ඔයා කැමති කාගේ පිළිගැනීම ලබන්නද?
“ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.”—හෙබ්‍රෙ. 6:10.
1. සාමාන්‍යයෙන් අපි හැමෝම ආස මොනවාටද?
හිතන්න ඔයා දන්න කියන, ඔයා ගරු කරන කෙනෙක්ව ඔයාට හම්බ වුණා කියලා. ඒත් එයා ඔයාව අඳුරගන්නේ නැහැ. එයාට ඔයාගේ නම මතකත් නැහැ. එතකොට ඔයාට දුකක් දැනෙයි. මොකද අපි ආසයි අනිත් අය අපිව මතකයේ තියාගන්නවාට. නිකම්ම අපේ නම මතක තියාගන්න එක විතරක් නෙමෙයි අපි මොන වගේ අයද, අපි කරලා තියෙන දේවල් එයාලට මතකයි නම් අපිට සතුටුයි. ඒ කියන්නේ අනිත් අයගේ පිළිගැනීම ලබන්න අපි හැමෝම ආසයි කියන එක.—ගණන්. 11:16; යෝබ් 31:6.
2, 3. අනිත් අයගේ පිළිගැනීම ලබන්න අපිට තියෙන ආසාව උගුලක් වෙන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
2 ඒත් අපි පරෙස්සම් වුණේ නැත්නම් අනිත් අයගේ පිළිගැනීම ලබන්න අපිට තියෙන ආසාව නිසා ජනප්‍රිය වෙන්න, අනිත් අය අතරේ කැපීපේන්න අපි උත්සාහ කරන්න පුළුවන්. සාතන්ගේ ලෝකය නිතරම අපිව පොලඹවන්නේ මේ සමාජයේ පිළිගැනීමක් ලබන්න කියලයි. අපි ඒකට අහු වුණොත් දෙවිට ලැබෙන්න ඕනෙ ගෞරවය, නමස්කාරය ඔහුට දෙන්න අපිට බැරි වෙනවා.—එළි. 4:11.
ලූක් 20:46, 47) එයාලට ඕනෙ වුණේ මිනිසුන්ගේ ගරු නම්බු ලබන්න. ඒත් වටින්නේ මිනිසුන්ගේ ගෞරවය, පිළිගැනීම ලබන එක නෙමෙයි කියලා යේසුස් කරපු දේකින් පැහැදිලි වුණා. එක අවස්ථාවක දිලිඳු වැන්දඹුවක් පුංචි කාසි දෙකක් සම්මාදම් කළා. එයාට මිනිසුන්ගේ පිළිගැනීම ලබන්න ඕනෙ වුණේ නැහැ. එයා කරපු දේ දැකපු යේසුස්, එයාව හුඟක් අගය කළා. (ලූක් 21:1-4) යේසුස් පෙන්නලා දුන්නේ කාගේ පිළිගැනීම ලබන එක වටිනවා කියලාද? අපිත් උත්සාහ කරන්න ඕනෙ කාගේ පිළිගැනීම ලබන්නද? ඒ ගැන මේ ලිපියෙන් බලමු.
3 යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයන් ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “නීතිය පිටපත් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් විශේෂ සළු ඇඳගෙන එහා මෙහා ඇවිදීමටත් වෙළඳපොළවලදී ආචාර ලබන්නත් කැමැත්තෙන් සිටිනවා. ඔවුන් සිනගෝගවලදී ඉදිරි ආසනවල සහ සන්ධ්‍යා භෝජනවලදී ප්‍රධානතම ස්ථානවල සිටින්නත් කැමතියි. ඔවුන්ට ලැබෙන්නේ වඩාත් බරපතළ විනිශ්චයක්.” (වැඩියෙන්ම වටින්නේ කාගෙන් ලබන පිළිගැනීමද?
4. වැඩියෙන්ම වටින්නේ කාගෙන් ලබන පිළිගැනීමද? ඒ ඇයි?
