නිර්මාණයක්ද?
ගුවනේ ඈතට ඈතට පාවෙන ඩැන්ඩිලයන් බීජය
ඩැන්ඩිලයන් බීජයට ගුවනේ පියාසර කරන්න තියෙන හැකියාව හරිම විස්මිතයි. වේළුණ ඩැන්ඩිලයන් මලක් දිහාවට හුළඟක් හමපු ගමන් ඒකේ තියෙන බීජ රොත්තක්ම එක සැරේ ගුවන්ගත වෙනවා. හරියට පුංචි පුංචි පැරෂූට් වගේ. ඩැන්ඩිලයන් කියන මේ පුංචි පැළෑටිය කොච්චර පහතින් තිබුණත් ඒකේ බීජවලට පුළුවන් හුළඟේ එතිලා කිලෝමීටරයක් (සැතපුම් 0.6ක්) නැත්නම් ඊටත් වඩා ඈතට වුණත් පාවෙවී යන්න. ඒත් එච්චර වෙලාවක් ගුවනේ රැඳිලා ඉන්න මේ පුංචි බීජයට පුළුවන් කොහොමද? මෑතකදී විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා මිනිස්සු සාමාන්‍යයෙන් පාවිච්චි කරන පැරෂූට් එකකට වඩා මේ බීජයේ කාර්යක්ෂමතාවය හතර ගුණයකින් වැඩියි කියලා. ඒ වගේම මේ බීජ හුළගේ පාවෙද්දී වුණත් සමබරතාවය පවත්වාගන්නවා කියලා.
මේ ගැන හිතන්න: මේ හැම බීජයක්ම සුදු පාට, හරිම සියුම් කෙඳි විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. (Pappus) ඒ කෙඳි ක්‍රියා කරන්නේ හරියට පැරෂූට් එකක් වගේ. ඒ සියුම් කෙඳි නිසා ඒ බීජයට පුළුවන් එකපාරටම බිමට වැටෙන්නේ නැතුව සෑහෙන වෙලාවක් හුළගේ පාවෙවී ඉන්න.
හැබැයි මේ ඩැන්ඩිලයන් බීජවල කෙඳිවලින් තවත් විශේෂ කාර්යයක් වෙනවා. ඒ කෙඳි වටේට සහ කෙඳි අතරින් වාතය ගමන් කරද්දී ඊට උඩින් වායු සුළි ඇති වෙනවා. ඒ වායු සුළි නිසා එතන අවපීඩනයකුත් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බීජයේ කෙඳි ඉහළට ඇදගන්න නිසා බීජය පොළොවට වැටෙන්න තවත් පරක්කු වෙනවා.
අපි දන්නවා සාමාන්‍යයෙන් පැරෂූට් රෙද්දක හිඩැස් නැහැ, ඒක සම්පූර්ණයෙන්ම ආවරණය වෙලයි තියෙන්නේ කියලා. හැබැයි ඒ කෙඳි අතරේ 90%ක්ම තියෙන්නේ හිඩැස්. පිළිවෙළකට පිහිටලා තියෙන ඒ සියුම් කෙඳි නිසා ඒ බීජය සාමාන්‍ය පැරෂූට් එකකටත් වඩා හරිම කාර්යක්ෂමව, පාලනයකින් යුතුව ගමන් කරනවා.
පියාසර කරන්න ඩැන්ඩිලයන් බීජයට තියෙන මේ අපූරු හැකියාව අනුකරණය කරන්න පුළුවන් විදි ගැන අද ඉන්න විද්‍යාඥයන් පර්යේෂණය කරනවා. එයාලා හිතනවා ඒ තාක්ෂණය යොදාගෙන අවම බලශක්තියක් වැය වෙන එහෙම නැත්නම් කිසිම බල ශක්තියක් වැය නොවෙන කුඩා ඩ්‍රෝන නිෂ්පාදනය කරන්න. වායු දූෂණය ගැන තොරතුරු හොයලා බලන එක වගේ තවත් හුඟක් දේවල්වලට මේ ඩ්‍රෝන පාවිච්චි කරන්න එයාලා බලාපොරොත්තු වෙනවා.
ඩැන්ඩිලයන් බීජ සුළඟට විසිරෙන විදිහ බලන්න
ඔයාගේ නිගමනය මොකක්ද? පියාසර කරන්න ඩැන්ඩිලයන් බීජයට මේ අපූරු හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?