“එයා ජීවත් වෙන්නේ තව ටික කාලයයි”
අවුරුදු 54දී වෙස්ලිට දරුණු මොළේ පිළිකාවක් තියෙනවා කියලා හොයාගත්තා. වෛද්‍යවරු කිව්වේ “එයා ජීවත් වෙන්නේ තව ටික කාලයයි” කියලා. ඒ ගැන එයාගේ බිරිඳ ඩොරින් කිව්වේ මෙහෙමයි. * “ඒක අහලා මගේ ඇඟම පණ නැති වුණා. සති ගාණක් තිස්සේ මුකුත්ම කරගන්න බැරි වුණා. අපිට මෙහෙම දෙයක් වෙයි කියලා මං හිතුවෙම නෑ.”
අපි ඕනම කෙනෙක්ට හිතන්නේ නැති වෙලාවක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. පවුලේ කෙනෙක්ට එහෙම වෙන එක ලොකු වේදනාවක් වුණත් එයාව බලාගන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන එක අගය කරන්න ඕනේ. හැබැයි ඒක හිතන තරම් ලේසි නැහැ. ඔයාගේ පවුලේ කෙනෙක් ඉන්නේ ඒ වගේ තත්වයක නම් එයාව බලාගන්න, සනසවන්න කරන්න පුළුවන් මොනවාද? ඔයාට දැනෙන බය, දුක, කනස්සල්ල වගේ හැඟීම් දරාගන්නේ කොහොමද? මැරෙන මොහොතට මුහුණ දෙන්න හිත හදාගන්නේ කොහොමද? අසනීපයෙන් ඉන්න කෙනෙක්ව බලාගන්න තියෙන අභියෝග මොනවාද කියලා අපි ඉස්සෙල්ලාම බලමු.
හිතන්නේ නැති පැත්තක්
මීට අවුරුදු 100කට විතර කලින් දියුණු රටවල මිනිස්සු වුණත් වැඩි කාලයක් ජීවත් වුණේ නැහැ. හදිසි අනතුරක් වුණාම, බෝ වෙන රෝගයක් හැදුණාම ගමනාගමන පහසුකම් නැති නිසා එයාලා කළේ ගෙදර ඉඳන් වෙදකම් කරන එකයි. ඒ නිසා කාලයක් තිස්සේ විඳවන්නේ නැතුව එයාලා මිය ගියා. ඒත් අද තත්වය ඊට වඩා වෙනස්.
දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා අසාධ්‍ය තත්වයක ඉන්න කෙනෙක්ව තව අවුරුදු කීපයක් වුණත් ජීවත් කරවන්න පුළුවන්. සමහර අය උත්සාහ කරන්නේ විවිධ ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරලා රෝගියාව දවසක් හරි ජීවත් කරවන්න. එයාගේ ආයු කාලය වැඩි වුණත් දවසින් දවස එයා දුර්වල වෙනවා. අන්තිමට කාගෙවත් උදව්වක් නැතුව කිසිම දෙයක් කරගන්න බැරි වෙන නිසා රෝගියාව බලාගන්න කෙනාට ප්‍රශ්න වැලකට මුහුණ දෙන්න වෙනවා.
අද හැමෝම වගේ කරන්නේ ගෙදර ඉඳන් ප්‍රතිකාර කරනවා වෙනුවට රෝගියාව රෝහලක නවත්තන එකයි. ඒ නිසා කෙනෙක් විඳවන විදිහවත් මැරෙන විදිහවත්
හුඟදෙනෙක් දැකලා නැහැ. ඒ ගැන අවබෝධයක් නැති කෙනෙක්ට රෝගියාව බලාගන්න ලොකු බයක් දැනෙන්න පුළුවන්. එතකොට රෝගියාගේ ඕනෑ එපාකම් බලලා එයාට සහනයක් දෙන්න බැරි වෙනවා. ඒත් එහෙම නොවෙන්න නම් මොනවාද කරන්න ඕනේ?කලින්ම සැලසුම් කරන්න
ඔයා ආදරේ කරන කෙනෙක්ට බරපතළ අසනීපයක් තියෙනවා කියලා දැනගත්තාම ඔයාගේ මුළු ලෝකෙම කඩා වැටුණා කියලා දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට දැනෙන වේදනාව, කනස්සල්ල, බය වගේ හැඟීම්වලින් ගොඩ එන්නේ කොහොමද? “නැණවත් සිතක් අත් කරගැනීමට අපට හැකි වන පිණිස අපේ ජීවිතයේ සෑම දවසක්ම අර්ථවත් ලෙස ගත කිරීමට අපට උගන්වන්න” කියලා දෙවියන්ට විශ්වාසවන්තව හිටපු කෙනෙක් යාච්ඤා කළා. (ගීතාවලිය 90:12) රෝගියාගේ අන්තිම මොහොත වෙන කල් ‘හැම දවසක්ම අර්ථවත්ව ගෙවන්න’ යෙහෝවා දෙවියන්ගෙන් දිගටම උදව් ඉල්ලන්න.