4 හුඟදෙනෙක්ට ඕනෙ උසස් අධ්‍යාපනයක් ලබලා, හොඳ ව්‍යාපාරයක් කරලා, ජනප්‍රිය වෙලා මිනිසුන්ගේ පිළිගැනීම ලබන්න. ඒත් වැඩියෙන් වටින්නේ කාගෙන් ලබන පිළිගැනීමද කියලා පාවුල් විස්තර කළා. එයා කිව්වේ මෙහෙමයි. “දැන් ඔබ දෙවිව හඳුනාගෙන ඇත. ඇත්තටම කිව යුත්තේ දෙවි ඔබව පිළිගෙන ඇති බවයි. එසේනම් දුර්වල, කිසි වටිනාකමක් නැති බොළඳ දේවලට ඔබ නැවත හැරෙන්නේ මන්ද? නැවතත් ඒ දේවලට වහල් වී සිටීමට ඔබ කැමති වන්නේ කුමන පදනමක් මතද?” (ගලා. 4:9) විශ්වයේ පාලකයා වන ‘යෙහෝවා දෙවිගේ පිළිගැනීම ලබන එක’ කොයි තරම් වරප්‍රසාදයක්ද! දෙවි අපි ගැන හැම දෙයක්ම දන්නවා. ඔහු අපිට ආදරෙයි. ඔහුට ඕනෙ අපි ඔහුගේ යාළුවන් වෙනවා දකින්නයි. දෙවි අපිව නිර්මාණය කළේ ඔහුගේ මිතුරන් හැටියට ඉන්න.—දේශ. 12:13, 14.
5. දෙවිගේ යාළුවෙක් හැටියට දෙවි අපිව පිළිගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
5 යෙහෝවා දෙවි මෝසෙස්ව ඔහුගේ යාළුවෙක් විදිහට පිළිගත්තා. මෝසෙස් දෙවිගෙන් “ඔබේ මාර්ග මට කියා දෙන්න” කියලා ඉල්ලුවාම දෙවි එයාට මෙහෙම කිව්වා. “මම ඔබව හොඳින් හඳුනමි. ඔබ මට ප්‍රසන්නය. ඒ නිසා ඔබ මගෙන් ඉල්ලන මේ දේත් මම ඉටු කරන්නෙමි.” (නික්. 33:12-17) දෙවි අපිවත් හොඳින් හඳුනගද්දී හිතාගන්න බැරි තරම් ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන්. ඒත් යෙහෝවා දෙවි යාළුවෙක් හැටියට අපිව පිළිගන්න නම් අපි ඔහුට ආදරේ කරන්න ඕනේ. අපේ ජීවිතේ ඔහුට කැප කරන්න ඕනේ.—1 කොරින්ති 8:3 කියවන්න.
6, 7. යෙහෝවා දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය නැති වෙන්න පුළුවන් මොකක් නිසාද?
6 දෙවිත් එක්ක ඇති කරගන්න වටිනා මිත්‍රත්වය අපි දිගටම රැකගන්නත් ඕනේ. මතකද, පාවුල් ගලාතිවරුන්ට කිව්ව දේ? ඔහු කිව්වේ “දුර්වල, කිසි වටිනාකමක් නැති බොළඳ දේවලට” වහල් වෙන්න එපා කියලයි. (ගලා. 4:9) ඒ කියන්නේ මේ සමාජයේ පිළිගැනීමක් ලබන අරමුණෙන් දේවල් කරන්න එපා කියලයි. ඒ උපදෙස අපිත් හිතට ගන්න ඕනේ. එදා හිටපු ක්‍රිස්තියානීන් දෙවිව හඳුනගෙනයි හිටියේ. දෙවිත් එයාලව පිළි අරගෙනයි තිබුණේ. ඒත් එයාලා කිසි වටිනාකමක් නැති බොළඳ දේවලට ‘ආයෙත් හැරිලා ගියා.’ ඒ නිසයි පාවුල් එයාලගෙන් අහන්නේ ‘දෙවිගේ මිත්‍රත්වය වගේ වටින දෙයක් ලැබිලා තියෙද්දී ඇයි ඔයාලා ආයෙත් කිසිම වටිනාකමක් නැති දේවල් පස්සේ යන්නේ’ කියලා.
7 ඒ වගේ දෙයක් අපිටත් වෙන්න පුළුවන්. සත්‍යයට එද්දී අපිත් පාවුල් කළා වගේ හුඟක් දේවල් අත්හරින්න ඇති. (ෆිලිප්පි 3:7, 8 කියවන්න.) සමහරවිට විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න ශිෂ්‍යත්වයක්, හොඳ රැකියාවක්, ඇති තරම් සල්ලි හම්බ කරන්න අවස්ථාවන් අපිට ලැබෙන්න ඇති. නැත්නම් සංගීතයට, ක්‍රීඩාවට අපි දක්ෂ නිසා ජනප්‍රිය, පොහොසත් කෙනෙක් වෙන්න අපිට අවස්ථාව තියෙන්න ඇති. ඒත් අපි ඒ හැම දේම අත්හැරියා. (හෙබ්‍රෙ. 11:24-27) ‘ඒ දේවල් අත්හැරියේ නැත්නම් මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න තිබුණානේ’ කියලා හිතලා අපි ගත්ත ඒ තීරණ ගැන පසුතැවෙන එක කොයි තරම් මෝඩ දෙයක්ද! මොකද එහෙම හිතෙනවා නම් අත්හැරලා ආපු “දුර්වල, කිසි වටිනාකමක් නැති” ඒ දේවල් පස්සේ අපි ආයෙත් යන්න ඉඩ තියෙනවා.
දෙවිගේ පිළිගැනීම ලබන්න
8. මිනිසුන්ගේ නෙමෙයි දෙවිගේ පිළිගැනීම ලබාගන්න අපිට තියෙන ආසාව වැඩි කරගන්න පුළුවන් කොහොමද?
8 අපිට වැඩියෙන්ම වටින්නේ දෙවිගේ පිළිගැනීම ලබන එක නම් අපි මේ සමාජයේ පිළිගැනීම ලබාගන්න උත්සාහ කරන්නේ නැහැ. දෙවිගේ පිළිගැනීම ලබාගන්න අපිට තියෙන ආසාව තව වැඩි කරගන්න පුළුවන් කොහොමද? ඒකට දේවල් 2ක් අපි මතක තියාගන්න ඕනේ. එකක් තමයි දෙවි ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව මතකයේ තියාගෙන ඉඳලා ඒ අයට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියන දේ. (හෙබ්‍රෙව් 6:10 කියවන්න; 11:6) විශ්වාසවන්ත හැම සේවකයෙක්ම දෙවිට වටිනවා. ඒ අයගෙන් එක් කෙනෙක්වවත් දෙවි අමතක කරන්නේ නැහැ. එහෙම අමතක කරන එක දෙවි සලකන්නේ “අධර්මිෂ්ඨ” දෙයක් විදිහට. ‘තමන්ගේ අනුමැතිය තියෙන්නේ කාටද කියලා යෙහෝවා දෙවි හොඳින් දන්නවා.’ (2 තිමෝ. 2:19) ‘ධර්මිෂ්ඨයන් යන මාර්ගය’ වගේම එයාලව පීඩාවකින් ගලවාගන්නේ කොහොමද කියලත් දෙවි දන්නවා.—ගීතා. 1:6; 2 පේතෘ. 2:9.
9. දෙවිගේ අනුමැතිය ඊශ්‍රායෙල්වරුන්ට තිබුණා කියලා දෙවි පෙන්නුවේ කොහොමද?
