ජෝර්ජියාව
බයිබලයේ තියෙන දේ මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා
පෙපෝ ඩෙවිඩ්සේ
-
ඉපදුණේ 1976
-
බව්තීස්ම වුණේ 1993
-
තොරතුරු කලින් ඕතඩොක්ස් ආගමට හුඟක් ළැදි කෙනෙක්. පස්සේ කාලෙක සැමියාත් එක්ක බෙතෙල් එකෙත් සේවය කළා. දැන් එයාලා විශේෂ පුරෝගාමීන්.
කුටයිසිවල ඉස්කෝලේ යන කාලේ තමයි මං සාක්ෂිකරුවන් ගැන දැනගත්තේ. අඳුරන කෙනෙක් මට කිව්වා එයාලා රූපවලට වඳින්නේ නැති, යේසුස් දෙවියන් කියලා පිළිගන්නේ නැති සෙනඟක් කියලා. ඒ නිසා මට එයාලා ගැන වැරදි වැටහීමක් ඇති වුණා.
මං 1992දී සගෙරි කියන මගේ ගමට ආවා. සාක්ෂිකරුවන් එහෙත් හිටියා. මගේ අම්මාට එයාලා ගැන හොඳ පැහැදීමක් තිබුණා. ඒත් මං සාක්ෂිකරුවන්ට අකමැති නිසා “එයාලා උගන්නන්නේ මොනාද කියලා ඔයාම ගිහින් බලන්න” කියලා අම්මා මට කිව්වා.
පාව්ලේ සහ පාටා පුරෝගාමීන් දෙන්නෙක්. අපේ ගමේ හිටපු පවුලක් එක්ක බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කරන්න හැම සතියකම එයාලා ආවා. ළඟපාත ගෙවල්වල හිටපු අයත් ඒ සාකච්ඡාවට හවුල් වෙලා හුඟක් දේවල් ඉගෙනගත්තා. මටත් හිතුණා
ඒකට හවුල් වෙන්න. මං ප්‍රශ්න අහපු හැම වෙලාවෙම එයාලා ඒකට උත්තරේ තියෙන බයිබල් පදය පෙන්නලා ඒක මට කියවන්න දුන්නා. බයිබලයේ තියෙන දේ මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා.මම තව කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තා. මාස කිහිපයකට පස්සේ මායි, තව නවදෙනෙකුයි බව්තීස්ම වුණා. කාලෙකට පස්සේ මගේ අම්මාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා.
මං අහපු හැම ප්‍රශ්නෙකටම උත්තරේ තියෙන තැන බයිබලයෙන් මටම කියවන්න දීපු එක ගැන මං අදටත් ඒ සහෝදරයන්ට ස්තුතිවන්ත වෙනවා. එහෙම කරපු නිසා සාක්ෂිකරුවන් ගැන මට තිබුණු වැරදි වැටහීම නැති වුණා. අහන හැම ප්‍රශ්නයකටම බයිබලයෙන්ම උත්තර දෙන එකේ තියෙන වටිනාකම මං දන්න නිසා අනිත් අයටත් සත්‍යය කියලා දෙන්න මම ඒ ක්‍රමය පාවිච්චි කරනවා.