ජෝර්ජියාව | 1991-1997
ප්‍රේමණීය වැඩිමහල්ලන් ලබා දුන් පුහුණුව
1990 ගණන්වල මුල් කාලෙදි ජෝර්ජියාවේ සභා වැඩි හරියක හිටියේ එක වැඩිමහල්ලෙක් හරි එක සහායක සේවකයෙක් හරි විතරයි. හිටිය ප්‍රචාරකයන් ටිකදෙනාත් පදිංචි වෙලා හිටියේ එක එක ප්‍රදේශවල. ඒ නිසා රැස්වීම් පැවැත්තුවේ කුඩා කණ්ඩායම් විදිහට.
ජොනි ෂැලැම්බර්ඩ්සේ සහ පාව්ලේ ඇබ්ඩුෂෙලිෂ්විලි දුෂ්කර ගම්මානවල සේවය කරලා තිබුණ දෙන්නෙක්. එයාලාට කැක්හෙටි පළාතේ ටෙලාවි නගරයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ නගරයේ තිබුණ සභාවේ ප්‍රචාරකයන් 300ක් හිටියත් එක වැඩිමහල්ලෙක්වත් හිටියේ නැහැ. ප්‍රචාරකයන් රැස්වීම් පැවැත්තුවේ විවිධ තැන්වල කණ්ඩායම් 13ක් විදිහටයි.
ඒ නිසා ජොනි සහ පාව්ලේ යෝජනා කළා පිට අයව ගන්නේ නැතුව සහෝදරයන්ව වැඩට ගන්න කියලා. එහෙම කරොත් සහෝදරයන්ට එකිනෙකාව ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා. (දේශ. 4:9, 10) ඒ වගේම වැඩත් කෙරෙනවා. එහෙම කරපු නිසා “සභාවේ අය අතර තිබුණ බැඳීම ශක්තිමත් වුණා” කියලා ජොනි කියනවා. ජොනි සහ පාව්ලේ ඒ නගරයේ අවුරුදු 3ක් සේවය කරලා වෙන ප්‍රදේශයකට යද්දී ඒ සභාවේ වැඩිමහල්ලෝ 5දෙනෙක් සහ සහායක සේවකයන් 12දෙනෙක් හිටියා.
දේශනා සේවයේ දියුණුවට දායක වුණු රැස්වීම්
1990 ගණන්වල මුල් කාලය වෙන කල් සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලයි තිබුණේ. ඒ නිසා සාක්ෂිකරුවන් රැස් වුණේ කුඩා කණ්ඩායම් විදිහට. ඒකත් පොත් පාඩමට සහ ‘මුරටැඹ’ පාඩමට විතරයි. මේ රැස්වීම්වලින් දිරිගැන්වීමක් ලැබුණත් දේශනා සේවයට කිසිම පුහුණුවක් ලැබුණේ නැහැ.
ඒත් කොමියුනිස්ට් පාලනය බිඳ වැටුණාට පස්සේ සේවා පාසැලයි, සේවා රැස්වීමයි පවත්වන්න කියලා සංවිධානයෙන් සභාවන්ට දැනුම් දුන්නා.
ඒ රැස්වීම් දෙක මුලින්ම පවත්වපු විදිහ ගැන නයිලි කුට්සිස්විල් සහ එයාගේ සහෝදරී ලාලි ඇලෙක්පෙරොවා මෙහෙම මතක් කරනවා. “අපි හරි ආසාවෙන් ඒ රැස්වීමට ආවේ. මොකද සහෝදරියන්ටත් රැස්වීමේ කොටස්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.”
ඒ රැස්වීමේ කරපු නිරූපණයක් ගැන නයිලි මෙහෙම කියනවා. “ගෙහිමියා වේදිකාවට වෙලා පත්තරයක් කියව කියව
ඉද්දී දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවා. ඇතුළට එන්න කියලා කිව්වාම සහෝදරියන් දෙන්නෙක් ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ඇවිත් වේදිකාවට නඟිනවා.” ලාලි මෙහෙම මතක් කරනවා. “අපි වේදිකාවත් නිරූපණවලට ගැළපෙන විදිහට සකස් කෙරුවා. ඒ නිරූපණ අපේ සේවය දියුණු කරගන්න ගොඩක් උදව් වුණා.”යෙහෝවා දෙවි දෙන සැපයුම්වල වැඩි අවශ්‍යතාවක්
අවුරුදු ගණනක් යන කල් සහෝදරයන් සභාවට අවශ්‍ය පොත් පත් හදාගත්තේ ගෙවල්වල තිබුණු අතින් ක්‍රියා කරන පිටපත් යන්ත්‍රවලින්. ඒත් පස්සේ පොත් පත්වල අවශ්‍යතාව වැඩි වුණු නිසා මුද්‍රණ සමාගම්වලින් සාධාරණ මුදලකට අවශ්‍ය සඟරා මුද්‍රණය කරගත්තා.