9 ඊශ්‍රායෙල් සෙනඟට දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා සමහර වෙලාවලදී දෙවි විශේෂ විදිවලින් පෙන්නුවා. (2 ලේක. 20:20, 29) උදාහරණෙකට දෙවි රතු මුහුද ළඟදී ඊශ්‍රායෙල්වරුන්ව පාරාවෝගේ බලවත් හමුදාව අතින් බේරගත්ත විදිහ ගැන හිතන්න. (නික්. 14:21-30; ගීතා. 106:9-11) දෙවි කළේ මොන තරම් පුදුම දෙයක්ද කියනවා නම් ඒක වෙලා අවුරුදු 40කට පස්සෙත් ඒ පළාත්වල හිටපු මිනිසුන් ඒ ගැන කතා කළා. (යොෂු. 2:9-11) අපි ළඟදීම මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරයට මුහුණ දෙනවා. අතීතයේදී දෙවි ඔහුගේ සෙනඟව ගලවගත්ත විදි අපේ මතකයේ තියෙනවා නම් ගොග්ගේ ප්‍රහාරයට මුහුණ දෙන්න ඒවා අපිට ලොකු ශක්තියක් වෙයි. (එස. 38:8-12) සමාජයේ පිළිගැනීම නෙමෙයි දෙවිගේ අනුමැතිය ලබාගන්න අපි උත්සාහ කරපු එක ගැන එදාට අපි ගොඩක් සතුටු වෙයි.
10. අපි මතක තියාගන්න ඕනෙ දෙවෙනි දේ මොකක්ද?
10 අපි මතක තියාගන්න ඕනෙ දෙවෙනි දේ තමයි අපි බලාපොරොත්තු නොවුණු විදිවලින් අපිට ආශීර්වාද කරලා ඔහුගේ පිළිගැනීම අපිට ලබා දෙන්න දෙවිට පුළුවන් කියන දේ. මිනිසුන් හොඳ දේවල් කරන්නේ අනිත් අයගේ පිළිගැනීම ලබාගන්න නම් දෙවිගේ ආශීර්වාදය එයාලට ලැබෙන්නේ නැහැ. මොකද යේසුස් කිව්වේ මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවය තමයි එයාලට ලැබෙන ත්‍යාගය, ඊට වඩා වැඩි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. (මතෙව් 6:1-5 කියවන්න.) අනිත් අයගේ පිළිගැනීම ලැබුණේ නැතත් යහපත් දේවල් කරන අය දිහා යෙහෝවා දෙවි ‘ස්වර්ගයේ සිට බලාගෙන ඉන්නවා.’ දෙවි අනිවාර්යයෙන්ම එයාලට ආශීර්වද කරනවා. සමහර වෙලාවට ඔහු ආශීර්වාද කරන්නේ එයාලා බලාපොරොත්තු නොවුණු විදිහට. ඒ වගේ සිද්ධීන් කීපයක් බලමු.
යටහත්පහත් තරුණියකට දෙවිගේ පිළිගැනීම හිතුවේ නැති විදිහට ලැබුණා
11. දෙවිගේ පිළිගැනීම මරියාට තියෙනවා කියලා දෙවි පෙන්නුවේ කොහොමද?
11 යෙහෝවා දෙවි ඔහුගේ පුතාගේ අම්මා වෙන්න තෝරගත්තේ මරියා කියන යටහත්පහත් තරුණියව. මරියා ජීවත් වුණේ නාසරෙත් කියන පුංචි නගරේ. නාසරෙත් තිබුණේ දේවමාලිගාව තිබුණ යෙරුසලමෙන් ඈතට වෙන්න. (ලූක් 1:26-33 කියවන්න.) දෙවි මරියාව තෝරගත්තේ ඇයි? ගාබ්‍රියෙල් දේවදූතයා මරියාව හම්බ වෙන්න ආපු වෙලාවේ එයාට කිව්වේ “ඔබ දෙවිගේ ආශීර්වාදය ලැබූ තැනැත්තියක්” කියලා. මරියාට යෙහෝවා දෙවි එක්ක කොයි තරම් කිට්ටු මිත්‍රත්වයක් තිබුණාද කියලා පස්සේ අවස්ථාවක එයා එලිසබෙත්ට කියපු දේවලින් තේරෙනවා. (ලූක් 1:46-55) මරියා විශ්වාසවන්තව කරපු හැම දෙයක්ම දෙවි දැක්කා. එයා නොහිතපු විදිහට දෙවි එයාට ආශීර්වාද කළේ එයාට තිබුණ ඒ විශ්වසය නිසයි.
