ගීතාවලිය 4:1-8
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.
4 මගේ දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයි.+මම ඔබට හඬගසද්දී මට උත්තර දෙන්න.
විපතේදී මට ගැලවෙන්න මාර්ගයක් පෙන්වලා දෙන්න.මට කරුණාව පෙන්වලා මගේ යාච්ඤාවට සවන් දෙන්න.
2 ජනයෙනි, ඔබ තව කොච්චර කාලයක් මට අගෞරව කරනවාද?
කිසි වැඩකට නැති දේවලට ආස කරනවාද?ඔබ තව කොච්චර කාලයක් බොරුව පස්සේ යනවාද? (සීලාහ්)
3 මේ දේ හිතට ගන්න. යෙහෝවා අනිවාර්යයෙන්ම ඔහුට විශ්වාසවන්තව ඉන්න අයටවිශේෂ ආදරයක් පෙන්වනවා.* මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දෙනවා.
4 ඔබේ හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා.+
හිතට එන දේ හිතේම තියාගෙන නිහඬව ඉන්න.ඇඳේ තනියෙන් ඉද්දී ඒ දේ ඔබටම කියාගන්න. (සීලාහ්)
5 පවිත්‍ර හිතකින් පූජා ඔප්පු කරන්න.යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න.+
6 “අපි වෙනුවෙන් යහපතක් කරන්න ඉන්නේ කවුද” කියලා හුඟදෙනෙක් අහනවා.
අනේ යෙහෝවා, අපිට ඔබේ කරුණාව දකින්න සලස්වන්න.+
7 ඔබ මගේ හිත සතුටින් පිරිලා යන්න සැලැස්සුවා.මට දැනෙන්නේ ධාන්‍යයි, අලුත් වයිනුයි පිරිලා ඉතිරිලා යද්දීමිනිසුන්ට දැනෙන සතුටටත් වඩා ලොකු සතුටක්.
8 මම හිතේ සැනසීමෙන් නිදාගන්නවා.+යෙහෝවා දෙවියනි, මම කිසිම බයක් නැතුව ජීවත් වෙන්නේ ඔබ නිසයි.+
පාදසටහන්
^ හෝ, “ගෞරවයට පත් කරනවා; තමන්ගේ සේවය වෙනුවෙන් වෙන් කරනවා.”