මුද්‍රණය කරන්න අවශ්‍ය මුල් පිටපත සකස් කරන්න සහෝදරයන් ගොඩක් මහන්සි වුණා. මුලින්ම ඉංග්‍රීසි සඟරාව ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කළා. ඊටපස්සේ ඉංග්‍රීසි සඟරාවේ ඡේද තියෙන විදිහටම ඒක ටයිප් කරනවා. පස්සේ ඉංග්‍රීසි සඟරාවෙන් පින්තූර කපාගෙන අදාළ තැන්වල ඇලෙව්වා. මාතෘකාව වගේ තැන්වලට අවශ්‍ය ලස්සන අකුරු එක එක පත්තරවලින් කපාගෙන ඇලෙව්වා. ඒ විදිහට මුද්‍රණය කරන්න යවන මූලික පිටපත හදාගත්තා.
පරිගණකය ආව කාලේ ඒක පාව්ච්චි කරන හැටි කවුරුත් වැඩිය දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ලෙවානි කොපලියානි සහ ලෙරී මිරිසාෂ්විලි කියන සහෝදරයන් ඒකට පුහුණුවක් ලබාගත්තා. එයාලා මෙහෙම කියනවා. “මුලදී ලේසි වුණේ නැහැ. හැම වෙලාවෙම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒත් යෙහෝවා දෙවි අපිට උදව් කළා. ඒ නිසා වැඩි කාලයක් යන්න කලින් අපිට සඟරාවල මුල් පිටපත් පරිගණකයෙන් හදාගන්න පුළුවන් වුණා.”
බාධා මැද්දේ වුණත් ජෝර්ජියාවේ සභාවලට අවශ්‍ය සඟරා මුද්‍රණය කෙරුවා. ඒත් සභා වර්ධනය වෙද්දී ඕන කරන
සඟරා ප්‍රමාණය මුද්‍රණය කරන එක ගොඩක් අමාරු වුණා. ඒත් නියම වෙලාවට යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් අපිට අවශ්‍ය මඟ පෙන්වීම් ලැබුණා.අලුත් වෙනසක්
1992 රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වල පවත්වපු ජාත්‍යන්තර සමුළුවේදී ජෝර්ජියාවේ සහෝදරයන්ට ජර්මනියේ ශාඛා කාර්යාල නියෝජිතයන්ව මුණගැහුණා. ජෙනාඩි ගුඩාඩ්සේ ඒ ගැන මෙහෙම කියනවා. “පරිවර්තන කටයුතු කරන විදිහ ගැන එයාලා අපිට පැහැදිලි කෙරුවා. ඒ ගැන අපිට පුහුණුවක් දෙන්න කාව හරි එවනවා කියලත් කිව්වා.”
ජෝර්ජියන් භාෂාව අනිත් භාෂාවලට වඩා ගොඩක් වෙනස්. ඒ නිසා පරිවර්තන සහ මුද්‍රණ වැඩවලට පාවිච්චි කරන MEPS පරිගණක තාක්ෂණයට ජෝර්ජියන් භාෂාව ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒත් පස්සේ MEPS තාක්ෂණය හරහා ජෝර්ජියන් භාෂාව පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒක සකස් කළා.
1970 ගණන්වල අගභාගයේදී විතර ඩැටිකෂ්විලි පවුල ජෝර්ජියාවේ ඉඳන් ඇමෙරිකාවේ පදිංචියට ගියා. ඒ පවුලේ එක දරුවෙක් සත්‍යය ඉගෙනගත්තා. එයාගේ නම මරීනා. බෘක්ලින් බෙතෙල් එකේ සහෝදරයන් MEPS පරිගණක තාක්ෂණය හරහා ජෝර්ජියන් භාෂාව පාවිච්චි කරන්න පුළුවන් විදිහට අකුරු සකස් කරද්දී මරීනා ඒ අයට ගොඩක් උදව් කළා. වැඩි දවසක් යන්න කලින් පත්‍රිකා සහ “බලව! මම සියල්ලම අලුත් කරමි” කියන සඟරාව ජර්මනියේදී මුද්‍රණය කරන්න පුළුවන් වුණා.
