දරුණු අසනීපයකින් පෙළෙද්දී
ඔයාට හරි පවුලේ කෙනෙක්ට හරි මාරාන්තික ලෙඩක් වැළඳිලා තියෙනවා නම් ඒකෙන් මොන තරම් මානසික පීඩනයක් දැනෙනවාද කියලා ඔයා දන්නවා ඇති. ලෙඩේ එක්ක විතරක් නෙවෙයි කනස්සල්ල, බය වගේ සිතුවිලි එක්කත් පොරබදින්න වෙනවා. සැරින් සැරේට වෛද්‍යවරයාව මුණගැහෙන්න යන්න වෙන එක, නිර්දේශ කරපු වෛද්‍ය ප්‍රතිකාරය ලබාගන්න අමාරු වෙන එක නැත්නම් වියදම දරාගන්න බැරි වෙන එක, බෙහෙත් නිසා අතුරු ආබාධ ඇති වෙන එක වගේ දේවල් නිසා කනස්සල්ල තවත් වැඩි වෙනවා. අසනීපයෙන් ඉන්න කෙනාට වගේම එයාගේ පවුලේ අයට දරාගන්න බැරි තරම් පීඩනයක් දැනෙන්න පුළුවන්.
දිගටම දෙවියන්ගෙන් උදව් ඉල්ලන එකෙන් සහ බයිබලය කියවන එකෙන් ඒ වගේ තත්වයන් අද්දකින හුඟක් අය ලොකු සහනයක් ලබලා තියෙනවා. පවුලේ අයගේ සහ යාළුවන්ගේ ආදරය, සහයෝගය ලැබෙන
එකත් ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න උදව් වෙනවා.දුක දරාගන්න උදව් වෙන යෝජනා
අවුරුදු 58ක් වන රොබට් කියන දේ බලන්න. “දෙවියන්ව විශ්වාස කරන්න. විඳදරාගන්න ඔහු ඔයාට උදව් කරයි. යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. බලය ඉල්ලන්න. ඔයාට හැඟෙන විදිහ ඔහුට කියන්න. පවුලේ අයව දිරිගැන්වෙන විදිහට වැඩ කරන්නත් සන්සුන්ව දේවල් දරාගන්නත් උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න.
“පවුලේ අයගෙන් ලැබෙන දිරිගැන්වීම් හුඟක් වටිනවා. මං හොඳින්ද කියලා බලන්න එයාලගෙන් අඩුම තරමින් මට දවසකට කෝල් 2ක්වත් එනවා. මගේ යාළුවොත් මං ගැන හොයලා බලනවා. එයාලගේ ආදරය, සැලකිල්ල මට උදව් වෙලා තියෙනවා මගේ අසනීපය දරාගන්න.”
ලින්ඩා මෙහෙම කියනවා. “අසනීපෙන් ඉන්න කෙනා කොයි වෙලෙත් අසනීපේ ගැනම කතා කරන්න කැමති වෙන එකක් නෑ. සාමාන්‍ය විදිහට දේවල් කරගෙන යන්න එයා වෑයම් කරනවා ඇති. ඒ නිසා එයාව බලන්න ගියාම අනිත් අයත් එක්ක කතා කරනවා වගේ සාමාන්‍ය විදිහට එයා එක්කත් කතා කරන්න.”
ඔයා මාරාන්තික අසනීපයක් එක්ක පොරබදිනවා වෙන්න පුළුවන්. ඒත් දෙවියන්ගෙන් සහ බයිබලයෙන් සැනසීමක් ලැබෙද්දී, පවුලේ අයගෙන් සහ යාළුවන්ගෙන් උදව් ලැබෙද්දී ඔයාගේ ජීවිතේ කොයි තරම් වටිනවාද කියලා ඔයාට පැහැදිලි වෙයි.