ජෝර්ජියාව
“යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.”—යෙසා. 54:17.
ජෝර්ජියාවේ සහෝදරයන් ශුභාරංචිය රට පුරාම දේශනා කරන්න ගත්ත මහන්සියට යෙහෝවා දෙවි නොඅඩුව ආශීර්වාද කරලා තියෙනවා. මේ නිසා ශුභාරංචිය රටේ හැම පළාතකම ඉන්න අයට අහන්න ලැබෙනවා.
මෑත කාලයක සාක්ෂිකරුවන් ජෝර්ජියාවේ කලාතුරකින් සේවය කරන ප්‍රදේශවලට යන්න විශේෂ වෑයමක් ගත්තා.
ෆෝ වීල් වාහන නැත්නම් කේබල් කුටි පාවිච්චි කරලා ඈත කඳුකර ප්‍රදේශවලට සහ දුෂ්කර ගම්මානවලට පවා යන්න එයාලා අමතක කළේ නැහැ.2009 ඉඳන් හැම අවුරුද්දකම ජෝර්ජියාවේ ශාඛා කාර්යාලයෙන් කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල ලැයිස්තුවක් සභාවලට යැව්වා. විවිධ කැප කිරීම් කරන්න සිද්ධ වුණත් හුඟක් අය ඒ ප්‍රදේශවලට ගිහින් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.
ටෙමූරි සහ ආනා බ්ලියාඩ්සේ අලුත විවාහ වුණු යුවළක්. එයාලා ගෙයක් හදන්න හිතාගෙන අලුතින් ඉඩමකුත් මිල දී අරගෙනයි තිබුණේ. ඒත් ඒ කාලෙදිම අජාරියා කඳුකරයේ වැඩි අවශ්‍යතාවක් තියෙනවා කියලා එයාලාට දැනගන්න ලැබුණා.
එයාලා මුලින්ම අජාරියා ප්‍රාන්තයේ සතියක් නැවතිලා සේවය කළා. ටෙමූරි ඒ ගැන මෙහෙම කියනවා. “ඒ පැත්තේ සහෝදරයන්ට ඈත ගම්මානවලට යන්න වුණේ පයින්. ඒ නිසා අපේ ෆෝ වීල් වෑන් එක ඒ පැත්තේ සේවයට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපිට හිතුණා.”
ආනා මෙහෙම කියනවා. “අපි හිටපු සභාවත් පවුලේ අයවත් දාලා ඈත පළාතකට යන එක අපිට ලේසි වුණේ නැහැ. ඒත් අපි ගන්න තීරණයට දෙවි ආශීර්වාද කරනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තිබුණා.” ටෙමූරි සහ ආනා දැන් අවුරුදු තුනක් තිස්සේ අජාරියා ප්‍රාන්තයේ කෙඩාවල කණ්ඩායමක් එක්ක සතුටින් සේවය කරනවා.
අලුත් විදිහට හිතපු පුරෝගාමීන්
තාවකාලික විශේෂ පුරෝගාමීන් දුෂ්කර ප්‍රදේශවල කරන සේවය හුඟක් වටිනවා. පැවරුම ඉවර වුණත් බයිබල් පාඩම් ගැනත් සහෝදරයන් ගැනත් හිතලා හුඟක් පුරෝගාමීන් ඒ ප්‍රදේශවලම නතර වෙන්න තීරණය කරලා තියෙනවා.
මන්ග්ලිසි කියන්නේ සුන්දර නගරයක්. එහේ සේවය කරන්න පැවරුම ලැබිලා තිබුණේ පුරෝගාමී සහෝදරියන්
දෙන්නෙක්ටයි. ඒ දෙන්නාගේම නම කටූනා. එහේ වෙන සාක්ෂිකරුවන් හිටියේ නැතත් මාස හතරක් යනකොට බයිබල් පාඩම් 18ක් පටන්ගන්න එයාලාට පුළුවන් වුණා. පැවරුම ඉවර වුණාට පස්සෙත් පාඩම් කරන අය ගැන හිතලා මේ දෙන්නා ඒ නගරේම නවතින්න තීරණය කළා.මන්ග්ලිසි නගරය පයින් ගෙඩිවලින් හදන විශේෂ ඖෂධීය තෙල් වර්ගයකට ප්‍රසිද්ධයි. ජීවත් වෙන්න අවශ්‍ය සල්ලි හොයාගන්න මේ සහෝදරියන් දෙන්නා ඒ තෙල් වර්ගය හදලා වෙළඳපොළේ විකුණුවා. ඒත් පස්සේ එයාලාට වෙන ක්‍රමයකින් සල්ලි හොයාගන්න පුළුවන් වුණා.