පරිවර්තන වැඩ සැලසුම් කරයි
1993දී ජර්මනියේ ශාඛා කාර්යාලයෙන් මයිකල් ෆෙලෙකෙෂ්ටින් සහ එයාගේ බිරිඳ සිල්වියා ටිබිලිසිවලට ආවා. ඒ පරිවර්තන කණ්ඩායම පුහුණු කරලා වැඩකටයුතු සැලසුම් කරන්නයි. මයිකල් ඒ ගැන මෙහෙම කියනවා. “ශාන්ත
පීටර්ස්බර්ග්වල තිබ්බ සමුළුවෙදී ජෙනාඩි ගුඩාඩ්සේ එක්ක පරිවර්තන වැඩ ගැන අපි කරපු කතාබහ මට තාම මතකයි. අපි ටිබිලිසිවලට ආවේ ඒ සමුළුව ඉවර වෙලා මාස 18කට පස්සේ. පරිවර්තන කණ්ඩායම වැඩ හරිම ලස්සනට කරගෙන යන විදිහ දැකලා අපිට පුදුම හිතුණා.”වැඩි කාලයක් යන්න කලින් පුංචි ගෙදරක පරිවර්තන කාර්යාලයක් පටන්ගත්තා. 11දෙනෙක් පරිවර්තන වැඩවලට හවුල් වුණා. සංවිධානයෙන් ලැබුණු පුහුණුව නිසා සහෝදරයන්ට අවශ්‍ය පොත් පත් කිසි බාධාවක් නැතුව ලබා දෙන්න පුළුවන් වුණා.
කරදර මැද්දෙත් පොත් පත් බෙදාහරියි
සෝවියට් පාලනය බිඳ වැටුණාම ඒ යටතේ තිබුණ රටවලට නිදහස ලැබුණා. ඒත් පස්සේ ඒ රටවල්වල සිවිල් යුද්ධ සහ ජාතිවාදී ගැටුම් ඇති වුණා. ජෝර්ජියාවේ තිබුණෙත් ඒ වගේ වාතාවරණයක්. එහේ මෙහේ යන එකත් ලේසි වුණේ නැහැ.
1994 නොවැම්බර් මාසයේ දවසක ඇලෙකො ග්‍රිටිස්විල්, සහෝදරයන් දෙන්නෙක් එක්ක වෙන ප්‍රදේශයකට යද්දී අවිගත් කණ්ඩායමක් වාහනය නවත්තලා බහින්න කිව්වා. ඒ ගැන ඇලෙකො මෙහෙම කියනවා. “අපේ පොත් දැක්කාම
එයාලාට හොඳටම කේන්ති ගියා. අපිට පේළියට හිටගන්න කිව්වා. අපි හිතුවේ වෙඩි තියයි කියලා. ඒත් අපි යෙහෝවා දෙවිට දිගටම යාච්ඤා කෙරුවා. පැය දෙකක් ගියාට පස්සේ එතැන හිටිය කෙනෙක් මෙහෙම කිව්වා. ‘පොත් ටිකත් අරන් මෙහෙන් යනවා. ආපහු ආවොත් ඉතුරු කරන්නේ නැහැ.’”අනතුරුදායක තත්වයන් මැද්දේ වුණත් සහෝදරයන් සභාවලට අවශ්‍ය පොත් පත් ලබා දුන්නා. පොත් පත් ජෝර්ජියාවට ගේන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු සහෝදර සාසා ජිකුරාස්විල් මෙහෙම කියනවා. “අපේ සහෝදරයන් මේ පොත් ලැබෙන කල් කොච්චර ආසාවෙන් බලන් ඉන්නවාද කියලා අපි හොඳට දන්නවා.”
ඇලෙකො තවදුරටත් මෙහෙම කිව්වා. “මේ පොත් පත් ගේන්න ගොඩක් වෙලාවට උදව් කෙරුවේ පවුල් වගකීම් තිබ්බ සහෝදරයන්.” ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන් කියලා දැන දැනත් ඒ සහෝදරයන් උදව් කරන්න ඉදිරිපත් වුණේ ඇයි? ඒ ගැන ඇලෙකො මේ විදිහට පැහැදිලි කළා. “යෙහෝවා දෙවි අපි ගැන කොච්චර සැලකිලිමත්ද! අපිටත් ඕනෙ ඒ වගේ සහෝදරයන් ගැන සැලකිලිමත් වෙන්න.”