12, 13. යේසුස් ඉපදුණ වෙලාවේ සහ දවස් 40කින් ඔහුව දේවමාලිගාවට අරන් ගිය වෙලාවේ දෙවිගේ පිළිගැනීම ඔහුට ලැබුණේ කොහොමද?
ලූක් 2:8-14) ඒ එඬේරුන් අලුත උපන් දරුවාව බලන්න ගියා. (ලූක් 2:15-17) යේසුස්ට ඒ විදිහට ගෞරවය ලැබෙද්දී මරියාටයි, යෝසෙප්ටයි පුදුම හිතෙන්න ඇති. ඒත් සාතන් වැඩ කරපු විදිහ බලන්න. දරුවාවයි, එයාගේ දෙමාපියන්වයි බලන්න සාතන් යවන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව. ඒකෙන් යෙරුසලමේ හිටපු හැමෝම වගේ යේසුස්ගේ උපත ගැන දැනගත්තා විතරක් නෙමෙයි ඒක අහලා කලබල වුණා. (මතෙ. 2:3) අන්තිමේදී අහිංසක දරුවෝ හුඟදෙනෙකුගේ ජීවිත අහිමි වුණා.—මතෙ. 2:16.
12 දෙවිගේ පිළිගැනීම යේසුස්ට ලැබුණේ කොහොමද? ඔහු ඉපදුණ වෙලාවේ යෙහෝවා දෙවි යෙරුසලමේ සහ බෙත්ලෙහෙමේ හිටපු උසස් නිලතල දරපු අයට ඒ ගැන දැනුම් දීලද ඒ පිළිගැනීම දුන්නේ? නැහැ. දෙවි යේසුස්ගේ උපත ගැන දැනුම් දෙන්න දේවදූතයන්ව යැව්වේ බෙත්ලෙහෙමට කිට්ටුවෙන් තිබුණ තණබිම්වල හිටපු එඬේරුන් ළඟට. (13 දරුවෙක් ලැබිලා දවස් 40කට පස්සේ අම්මා යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කරන්න ඕනෙ කියලා නීතියේ තිබුණා. ඒ නිසා මරියා සහ යෝසෙප් යේසුස්වත් අරන් බෙත්ලෙහෙමේ ඉඳන් කි.මී. 9ක් විතර ඈතින් තිබුණ යෙරුසලමට ගියා. (ලූක් 2:22-24) යේසුස් අනාගතයේදී කරන්න යන දේවල් ගැන පූජකයා මොනවා හරි දෙයක් කියයිද කියලා සමහරවිට ඒ ගමන යන අතරේ මරියා හිතන්න ඇති. යෙරුසලමේදී යේසුස්ට පිළිගැනීමක් ලැබුණා. ඒත් ඒ මරියා බලාපොරොත්තු වුණ විදිහටම නෙමෙයි. යෙහෝවා දෙවි ඒ පිළිගැනීම ලබා දුන්නේ “ධර්මිෂ්ඨ, දේවගරුබියෙන් ක්‍රියා කළ” මිනිසෙක් වුණ සිමියොන් සහ වයස 84ක වැන්දඹුවක් වුණ ආනා මාර්ගයෙන්. පොරොන්දු වුණ ගැලවුම්කරු යේසුස් කියලා ඒ දෙන්නාම කිව්වා.—ලූක් 2:25-38.
14. යෙහෝවා දෙවි මරියාට ආශීර්වාද කළේ කොහොමද?
