පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 හිතෝපදේශ පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 පොතේ සාරාංශයක් 1 හිතෝපදේශවල අරමුණ (1-7) නරක අයව ඇසුරු කරන එකේ තියෙන අනතුර (8-19) සැබෑ ප්‍රඥාව හැමෝටම ඇහෙන්න හඬ නඟයි (20-33) 2 ප්‍රඥාවේ වටිනාකම (1-22) නිධාන හොයනවා වගේ ප්‍රඥාව හොයන්න (4) සිතීමේ හැකියාව ආරක්ෂාවක් (11) අනාචාරය විනාශයට මඟ පාදයි (16-19) 3 ප්‍රඥාවන්ත වෙලා යෙහෝවාව විශ්වාස කරන්න (1-12) ඔයාගේ වටිනා දේවලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න (9) ප්‍රඥාව හොයාගන්න කෙනා සන්තෝෂවත් (13-18) ප්‍රඥාවෙන් ආරක්ෂාව ලැබෙයි (19-26) අනිත් අයට සලකන්න ඕනෙ විදිහ (27-35) පුළුවන් හැම වෙලාවෙම අනිත් අයට යහපත් දේ කරන්න (27) 4 තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ප්‍රඥාවන්ත උපදෙස් (1-27) අනිත් හැම දේටම වඩා ප්‍රඥාව ලබාගන්න (7) දුෂ්ටයන්ගේ මාර්ග ළඟින්වත් යන්න එපා (14, 15) ධර්මිෂ්ඨයන්ගේ මාවතේ දීප්තිය ටිකෙන් ටික වැඩි වෙයි (18) “ඔයාගේ හිත ආරක්ෂා කරගන්න” (23) 5 අනාචාරයේ යෙදෙන ස්ත්‍රීන් ගැන අනතුරු ඇඟවීමක් (1-14) ඔයාගේ බිරිඳ එක්ක සතුටු වෙන්න (15-23) 6 ණයකට ඇප වෙන එක ගැන පරෙස්සම් වෙන්න (1-5) “කම්මැළියෙනි, කූඹියා ළඟට යන්න” (6-11) කිසි කමකට නැති, දුෂ්ට කෙනෙක් (12-15) යෙහෝවා පිළිකුල් කරන දේවල් හතක් (16-19) නරක ස්ත්‍රියගෙන් ආරක්ෂා වෙන්න (20-35) 7 දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙලා ජීවිතේ රැකගන්න (1-5) අද්දැකීම් අඩු තරුණයෙක්ව රවට්ටගනියි (6-27) “මරන්න ගෙනියන ගොනෙක් වගේ” (22) 8 ප්‍රඥාව කතා කරයි (1-36) ‘දෙවියන්ගේ මුල්ම නිර්මාණය මමයි’ (22) ‘දෙවියන්ගේ ළඟින්ම ඉඳන් ප්‍රධාන සේවකයා විදිහට වැඩ කළා’ (30) “මට වැඩියෙන්ම ආදරේ දැනුණේ මනුෂ්‍ය පුත්‍රයන් ගැනයි” (31) 9 සැබෑ ප්‍රඥාව කරන ආරාධනය (1-12) “මං නිසා ඔයා ගොඩක් කල් ජීවත් වෙයි” (11) මෝඩ ස්ත්‍රියකගෙන් ලැබෙන ආරාධනය (13-18) “හොරෙන් ගත්ත වතුර මිහිරියි” (17) සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34) 10 ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි (1) උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි (4) ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කියවෙයි (19) සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදවලින් (22) යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි (27) 11 නිහතමානී අය ප්‍රඥාවන්තයි (2) දෙවියන්ව අත්හැරපු කෙනා අනිත් අයව විනාශ කරයි (9) ‘උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සාර්ථක වෙයි’ (14) ත්‍යාගශීලී කෙනාට නොඅඩුව ලැබෙයි (25) වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි (28) 12 අවවාද හෙළා දකින කෙනා මෝඩයෙක් (1) “හිතන්නේ බලන්නේ නැතුව කියන වචන හරියට