පාඩම් කරපු කෙනෙක් දවසක් එයාට හම්බ වුණු කුකුල් පැටව් කිහිපදෙනෙක්ව සහෝදරියන්ට ගෙනත් දුන්නා. එක සහෝදරියක් කලින් කුකුල්ලු ඇති කරලා තිබුණු නිසා ඒ දෙන්නා හිතුවා පොඩි කුකුල් කොටුවක් පටන්ගන්න. ඒකෙන් ලැබුණු ආදායමෙන් තමයි එදා ඉඳන් එයාලා ජීවත් වුණේ.
එක සහෝදරියක් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි අපිට
ගොඩක් උදව් කෙරුවා. සහෝදරයන්ගෙන් විතරක් නෙමෙයි බයිබල් ශිෂ්‍යයන්ගෙන් පවා අපිට උදව් ලැබුණා. ඒ නිසා අපිට පුළුවන් වුණා අවුරුදු පහක්ම මන්ග්ලිසි නගරයේ සේවය කරන්න.” දැන් එහේ දෙවිට සේවය කරන සහෝදර, සහෝදරියන් ඉන්න පුංචි කණ්ඩායමක් තියෙනවා.පුරෝගාමීන් වෙනත් භාෂාවලින් දේශනා කරයි
පහුගිය අවුරුදුවලදී ජෝර්ජියාවට වෙන රටවල්වලින් හුඟක් අය එන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා එහේ පුරෝගාමීන් එයාලාගේ සේවය පුළුල් කරන්න හිතාගෙන අරාබි, ඇසබයිජානි, ඉංග්‍රීසි, චීන, තුර්කි සහ පර්සියන් වගේ අලුත් භාෂාවන් ඉගෙනගන්න පටන්ගත්තා.
සමහර පුරෝගාමීන් වෙනත් භාෂා කතා කරන සභාවල සහ කණ්ඩායම්වල සේවය කරන්න ගියා. තවත් අය ගොඩක් කැප කිරීම් කරලා අවශ්‍යතාව තියෙන වෙනත් රටවල සේවය කරන්නත් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. වයස අවුරුදු 20 ගණන්වලදී ඒ විදිහට සේවය කරන්න ගිය දෙන්නෙක් තමයි ජියෝජි සහ ගේලා. ජියෝජි මෙහෙම කියනවා. “අවශ්‍යතාව තියෙන රටකට ආපු නිසා යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා.”
එහේ සේවය කරපු කාලය ගැන මතක් කරමින් ගේලා මෙහෙම කියනවා. “ඒ වගේ ප්‍රදේශයක වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු නිසා මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. යෙහෝවා දෙවි ඔහුගේ ‘කුඩා බැටළුවන්ව’ බලාගන්න මාව පාවිච්චි කළා කියලා දැනෙද්දී මට ලොකු සතුටක් දැනෙනවා.”—යොහ. 21:17.
ජියෝජි මෙහෙම කියනවා. “අපි එහේ සේවය කරද්දී එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒත් ඒවා ගැන හිත හිත ඉන්නේ නැතුව දිගටම සේවය කළා. යෙහෝවා දෙවි වෙනුවෙන් ඒ දේවල් විඳදරාගන්න එක අපේ යුතුකමක්.”
තුර්කියේ අවුරුදු කිහිපයක් සේවය කරපු ගේලා කියලා තවත් සහෝදරයෙක් මෙහෙම මතක් කරනවා. “ඒ රටේ භාෂාව දන්නේ නැති නිසා මුලදී මට සේවය කරන්න ලේසි වුණේ නැහැ. ඒත් පස්සේ ඒ භාෂාව ඉගෙනගෙන එහේ සහෝදරයන් එක්කත් සේවයේ හම්බ වෙන අය එක්කත් කතා කරන්න මට පුළුවන් වුණා. ඒ ගැන මට හරි සතුටුයි.”
අවුරුදු 10කට වඩා වැඩි කාලයක් තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සේවය කරපු නිනෝ මෙහෙම කියනවා. “එහෙට ගිය පළවෙනි දවසෙම යෙහෝවා දෙවි මගේ උදව්වට ඉන්නවා කියලා මට හැඟුණා. වෙන රටක සේවය කරනකොට හැම දවසකම අපි ලබන අද්දැකීම් හරිම විශේෂයි. ‘වාර්ෂික පොත්වල’ තියෙන අද්දැකීම් වගේ.”