14 යේසුස්ව ආදරෙන් හදා වඩා ගත්ත මරියාට දෙවිගේ පිළිගැනීම දිගටම ලැබුණාද? ඔව්. මරියා කරපු කියපු සමහර දේවල් දෙවි බයිබලේට ඇතුළත් කළා. පේන විදිහට යේසුස් අවුරුදු 3 1/2ක් පුරා දේශනා කරමින් ගිය ගමන්වලට හවුල් වෙන්න මරියාට බැරි වුණා. සමහරවිට ඒ වෙද්දී මරියා වැන්දඹුවක් නිසා එයාට නාසරෙත් නගරේම ඉන්න සිද්ධ වෙන්න ඇති. යේසුස්ගේ ඉගැන්වීම් අහන්න, ඔහු කරපු හුඟක් දේවල් දකින්න මරියාට බැරි වුණා. ඒත් ඔහු මිය යන වෙලාවේ මරියා එතන හිටියා. (යොහ. 19:26) පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවිගේ බලය ලැබුණ වෙලාවේ මරියාත් එතන හිටියා. (ක්‍රියා 1:13, 14) එදා එයාවත් දෙවි ඔහුගේ බලයෙන් අභිෂේක කරන්න ඇති. එහෙමනම් සදාකාලෙටම යේසුස් එක්ක ස්වර්ගයේ ඉන්න මරියාට අවස්ථාව ලැබුණා. මරියා විශ්වාසවන්තව කරපු සේවයට එයාට ලැබුණේ මොන තරම් වටිනා ආශීර්වාදයක්ද!
දෙවි ඔහුගේ පුතාට තමන්ගේ පිළිගැනීම ලබා දුන්නා
15. තමන්ගේ අනුමැතිය යේසුස්ට තියෙනවා කියලා යේසුස් පොළොවේ හිටපු කාලේදී දෙවි පෙන්නුවේ කොහොමද?
15 යේසුස් එදා හිටපු ආගමික නායකයන්ගේ, පාලකයන්ගේ ගෞරවය බලාපොරොත්තු වුණේ නැහැ. ඔහුට වැදගත් වුණේ දෙවිගේ පිළිගැනීම ලබන එකයි. දෙවි තුන් වතාවක්ම ස්වර්ගයේ ඉඳන් යේසුස්ට කෙළින්ම කතා කරලා තමන්ගේ අනුමැතිය ඔහුට තියෙනවා කියලා කියද්දී ඔහුට ලොකු දිරිගැන්වීමක් ලැබෙන්න ඇති. යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ යෙහෝවා දෙවි කිව්වා “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියලා. (මතෙ. 3:17) පේන විදිහට දෙවි කියපු ඒ දේ යොහන් බව්තීස්තටත් ඇහුණා. යේසුස් මිය යන්න අවුරුද්දකට විතර කලිනුත් දෙවි ඔහුට කතා කළා. ඒ වෙලාවේ යේසුස්ගේ නියෝජිතයන් තුන්දෙනෙකුත් ඔහුත් එක්ක හිටියා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න” කියලා දෙවි කියද්දී ඒක එයාලටත් ඇහුණා. (මතෙ. 17:5) යේසුස්ගේ මරණයට දවස් කීපයකට කලිනුත් දෙවි යේසුස්ට කතා කළා.—යොහ. 12:28.
16, 17. යේසුස් බලාපොරොත්තු නොවුණු විදිහට දෙවි ඔහුව ගෞරවයට පත් කළේ කොහොමද?
16 දෙවිට අපහාස කරන කෙනෙක් විදිහට මිනිසුන් තමන්ට චෝදනා කරලා තමන්ව මරණයට මතෙ. 26:39, 42) ‘ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා විඳින්න’ යේසුස් කැමති වුණේ මිනිසුන්ගේ පිළිගැනීම ලබනවාට වඩා දෙවිගේ පිළිගැනීම ලබන්න ඔහුට ඕනෙ වුණ නිසයි. (හෙබ්‍රෙ. 12:2) ඒ පිළිගැනීම දෙවි යේසුස්ට ලබා දුන්නේ කොහොමද?