කඩුවෙන් අනිනවා වගේ” (18) සාමය ඇති කරද්දී සතුට වැඩි වෙයි (20) බොරු කියන දිව යෙහෝවාට පිළිකුලක් (22) කනස්සල්ල නිසා මානසිකව වැටෙයි (25) 13 උපදෙස් ලබාගන්න අය ප්‍රඥාවන්තයි (10) බලාපොරොත්තු වුණ දේ ප්‍රමාද වෙද්දී හිත කලකිරෙනවා (12) විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවයක් ගෙන දෙයි (17) ප්‍රඥාවන්තයන්ව ඇසුරු කරද්දී ප්‍රඥාවන්ත වෙනවා (20) හික්මවීම, ආදරේ සංකේතයක් (24) 14 කෙනෙක්ගේ හිතේ තියෙන වේදනාව දන්නේ එයායි (10) හරියි කියලා හිතෙන මඟ අවසන් වෙන්නේ මරණයෙන් (12) අද්දැකීම් අඩු කෙනා හැම දේම විශ්වාස කරයි (15) පොහොසතා ළඟ යාළුවෝ වට වෙලා (20) සන්සුන් මනසක් ජීවිතය රැක දෙයි (30) 15 කාරුණික උත්තරයකින් කේන්තිය නිවෙයි (1) යෙහෝවා හැම දෙයක්ම දකිනවා (3) ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා දෙවියන්ට ප්‍රසන්නයි (8) උපදෙස් ලබාගන්නේ නැතුව කරන සැලසුම් අසාර්ථක වෙයි (22) උත්තරයක් දෙන්න කලින් හිතලා බලන්න (28) 16 යෙහෝවා චේතනා සෝදිසි කරනවා (2) කරන හැම දේකදීම යෙහෝවා මතම රඳා ඉන්න (3) නිවැරදි තරාදි අයිති යෙහෝවාට (11) විනාශයට මුල උඩඟුකම (18) පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් (31) 17 හොඳක් කරපු කෙනාට නපුරක් කරන්න එපා (13) රණ්ඩුවක් ඇති වෙන්න කලින් එතනින් යන්න (14) අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරෙයි (17) “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්” (22) වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා දිව පාලනය කරගනියි (27) 18 අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනා අඥානයි, ආත්මාර්ථකාමියි (1) යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක් (10) වස්තුව ආරක්ෂාවක් කියලා හිතන එක මෝඩ සිතුවිල්ලක් (11) කාරණයක දෙපැත්තම අහන එක ප්‍රඥාවන්ත දෙයක් (17) සහෝදරයෙක්ටත් වඩා විශ්වාසවන්ත යාළුවෙක් (24) 19 වටහාගැනීමේ ශක්තිය තිබුණාම ඉක්මනින් කේන්ති යන්නේ නැහැ (11) රණ්ඩුවට බර බිරිඳක් කැඩිච්ච වහලක් වගේ (13) බුද්ධිමත් බිරිඳක් යෙහෝවාගෙන් (14) දරුවෙක්ව හරි මඟට ගන්න හැකියාව තියෙද්දී එයාව හික්මවන්න (18) උපදෙස්වලට ඇහුම්කන් දෙන එක ප්‍රඥාවන්තයි (20) 20 වයින් සමච්චල් කරන්නෙක් (1) කම්මැළියා ශීත කාලේදී වපුරන්නේ නැහැ (4) මිනිසෙක්ගේ සිතුවිලි ගැඹුරු ජලය වගේ (5) දුර දිග බලන්නේ නැතුව පොරොන්දු වෙන්න එපා (25) තරුණයන්ගේ ගෞරවය එයාලාගේ ශක්තියයි (29) 21 රජෙක්ගේ හිත යෙහෝවා කැමති අතට හරවනවා (1) පූජාවලට වඩා සාධාරණව වැඩ කරන එක වටිනවා (3) කඩිසරකම නිසා සැලසුම් සාර්ථක වෙයි (5) අසරණයන්ගේ ඉල්ලීම් අහක දාන කෙනාටත් ඒ දේම වෙයි (13) යෙහෝවාගේ කැමැත්තට විරුද්ධව යන්න තරම් ප්‍රඥාවක් නැහැ (30) 22 ධන සම්පත්වලට වඩා හොඳ නමක් වටිනවා (1) පුංචි කාලේ දෙන පුහුණුව ජීවිත කාලෙටම මතක තියෙයි (6) කම්මැළියා එළිමහනේ ඉන්න සිංහයාට බයයි (13) හික්මවීම්වලින් මෝඩකම් නැති වෙනවා (15) දක්ෂ විදිහට වැඩ කරන කෙනා රජවරුන් ඉස්සරහට යයි (29) 23 කෑමකට ලැබෙන ආරාධනා පිළිගන්න කලින් හිතලා බලන්න (2) ධනය පස්සේ යන්න එපා (4) වස්තුව තටු විහිදලා යයි (5) බේබද්දන් එක්ක ඇසුරු කරන්න එපා (20) මත්පැන් සර්පයෙක් වගේ දෂ්ට කරයි (32) 24 නපුරු මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා (1) ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙනවා (3) ධර්මිෂ්ඨයා වැටුණත් ආයෙත් නැඟිටිනවා (16) පළිගන්න එපා (29) නින්දට ආස කරන කෙනා දුප්පතෙක් වෙයි (33, 34) හෙසකියා රජගේ සේවකයන් පිටපත් කරපු සලමොන්ගේ හිතෝපදේශ (25:1–29:27) 25 රහසිගත කාරණා හෙළි නොකිරීම (9) හොඳට හිතලා බලලා කියන වචන (11) අනිත් අයගේ නිදහසට ගරු කරන්න (17) සතුරාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහන එක (21, 22) හොඳ ආරංචියක් සිසිල් පැන් පොදක් වගේ (25) 26 කම්මැළියන් ගැන විස්තරයක් (13-16) අනිත් අයගේ රණ්ඩුවලට පැටලෙන්න එපා (17) අනවශ්‍ය විහිළු කරන්න එපා (18, 19) දර නැත්නම් ගින්දරත් නැහැ (20, 21) බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන රස කෑමක් වගේ (22) 27 යාළුවෙක් දෙන අවවාද හුඟක් වටිනවා (5, 6) මගේ පුතේ, මගේ හිත සතුටු කරන්න (11) යකඩින් යකඩ මුවහත් වෙයි (17) ඔයාගේ රැළේ තත්වය දැනගෙන ඉන්න (23) වස්තුව හැමදාටම තියෙන්නේ නැහැ (24) 28 නීතිය ගණන් ගන්නේ නැති කෙනාගේ යාච්ඤා පිළිකුලක් (9) වැරදි හෙළි කරන කෙනාට දයාව පෙන්වයි (13) ඉක්මනින් පොහොසත් වෙන්න හදන කෙනාට නිර්දෝෂව ඉන්න බැහැ (20) චාටු කතාවලට වඩා අවවාද හොඳයි (23) ත්‍යාගශීලී කෙනාට කිසිම දේකින් අඩුවක් නැහැ (27) 29 හිතුමතේට වැඩ කරන්න ඉඩහරින දරුවෙක් දෙමාපියන්ට ලැජ්ජාවක් (15) දෙවියන්ගෙන් මඟ පෙන්වීම් නැති වෙද්දී මිනිසුන් පාලනයක් නැතුව හැසිරෙයි (18) කේන්ති ගන්න කෙනා රණ්ඩු දබර ඇති කරයි (22) නිහතමානී කෙනා ගෞරවයට පත් වෙයි (23) මිනිසුන්ට බය වෙන එක උගුලක් (25) 30 ආගුර් කියපු පණිවිඩය (1-33) මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා (8) සෑහීමට පත් වෙන්නේ නැති දේවල් (15, 16) තේරුම්ගන්න අමාරු දේවල් (18, 19) අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක් (20) සහජයෙන්ම ප්‍රඥාවන්ත සත්තු (24) 31 ලෙමුවෙල් රජ ලියපු පණිවිඩයක් (1-31) හොඳ බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද? (10) කඩිසරයි, දක්ෂයි (17) ආදරෙන් කතා කරයි (26) දරුවනුත් සැමියාත් ප්‍රශංසා කරයි (28) රූමත්කම හැමදාටම තියෙන්නේ නැහැ (30) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න හිතෝපදේශ - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය හිතෝපදේශ - පොතේ සාරාංශයක් සිංහල හිතෝපදේශ - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt හිතෝපදේශ 1143-1145 පි.