Skip to content

පටුනට යන්න

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

1 | හැමෝටම එක වගේ සලකන්න

1 | හැමෝටම එක වගේ සලකන්න

බයිබලයේ උගන්නන දේ:

“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”ක්‍රියා 10:34, 35.

ඒකෙන් අදහස් වෙන දේ:

යෙහෝවා * දෙවියන්ට අපේ රට, ජාතිය, සංස්කෘතිය, හමේ පාට වැදගත් නැහැ. ඔහු බලන්නේ අපේ හිතේ තියෙන දේ. ඔහුට වැදගත් වෙන්නේ අපි කොයි වගේ අයද කියන එකයි. “මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ විතරයි. ඒත් යෙහෝවා දෙවි සිතේ තිබෙන දේ දකිනවා” කියලා බයිබලයේ කියනවා.—1 සාමුවෙල් 16:7.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

අනිත් අයගේ හිතේ තියෙන දේ දකින්න අපිට බැරි වුණත් දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකන්න උත්සාහ කරන්න අපිට පුළුවන්. ඒත් එක කණ්ඩායමක්, ජාතියක් ගැන අපිට වැරදි හැඟීමක් තියෙනවා නම් ඒ හැමෝම දිහා වැරදි විදිහට බලන්න ඉඩ තියෙනවා. එහෙමනම් එයාලා ගැන ඔයාගේ හිතේ තියෙන වෛරය අයින් කරගන්න උදව් ඉල්ලලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. (ගීතාවලිය 139:23, 24) ඒ වගේ යාච්ඤාවලට දෙවියන් අනිවාර්යයෙන්ම උත්තර දෙනවා.—1 පේතෘස් 3:12.

^ 6 ඡේ. යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි.—ගීතාවලිය 83:18.

“මං කවදාවත් සුදු ජාතිකයෙක් එක්ක සුහදව එකට ඉඳගෙන තිබුණේ නැහැ . . . ඇත්තටම, හැමෝටම එක වගේ ආදරේ කරන පවුලකට මං දැන් එකතු වෙලා කියලා මට තේරුණා.”—ටයිටස්