පත් කරනවා කියලා යේසුස් දැනන් හිටියා. ඒත් ඔහු දෙවිට යාච්ඤා කරලා කිව්වේ තමන් කැමති දේ නෙමෙයි දෙවි කැමති දේ සිද්ධ වෙන්න කියලයි. (17 යේසුස් දෙවිට යාච්ඤා කරලා කිව්වේ ස්වර්ගයේ ඉද්දී තමන්ට ලැබුණ තේජස ආයෙත් ලබන්න ඔහු කැමතියි කියලා. (යොහ. 17:5) කලින් ලැබුණාට වඩා ගෞරවයක් ලබන්න ඔහු බලාපොරොත්තු වුණා කියලා බයිබලේ කියන්නේ නැහැ. දෙවිගේ කැමැත්ත ඉටු කරන්න ඔහු හවුල් වුණ නිසා දෙවිගෙන් විශේෂ ආශීර්වාදයක් තමන්ට ලැබෙන්න ඕනෙ කියලා යේසුස් හිතුවේ නැහැ. ඒත් යෙහෝවා දෙවි යේසුස් බලාපොරොත්තු නොවුණු විදිහකින් ඔහුව ගෞරවයට පත් කළා. දෙවි යේසුස්ව නැවත නැඟිටුවලා “කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයක්” ඔහුට දුන්නා. ඒ වගේම කිසි කෙනෙකුට කලින් දීලා තිබුණේ නැති අමරණීය ජීවිතයක් ඔහුට දුන්නා. * (ෆිලි. 2:9; 1 තිමෝ. 6:16) යේසුස්ගේ විශ්වාසවන්තකමට දෙවි ඔහුට දුන්නේ මොන තරම් වටිනා තෑග්ගක්ද!
18. සමාජයේ පිළිගැනීම ලබන්න උත්සාහ කරන එකෙන් වැළකෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
18 සමාජයේ පිළිගැනීම ලබන්න උත්සාහ කරන එකෙන් වැළකෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද? දෙවි ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව මතකයේ තියාගෙන ඉඳලා ඒ අයට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියන දේත් හුඟක් වෙලාවට ඒ ආශීර්වාද අපි බලාපොරොත්තු නොවුණු විදිවලින් ඔහු ලබා දෙනවා කියන දේත් අපි මනසේ තියාගන්න ඕනේ. අනාගතයේදී දෙවිගෙන් අපිට මොන තරම් ආශීර්වාද ලැබෙයිද! ඒත් ඒ වෙන කල් මේ දුෂ්ට සමාජය නිසා ඇති වෙන දුෂ්කරතා විඳදරාගන්න අපිට වෙනවා. විඳදරාගන්න අතරේ මතක තියාගන්න මේ සමාජය ළඟදීම නැති වෙලා යනවා කියලා. ඒත් එක්කම මේ සමාජයෙන් ලැබෙන පිළිගැනීමත් නැති වෙලා යනවා. (1 යොහ. 2:17) ඒත් අපේ ආදරණීය දෙවි යෙහෝවා ඔහුගේ නාමය වෙනුවෙන් අපි පෙන්නන ආදරේ කවදාවත් අමතක කරන්නේ නැහැ. මොකද ඔහු “අධර්මිෂ්ඨ කෙනෙක් නෙවෙයි.” (හෙබ්‍රෙ. 6:10) දෙවි ඔහුගේ අනුමැතිය අනිවාර්යයෙන්ම අපිට දෙයි. සමහරවිට අපි කවදාවත් හිතපු නැති විදිහකින් ඒක අපිට ලැබෙයි.
^ 17 ඡේ. හෙබ්‍රෙව් ලියවිලිවල අමරණීයභාවය ගැන කතා කරලා නැහැ. ඒ නිසා අමරණීය ජීවිතය යේසුස් බලාපොරොත්තු නොවුණු ආශීර්වාදයක් කියලා කියන්න පුළුවන්.