් වැඩි වුණා.
කේ. සී., එක්සත් ජනපදය
ලැජ්ජාශීලීභාවය “යෞවන අය අසති . . . මට ලැජ්ජාශීලීභාවයෙන් ගොඩ එන්න බැරි ඇයි?” යන ලිපිය වෙනුවෙන් ඔබට බොහෝ සෙයින් ස්තුති කරන්න කැමතියි. (1999 නොවැම්බර් 8) ඒ ලිපිය, 17-හැවිරිදි මටම ලියා තිබෙන එකක් බව හිතෙන්න සැලැස්සුවා. මට ඇතුළාන්තයෙන් හැඟෙන දේවල්මයි එහි පවසා තිබුණේ. මම හරි අහංකාර කෙනෙක් කියලා පවසනවා මට ඇහිලා තියෙනවා. නමුත් කෙනෙක් අනික් අයට වඩා නිහඬව ඉඳීම ඒ තැනැත්තාව වැරදි විදිහට විනිශ්චය කිරීමට හේතුවක් නොවෙයි.
ආර්. ආර්., ජර්මනිය
පොඩි කාලේ මට වැළඳුණු දරුණු රෝගයක් නිසා අන්‍යයන්ගෙන් ඈත් වෙලයි ඉන්නේ කියන හැඟීම මට ඇති වී තිබෙනවා. මගේ හැඟීම් තේරුම්ගෙන, තත්වයට හොඳින් මුහුණ දෙන්න මේ ලිපිය මට උපකාර කළා. මගේ සභාවෙන් මිතුරන් ඇති කරගන්න මම පියවර ගන්න හිතාගෙනයි ඉන්නේ.
ජේ. එෆ්. එෆ්., බ්‍රසීලය
වැරදි සංඛ්‍යාවක්! මම ඕගොල්ලන්ගේ ලිපිත්, ඒවාවල නිවැරදිභාවයත් හුඟක් අගය කරනවා. කෙසේවෙතත්, “දස දෙසින්” යන ලිපියේ “මෝටර් රථ උමතුව” (1999 සැප්තැම්බර් 8, ඉංග්‍රීසියෙන්) නම් මාතෘකාව යටතේ මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා: “එක්සත් ජනපදයේ වාහන මිලියන 40ක් පමණ දැනට ධාවනය වන බවට ගණන් බලා තිබෙනවා.” නියම සංඛ්‍යාව ඊට වඩා හුඟක් වැඩියි.
ආර්. කේ., එක්සත් ජනපදය
මේ වරද ගැන අපිට සමාවෙන්න. වැරදීමකින් අපි සඳහන් කර තිබෙන්නේ වැරදි සංඛ්‍යා ලේඛනයක්. දැනට, එක්සත් ජනපදයේ මෝටර් රථ මිලියන 130කට වඩා ලියාපදිංචි කර තිබෙනවා.—සංස්.