හැම දෙයක්ම කලින්ම සැලසුම් කරන එක ප්‍රයෝජනවත්. රෝගියා ඉන්නේ අනිත් අයත් එක්ක කතා කරන්න පුළුවන් තත්වයක නම්, කතා කරන්න එයාගේ අකමැත්තක් නැත්නම් සිහිකල්පනාව නැති වෙද්දී එයා වෙනුවෙන් තීරණ ගන්නේ කවුද කියලා කලින්ම කතා කරගන්න. ඒ අවස්ථාවට මුහුණ දෙද්දී රෝහල්ගත කරනවාද, කෘතිම ශ්වසනය දෙනවාද, ප්‍රතිකාර කරන එක නවත්තනවාද කියලා එයාගෙන් අහන්න. එහෙම කළොත් එයා වෙනුවෙන් තීරණ ගන්න වුණාම ඔයාගේ හිත වද දෙන්නේ නැහැ. බයිබලයෙත් කියන්නේ “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි” කියලයි. (හිතෝපදේශ 15:22) ඒ නිසා කලින්ම හැම දෙයක්ම කතා කරගන්න. එතකොට කලබල වෙන්නේ නැතුව එයාව හොඳින් බලාගන්න ඔයාට පුළුවන්.
ළඟින්ම ඉන්න
රෝගියාව බලාගනිද්දී ඔයාගේ මූලික වගකීම එයා ළඟින්ම ඉඳන් එයාට සහනයක් දෙන එක. මොකද ඒ තත්වයේ ඉන්න කෙනෙක්ට එයා තනි වෙලා නැහැ කියලත් එයාට ගොඩක් ආදරෙයි කියලත් දැනෙන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? එයාත් එක්ක එකතු වෙලා සින්දු කියන්න, පොත් කියවන්න. හැබැයි එයා කැමති, එයාව ශක්තිමත් කරන ඒවා තෝරගන්න අමතක කරන්න එපා. පවුලේ කෙනෙක් අතින් අල්ලගෙන එයාලත් එක්ක ආදරෙන් කතා කරනවට සමහරු කැමතියි.
කවුරු හරි එයාව බලන්න ආවම ඒ කෙනාව එයාට හඳුන්වලා දෙන්න. එක වාර්තාවක මෙහෙම කියනවා. “මිනිස් සිරුරේ තියෙන පංච ඉන්ද්‍රියන්ගෙන් ඇසීම තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ නිසා රෝගියෙක් නිදාගෙන ඉන්නවා වගේ පෙනුණත් එයාට අපි කියන දේවල් ඇහෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඉස්සරහ කතා කරන දේ ගැන පරෙස්සම් වෙන්න.”
2 කොරින්ති 1:8-11) පාවුල්ට අනිත් අයගේ යාච්ඤා ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මුළු හදවතින්ම අපි කරන යාච්ඤාත් දරාගන්න බැරි වේදනාවකින් ඉන්න රෝගියෙක්ට ලොකු සහනයක්.
