ගීතාවලිය 65:1-13
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්.
65 දෙවියනි, සියොන් කන්දේදී ඔබට ප්‍රශංසාව ලැබෙයි.+ඔබට වුණ පොරොන්දු අපි ඉටු කරනවා.+
2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.+
3 මං කරපු වැරදි මට දරාගන්න බැරි තරම්.+ඒත් ඔබ අපේ වැරදිවලට සමාව දෙනවා.+
4 ඔබ ළඟට එන්න ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්.ඔබේ මාලිගාවේ මළුවේ දිගටම ඉන්න අවස්ථාව ලැබුණ ඒ කෙනා සන්තෝෂවත්.+
ඔබේ ගෘහය වන ශුද්ධ මාලිගාවෙන්+ ලැබෙන යහපත් දේවල් නිසා අපි තෘප්තියට පත් වෙනවා.+
5 ඔබ ගරුබිය උපදවන දේවල් කරලා අපේ ඉල්ලීම් ඉටු කරනවා.+ඔබ කරන ඒ හැම දෙයක්ම ධර්මිෂ්ඨයි.අපිට ගැලවීම ලබා දෙන දෙවියනි, පොළොවෙත්මහ සයුරේ ඈත කෙළවරෙත් ඉන්න හැමෝම විශ්වාසය තියන්නේ ඔබ මතයි.+
6 ඔබ* බලයෙන් සැරසිලා ඉන්නවා.+ඔබේ බලයෙන් ඔබ* කඳු ස්ථිරව පිහිටෙව්වා.
7 කැලඹෙන මුහුද ඔබ* නිශ්චල කරනවා.+රළ පහරේ හඬත් ජාතීන් නඟන ඝෝෂාවත් නිහඬ කරනවා.+
8 ඔබ පෙන්වන ලකුණු දැකලා ඈත එපිට ගම්මානවල ඉන්න අයත් පුදුමයට පත් වෙයි.+හිරු නැඟ එන පැත්තේ ඉන්න අයත් හිරු බැස යන පැත්තේ ඉන්න අයත් ඔබ නිසා ප්‍රීති ඝෝෂා නඟයි.
9 ඔබ පොළොව හොඳින් රැකබලා ගන්නවා.ඔබ පොළොවේ පස සාරවත් කරලා අස්වැන්න පිරී ඉතිරී යන්න සලස්වනවා.+
ගංගාවන්* උතුරා යන්නත් කෙත්වතු කරලින් බර වෙන්නත් සලස්වනවා.+ඔබ පොළොව නිර්මාණය කළේ ඒ විදිහටයි.
10 ඔබ කෙත්වල ලියැදි වැස්සෙන් තෙමලා කෙතේ පස සකස් කරනවා.ඔබ වැසි වස්සලා පස බුරුල් කරනවා. භෝග සරුවට වැඩෙන්න සලස්වනවා.+
11 අවුරුද්ද පුරාම ඔබෙන් ආශීර්වාද ගලා එනවා.ඔබ යනයන තැන යහපත් දේවලින් කිසිම හිඟයක් නැහැ.*+
12 පාළුකරයේ තණබිම් පින්නෙන් නැහැවිලා.+කඳු සතුටින් ගී ගයනවා. ඒ ගී හඬ රැව් පිළිරැව් දෙනවා.+
13 තණබිම් සත්ව රැළවලින් පිරිලා.නිම්න ධාන්‍යවලින් වැහිලා ගිහින්.+
ඒවා ජය නාද නඟනවා. සතුටින් ගී ගයනවා.+
පාදසටහන්
^ මූ.අ., “ඔහු.”
^ මූ.අ., “ඔහු.”
^ මූ.අ., “ඔහු.”
^ මූ.අ., “දෙවියන්ගෙන් ගලා එන ගංගාවන්.”
^ මූ.අ., “තෙලින් පිරිලා.”