රට ඇතුළේ අවුරුදු ගාණක් පුරාම ප්‍රශ්න තිබුණා. ඒත් අපේ සහෝදරයන්ගේ කැපවීම නිසා දිගටම සභාවලට අවශ්‍ය පොත් පත් ලැබුණා. ප්‍රශ්න ඉවර වුණාට පස්සේ ජර්මනියේ ඉඳන් ජෝර්ජියාවට පොත් පත් ගේන්න සහෝදරයන් ආරක්ෂාකාරී පාරවල් හොයාගත්තා.
නියම වෙලාවට ලැබුණ දිරිගැන්වීම
1995දී දේශපාලන අරගල අවසන් වුණාට පස්සේ සාක්ෂිකරුවන් මුල්ම වතාවට දිස්ත්‍රික් සමුළුවක් පවත්වන්න සැලසුම් කළා. 1996දී ගෝරි, මාර්නෙවුලී සහ ස්නෝරී යන ප්‍රදේශවල පවත්වපු සමුළුවලට ජෝර්ජියාවේ ඉන්න සහෝදර සහෝදරියන් 6,000ක් විතර සහභාගි වුණා.
ගෝරිවල පැවැත්තුව සමුළුවට සහභාගි වුණ අයට ඒක
අමතක නොවන අද්දැකීමක්. මුලදී මේ සහෝදරයන්ම තමයි යේසුස්ගේ මරණය සිහි කිරීමට ප්‍රමාණවත් සෙනඟක් එන්නේ නැති වෙයි කියලා හිතලා ලොකු ශාලාවක් කුලියට ගන්න බයෙන් හිටියේ. ඒත් පස්සේ එයාලාම ඊටත් වඩා ලොකු ශාලාවක් හෙව්වා. මොකද දිස්ත්‍රික් සමුළුවට 2,000කට වඩා එයි කියලා එයාලා බලාපොරොත්තු වුණා. අන්තිමේදී කඳුවලින් වට වුණ සුන්දර වටපිටාවක් තියෙන එළිමහන් භූමියක තමයි සමුළුව පැවැත්තුවේ.සමුළු කමිටුවේ කෙනෙක් වුණු සහෝදර කැකො ලොමිඩ්ස් මෙහෙම කියනවා. “සමුළුවෙන් පස්සේ සහෝදරයන් හරිම සතුටෙන් ගීතිකා කිය කිය ගොඩක් වෙලා එතැනම හිටියා. එයාලා හරිම එකමුතුයි. එයාලා එකිනෙකාට කොච්චර ආදරේද කියලා අපි දැක්කා.”—යොහ. 13:35.
සංවිධානයේ සැපයුම් වර්ධනයට දායක වෙයි
1996දී අලුත් වෙනසක් සිද්ධ වුණා. ඒ සංචාරක සේවකයෙක් එක සභාවක සතියක් පුරා නැවතිලා සේවය කිරීමේ සැලැස්මයි. දැනටමත් සේවය කරන සංචාරක සේවකයන් දෙන්නාට අමතරව තවත් සහෝදරයන් කිහිපදෙනෙක්ව අලුතෙන් පත් කළා.
සංචාරක සේවකයන් යෙහෝවා දෙවි සංවිධානය මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම්වලට අනුව වැඩකටයුතු කරගෙන යන්න සහෝදරයන්ව පුහුණු කළා. (1 තෙස. 1:3) ඒක සභාවල වර්ධනයට ගොඩක් උදව් වුණා. 1990 ඉඳන් 1997 දක්වා ලොකු වර්ධනයක් ඇති වුණා. 1990 හිටියේ ප්‍රචාරකයන් 904යි. ඒත් 1997 වෙනකොට ප්‍රචාරකයන් 11,082ක් කඩිසරව දේශනා සේවයේ හවුල් වෙමින් හිටියා.
අවුරුදු ගාණකට කලින් පටන්ගත්ත දේශනා සේවය යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් මුළු ජෝර්ජියාව පුරාම ව්‍යාප්ත වුණා. ජෝර්ජියාවේ සහෝදරයන්ට යෙහෝවා දෙවිගෙන් තවත් ආශීර්වාද ලැබුණා.