අතේ ගෙනි යන්න පුළුවන් ලයිබ්‍රරි එකක්
2013 ඔක්තෝබර් 7වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය කියවන්න සහ අධ්‍යයනය කරන්න උදව් වෙන JW Library කියන ඇප් එක මුදාහැරියා. (මේ ඇප් එක සිංහලෙන් නැහැ.) කිසිම අය කිරීමකින් තොරව ලබාගන්න පුළුවන් මේ ඇප් එකට “කිං ජේම්ස් වර්ෂන්” සහ 2013දී සංශෝධනය කරපු ‘නව ලොව පරිවර්තනය’ ඇතුළු විවිධ ඉංග්‍රීසි බයිබල් පරිවර්තන හයක් ඇතුළත් කරලා තියෙනවා. *
මේ වගේ ඇප් එකක් හැදුවේ ඇයි?
දැන් මිලියන ගාණක් ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් වගේ උපකරණ පාවිච්චි කරනවා. ඒ නිසා jw.org කියන වෙබ් අඩවියෙන් බයිබලය කියවන්න සහ අධ්‍යයනය කරන්න ඒ අයට පුළුවන්. එහෙමනම් JW Library කියන ඇප් එක හැදුවේ ඇයි?
පළවෙනි හේතුව, මේ ඇප් එක ඉන්ස්ටෝල් කළාට පස්සේ ඒක පාවිච්චි කරන්න ආයෙත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනෙ නැහැ. දෙවෙනි හේතුව, මේ ඇප් එකෙන් පහසුවෙන් බයිබලය කියවන්න සහ ගැඹුරින් ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කොහොමද?
බයිබලය අධ්‍යයනයට කදිම ඇප් එකක්
JW Library එක ඕපන් කරපු ගමන්ම බයිබලේ තියෙන පොත් ටික දකින්න පුළුවන්. බයිබල් පොතක් සිලෙක්ට් කළාට පස්සේ ඒ පොතේ තියෙන පරිච්ඡේද ටික පෙන්නනවා. ඒ නිසා තත්පර කිහිපයකින් ඕනම බයිබල් පදයක් බලන්න පුළුවන්. ඒ වගේම මේ ඇප් එකේ බයිබලය අධ්‍යයනය කරන්න තවත් විශේෂාංග ගොඩක් තියෙනවා.
පාදසටහන්. බයිබල් පදයක තවත් විස්තර දැනගන්න උදව් වෙනවා
හරස් යොමු සටහන්. කියවන බයිබල් පදයට අදාළ තවත් බයිබල් පද හොයාගන්න පුළුවන්
සර්ච්. බයිබලේ ඇති ඕනම වචනයක් හෝ අදහසක් සර්ච් කරලා හොයාගන්න පුළුවන්
හැඳින්වීමක්. බයිබලේ හැම පොතක්ම පටන්ගනිද්දී ඒ පොත ගැන පොඩි විස්තරයක් තියෙනවා
බයිබල් පොත ලියපු ලේඛකයා, ලියපු කාලය සහ ස්ථානය. මේ විස්තර සඳහන් වගුවක් තියෙනවා
වර්ණවත් සිතියම්, වගු, කාල රේඛා සහ රූප සටහන්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අනික් ප්‍රකාශන වගේම මේ ඇප් එකත් කිසිම අය කිරීමකින් තොරව ලබාගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ ස්වේච්ඡා සම්මාදම්වලිනුයි. (2 කොරින්ති 9:7) දැනටමත් මිලියනයකට වඩා වැඩි වාර ගණනක් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඔබත් මේ වටිනා ඇප් එකෙන් ප්‍රයෝජන ගන්න.
^ 2 ඡේ. 2014 ජනවාරි මාසයේ මේ ඇප් එක අප්ඩේට් කළා. ඒ නිසා දැන් ඒකේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාවිච්චි කරන ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතත් ගීතිකා පොතත් තියෙනවා.