පුළුවන් නම් එයත් එක්ක යාච්ඤා කරන්න. යේසුස්ගේ අනුගාමිකයෙක් වුණ පාවුල්ට සහ එයාගේ යාළුවන්ට දරාගන්න බැරි පීඩා ආවා. එයාලගේ ජීවිත පවා තිබුණේ අවදානමක. ඒකෙන් ගොඩ එන්න උදව් වුණේ මොනවාද? පාවුල් මෙහෙම කිව්වා. “අප වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමෙන් අපට උපකාර කරන්න ඔබටත් හැකියි.” (කල්තියා දැනගන්න
අපේම කෙනෙක් මැරෙනවා කියලා හිතද්දීත් දුකයි. ඒ ගැන පුදුම වෙන්න ඕන නැහැ. මොකද දෙවියන් අපිව හැදුවේ මැරෙන්න නෙවෙයි. මරණය අසාමාන්‍ය දෙයක්. කෙනෙක් මැරෙන්න යනවා කියලා දැන දැනත් අපේ හිත ඒක පිළිගන්නේ නැත්තේ ඒ නිසයි. (රෝම 5:12) බයිබලයෙත් කියන්නේ මරණය ‘සතුරෙක්’ කියලා.—1 කොරින්ති 15:26.
කොහොම වුණත් රෝගියාගේ අන්තිම දවස් කීපයේදී එයාට වෙන්නේ මොනවාද කියලා දැනගෙන ඉන්න එක වැදගත්. ඒකෙන් අපේ බය නැති කරගන්නත් සහනයක් දැනෙන විදිහට එයාව බලාගන්නත් පුළුවන්. “ මැරෙන මොහොතට ළං වෙද්දී” කියන කොටුවේ වෙන්න පුළුවන් දේවල් කීපයක් ගැන සඳහන් වෙනවා. හැම රෝගියෙක්ටම එකම පිළිවෙළට මේ දේවල් වෙන්නේ නැති වුණත් මේ ලක්ෂණවලින් කීපයක් හරි රෝගියෙක් තුළ දකින්න පුළුවන්.
අසනීපයෙන් හිටපු කෙනා ජීවිතයෙන් සමුගනිද්දී කලින් සැලසුම් කරපු විදිහට ඔයාගේ කිට්ටුම යාළුවෙක්ට උදව්වට එන්න කියන්න. ‘මිය ගිය අය කිසිවක් දන්නේ නැහැ’ කියලා දෙවියන් කියන දේ රෝගියා ළඟින් හිටිය හැමෝටම මතක් කරන එකත් හොඳ දෙයක්. (දේශනාකාරයා 9:5) මිය ගිය කෙනා තවත් විඳවන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න එක එයාලාට ලොකු සහනයක් වෙයි.
අපිව සනසවන හොඳම කෙනා
ආදරේ කරන කෙනා අසනීපයෙන් ඉන්න කාලේ වගේම මිය ගියාට පස්සෙත් ඔයාට දැනෙන දුක දරාගන්න දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලන්න. ඔයාව සනසවන්න අනිත් අයව පොලඹවන්න ඔහුට පුළුවන්. ඩොරින් කිව්වේ මෙහෙමයි. “අනිත් අය මට උදව් කරන්න හදද්දී මං කවදාවත් එපා කිව්වේ නෑ. හිතාගන්න බැරි විදිහට හැමෝගෙන්ම උදව් ලැබුණා. මටයි මහත්තයාටයි දැනුණේ හරියට යෙහෝවා දෙවියන් අපේ ළඟින්ම ඉඳන් ‘බය වෙන්න එපා මං ඔයාලත් එක්කම ඉන්නවා’ කියනවා වගේ. ඒ හැඟීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ.”
යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කරපු නිසා අපිව සනසවන්න පුළුවන් හොඳම කෙනා ඔහුයි. ඒ වගේම අපේ වේදනාව හොඳටම තේරෙන්නෙත් ඔහුටයි. ඔහු අපිව ශක්තිමත් කරන්න ආසාවෙන් ඉන්නවා විතරක් නෙවෙයි ඒ දේ කරන්නත් ඔහුට පුළුවන්. ඒ හැම දේටම වඩා මරණය නැති කරනවා කියලත් ඔහුගේ මතකයේ ඉන්න බිලියන ගාණක් මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙනවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා. (යොහන් 5:28, 29; එළිදරව් 21:3, 4) ඒ කාලයේදී අපිටත් පුළුවන් පාවුල් කිව්වා වගේ මෙහෙම කියන්න. ‘මරණය, ඔබේ ජය කොතැනද? අනතුරු කරන ඔබේ විෂ තුඩ කොතැනද?’—1 කොරින්ති 15:55.
^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.